ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා


දෙවන විමලධර්මසුරිය රජු මියගිය කල්හි වැඩි කාලයක් දුම්බර කුණ්ඩසාලේ වාසය කළ බැවින් කුණ්ඩසාලේ කුමාරයා යයි ප්‍රචලිතව සිටි රජුගේ 17 හැවිරිදි පුත් කුමාරයා හ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ නමින් රජ විය.ඔහුගේ බිසව ද නායක්කාර් කුමරියක වූ අතර ඇය උඩුමාලේ දේවී නම් විය.නරේන්ද්‍රසිංහ රජු රජවිම පිලිබඳව සෑහෙන රදල පිරිසක් නොසතුටෙන් සිටි අතර ඔවුන්ගේ අභිලාෂය වූයේ දෙවන විමලධර්මසූරිය රජුගේ යකඩ දොළියක්ගේ (දෙවන බිසව) පුත් පට්ටියේ බණ්ඩාර නැමැත්තා රජ කරවීමයි.

එම අදහස මුදුන්පත් කරගැනීම සඳහා මාතලේ,සතර කෝරළේ,ඌවේ,සත් කෝරළයේ, ආදී දිසාවේවරුන් ඇතුළු උසස් නිලධාරීන් 120 දෙනෙකු පමණ එක්වී කැරැල්ලක් ගැසූහ.ඔවුන්ගේ සැලැස්ම වූයේ මහ මළුවේ ඇත් පොරයක් සංවිධානය කොට රජු එය නැරඹීමට එනවිට මරා දැමීමය.එසේ වුව මහවාසල නිලධාරීහු කල්තියාම ඒ පිළිබඳව දැන රජුට දැන්වූහ.

උඩවත්ත කැලය මැදින් වටපුළුවට ගොස් මහවැලි ගඟින් එතෙරව පොද්දල්ගොඩ ගල් ලෙනක සැඟවී ජීවිතය ගලවා ගත් රජු පසුව තමාට හිතවත් මොණරවිල දිසාව,හිඳගල අදිකාරම,හුලංගමුවේ මොහොට්ටාල,මාම්පිටියේ බත්තරාළ,දස්කොන් රාළ ආදීන්ගේ සහායෙන් කැරැල්ල මැඬ පැවැත්තුවේ බණ්ඩාර ඇතුළු කැරලිකරුවන් මරා දමා ඔවුන් සතුව තිබූ පදවි හා ගම්බිම් රාජ පක්ෂිකයින් අතර බෙදා දුන්නේය.

රජුගේ ජීවිතය ගලවා ගැනීමට සහාය වූවන් අතර ප්‍රංශ ජාතික පියෙකුට දාව පෘතුගීසි ජාතික මවකට උපන් දස්කොන් නැමැත්තෙකු විය.ඔහු කුඩා කල සිටම රජුගේ මිතුරෙකු වූ අතර කැරැල්ලෙන් අනතුරුව ඔහු අදිකාරම් ධූරයට පත් කරන ලදී.එසේ වුව රජ බිසව සමඟ ඇති කරගත් අනියම් සබදතාවයක් හේතුවෙන් රජු ඔහු හිස ගසා මරා දැම්ම බව සඳහන් වේ.

රජු නායක්කාර් වංශිකයින් හා ළඟින් ඇසුරු කිරීම,සිංහල ප්‍රධානීන් කුමන්ත්‍රණය කිරීමට හේතුව වශයෙන් සැලකිය හැකිය.රජු තම බිසව වශයෙන් ගෙන්වා ගත් නායක්කාර් වංහික කුමරිය සමඟ පැමිණි ඇයගේ නෑදෑයින් මෙන්ම මිට ඉහත රජවරුන්ගේ නායක්කාර් වංශික බිසෝවරුන්ද නැදෑයින්ද මේ වන විට අඩරට රජ වාසල තුළ ප්‍රබල තත්ත්වයක් හිමිකරගෙන සිටියහ.තමන් සූරිය වංශිකයින් ලෙසින් හදුන්වා ගත් ඔවුහු සිංහලයින් හා ආවාහ විවාහවලටද සම්බන්ධ නොවී ඔවුන් සදහා වෙන්වු විධියක අහංකාර අයුරින් වෙනමම ජීවත් වූහ.එවුන්ගේ මෙම ක්‍රියා කලාපය හේතුවෙන් සිංහලයින් සතුව තිබූ බලතල අඩුවී සිංහලයින් රජු හා විරසක වු බව පෙනේ.

