එළාර රජතුමා


අසේල රජු මරා දමා සිහසුන පැහැර ගත් එළාර මෙරටට පැමිණි දෙමළ ආක්‍රමණිකයකු වශයෙන් හැදින්වෙන අතර බු.ව.338 සිට 382 දක්වා හතළිස් හතර වසරක් ඔහු මෙරට පාලනය කළ බැව් වංශ කථාවල සදහන් වේ ඉහත තැනක සදහන් කළ පරිදි ඉන්දියාවේ මෙන් ම ලංකාවේද ඒ වන විට ඇති වී තිබූ දේශපාලන තත්ත්වය එළාරගේ පාලනය ස්ථාපිත කර ගැනීමට ඉවහල් වූවා විය හැකිය

එළාර බෞද්ධ පාලකයෙකු නොවූවද මහා වංශ ගත් කතුවරයා දක්වා ඇති අන්දමට ඔහු බෞද්ධ රජවරුන්ගෙන් පෙර චාරිත්‍ර අනුව යමින් මෙරට සම්මතය පරිදි ධාර්මික පාලනයක් ගෙන ගිය බවට කරුණු දක්වා තිබේ එසේම ඔහු යුක්ති සහගත පාලකයෙකු බැව් දැක්වීම පිණිස විවිධ අසාමාන්‍ය සිද්ධි ඇතුළත් කර ඉතිහාසය ගොඩ නගා ඇත දෙමළ සාහිත්‍ය කථා මෙම චරිතය ගොඩ නැංවීමට ඉවහල් වෙන්නට ඇතැයි උගත්තු මත පල කරති සිලප්පදිකාරම් කෘතියේ මනුනීති කණ්ඩ නම් රජෙකු විදි විඩංග නම් යුව රජු රියට යට කර මරණයට පත්කළ කතාව මෙහිදී සිහිපත් වන බැව් පෙන්වා දෙති

කෙසේ වුවත් අවි බලයෙන් රජකමට පත්වූවද ඒ වන විට මෙරට පැවැති බෞද්ධ සංස්කෘතියෙන් බැහැරව සම්මත බෞද්ධත්වයෙන් බැහැරව පාලනය ගෙන යාම අසීරු හෙයින් සිය අනුගාමිකයන් අතර බෞද්ධයන්ට ද විශේෂ ස්ථාන හිමි කර දී තිබුණි එළාරගේ ප්‍රධාන යෝධයා දීඝජන්තු සමනොළ කරුණා කළ අයෙකි නන්දිමිත්‍රගේ පියා ඔහුගේ සෙනෙවියෙකි සිංහලයන් මෙන්ම බෞද්ධයන් පහදවා ගැනීමේ උපක්‍රම අනුගමනය කිරීම නිසා ඔහුට වසර හතළිස් හතරක් පාලනය ගෙන යාමට හැකි විය

මෙහිදී පැහැදිලිව පෙනෙන දෙයක් නම් ප්‍රබල සිංහල බෞද්ධ බලවේගයක් රජ රටින් බිහිවීමට තිබූ අවකාශයක් එළාරගේ පාලන උපක්‍රම තුළ නොවීය එසේම ලංකාවේ විවිධ ප්‍රදේශවලින් සිය බලය ව්‍යාප්ත කර ගැනීමේදී එල්ල විය හැකි බාධක මැඩ පැවැත්වීමට පිණිස ඔහු මහවැලි නදී බඩ මෙන් ම කඳුකර පෙදෙස්වලද බලකොටු ඉදි කර ගත්තේය

කෙසේ වුවත් අවසානයේ බෞද්ධ නොවූ අනුගාමිකයෝ බෞද්ධ සිද්ධස්ථාන හා වෙහෙර විහාර අපවිත්‍ර කිරීම හා විනාශ කිරීම කරගෙන ගියහ මේ අනුව දේවානම්පිය තිස්ස රජු විසින් ගොඩනංවා තිබූ සිද්ධස්ථාන කෙළෙසීම ඔවුන් විසින් කරගෙන ගොස් ඇත මේ තත්ත්වය වර්ධනය වීම මත එළාර රජුගේ පාලනය කෙරෙහි තිබූ විශ්වාසය ජන සමාජයෙන් ගිලිහී යන්නට විය ඒ අනුව රජරට සිට රෝහණ දේශයට ඇදුණු බලවත් පිරිස් රජරට දේශයේ එක්සේසත් වෙමින් තිබූ ජාතික ව්‍යාපාරය හා එක්වීමට උනන්දු වූහ මෙහි අවසාන ප්‍රතිඵලය වූයේ දුටුගැමුණු රජු එළාරට විරුද්ධව බල සේන ගෙන සටනට පිවිසීය

ඔන්න එහෙනං මං ගියා

Leave a comment