කුමන්ත්‍රනයෙන් පසුව රජු වඩ වඩාත් තම නායක්කාර් වංශික ඥාතින් හා සබඳතා පැවැත්වූවා පමණක් නොව සමහර කතෝලික පූජකවරුන්ට උඩරට ප්‍රෙද්හවල මිෂනාරි කටයුතුවල යෙදිමටද ඉඩ ප්‍රස්ථාව සලසා දුන්නේය.මෙවැනි හේතුන් මත සිංහල ප්‍රධානීන්ද,මහජනතාවද රජු හා තව තවත් විරසක වන්නට වූහ.ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ පාලන සමය තුළ කැපි පෙනෙන අයුරින් දැකිය හැකි දෙයක් වුයේ රාජ සභාව තුළ රජුට පක්ෂ හා විපක්ෂ වශයෙන් කොටස් දෙකක් බිහිවීමය.මේ සියලු කාරණා අඩරට රාජ්‍යෙය් පැවැත්ම දෙදරා යාමට හේතු වූවා මෙන්ම කනගාටුවටද කාරණයකි.

දෙවන විමලධර්මසූරිය රජුගේ පාලනයේ අවසන් සමයේදී උඩරට රජුගේ විදේහ වෙළඳ සබඳතාවලට අවහිර කිරීම සඳහා ලන්දේසීන් විසින් වසා දමන ලද වරායවල් යළි විවෘත කර ගැනීමට නරේන්ද්‍රසිංහ රජු අත්සාහ ගත්තද සඵල වූයේ නැත.රජු එයටබල කිරීමක් වශයෙන් උඩරට හා පහතරට දේහ සීමාවන්හි තිබු කඩවත් වසා දැමුවේය.එසේ වුව එයින්ද රජු බලාපොරොත්තු වූ දෙය ඉඩු වූයේ නැත.

රජුගේ ඊළඟ ක්‍රියාදාමය වූයේ ලන්දේසීන්ට එරෙහිව පහතරට කුරුදු තලන්නන් ලවා කැරලි ගැස්සවීමය.එසේ වුව ලන්දේසීන් ඒවා මැඩ කුරුදු තලන්නන්ගේ ඉල්ලීම ද ඉටුකලෙන් රජුගේ එම ප්‍රයන්තය ද බිද වැටුණි.ක්‍රි.ව.1739 දී ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු මියගිය අතර කොනප්පු බණ්ඩාරගෙන් ඇරඹි උඩරට සිංහල රාජවංශයෙහි නිමාවද එයින්ම සනිටුහන් විය.

සංගීතය දන්නව අය දන්නව ඇති මේ රජු කාලයෙදි තමයි ප්‍රහස්ති.වන්නම් ආරම්බ වුනේ.තවත් දවසකින් හමුවෙමු

දෙවන විමලධර්මසූරිය රජතුමා


ක්‍රි.ව.1687 දී දෙවන රාජසිංහ රජුගේ ඇවෑමෙන් රාජ්‍යත්වයට පත්වූයේ ඔහුගේ පුත් විමලධර්මසූරිය කුමරුය.ක්‍රි.ව.1664 දී අඹන්වෙල රාළගේ නිල්ලඹේ කැරැල්ලෙන් පසු රාජ අණින් රජුට සිටි එකම පුත් කුමරුවා මරා දමන ලදැයි ප්‍රචලිත වියතක්‍රි.ව.1667 දී එම පුවත ලන්දේසීන් වෙතද නිල වශයෙන් වාර්තා කරන ලදි.එසේ වුව සිදුවී තිබුණේ වෙනත් දෙයකි.තමාගේ විරුද්ධකාරයින්ගේ අතකොළුවක් බවට පත්වෙනු වැළැක්වීම සඳහා දෙවන රාජසිංහ රජු තම පුත් කුමරා ඉතා රහසිගතව බෞර්ධ විහාරයකට යවා එහි ආරක්ෂිතව හැදී වැඩීමට සැලැස්වූයේය.ක්‍රි.ව.1687 දෙසැම්බර් මාසයේ දෙවන රාජසිංහ රජුගේ මරණය තෙක් මේ පිළිබඳව දැන සිටියේ ඉතා ටික දෙනෙකු පමණි.

ඒ අනුව 1687 දෙසැම්බර් මාසයේදී දෙවන විමලධර්මසූරිය නමින් අභිෂේක කරනු ලැබුයේ එම පුත් කුමරාය.ඒ වන විට තලතුනා පුද්ගලයෙකු වශයෙන් වැඩී සිටි හෙතෙම දිර්ඝ කාලයක් තිස්සේ භික්ෂූන් ඇසුරේ හැදී වැඩීම හේතුවෙන් ස්වභාවයෙන්ම සාමකාමී අයෙකු විය.ඔහු ලන්දේසීන් සමග වුව සටන් කිරීමෙහි ඒ තරම් රුචි බවක් දැක්වූ අයෙක් නොවේ.ඔහුගේ නිවුණු සාමකාමී ගතිගුණවලින් ප්‍රෙයා්ජනගත් උඩරට ප්‍රධානීහු ඔහුගේ පාලනයේ අවසාන කාලයේදී තමන්ගේ බලතල පුළුල් කරගත්හ.

බුදුදහම සඳහා ඇල්මෙන් කටයුතු කළ හෙතෙම සංඝයා වහන්සේලාට අවශ්‍ය දේ නොපිරිහෙලා සපයා දුන් අතර දළදාව වඩා හිදුවීම සඳහා තෙමහල් දළදා මැදුරක් ද කරවූයේය.ක්‍රි.ව.1697 දී උපසම්පදාව නැවත පිහිටුවීමට කටයුතු කළ හෙතෙම වෙහෙර විහාර අලුත්වැඩියා කොට ගම්බිම් ආදියද පිදීය.උපසම්පදාව පිහිටුවීම සඳහා පේගු දේශය හෙවත් පහළ බුරුමයෙන් භික්ෂූන් වහන්සේලා වැඩම වූ අතර උන්වහන්සේලා ආරක්ෂා සහිතව උඩරටට ගෙන ඒමේ කාර්යය ලන්දේසීන් වෙත පැවරුණු අතර ඔවුන් එය සතුටින් ඉටු කිරීමද විශේෂයෙන් සැලකිය යුක්තකි.

රජු තමාගේ පාලනය ආරම්භයේදීම ලන්දේසීන් හා සාක්ච්ඡජ කොට ගැටුම් ඇති නොවීමේ තත්ත්වයක් උදාකර ගත්තද දෙවන විමලධර්මසූරිය රජු මෙන් රණශූරයෙකු හෝ කාර්යශූර අයෙකු නොවීය.තම පිය රජු අනුගමනය කළ මොහුද මදුරාපුරයෙන් කුමරියක ගෙන්වා අගමෙහෙසිය කර ගත්තේය.

මොහුගේ සමයේදී සිදුවූ තවත් විශේෂිත සිදුවීමක් මෙසේය.ලන්දේසීන්ගේ සේවයේ නියුතුව සිටි ජා නායකයෙක් පිරිවර ගෙන මහවැලි ගඟේ මෝය දෙසින් ගමන් අරඹා ගග දෙපස පෙදෙස්වල තිබූ පුරාණ දාගැබ් බිඳ නිධන් වස්තු සොරා ගනිමින් ඉහළට ගමන් ගත්තේය.ඔහු සහ පිරිස මහියංගණය තෙක් ආ බව දැනගත් දෙවන විමලධර්මසූරිය රජු සෙනෙවිවරුන් සය දෙනෙකු යටතේ සේනා යවා ඔවුන් සියලු දෙනාම අල්ලා සිරභාරයට ගැනීමට කටයුතු කළේය.ක්‍රි.ව.1707 ජුනි 04 දා දෙවන විමලධර්මසූරිය රජු මරණයට පත්විය.

තවත් ලිපියකින් හමුවෙමු.බුදු සරණයි!

කාශ්‍යප කේශධාතු නායක


ලෝකේෂ්වර සෙනෙවියා මරණයට පත්වීමෙන් පසු පාලනය භාරගත්තේ කවරෙක්ද?යනු පැහැදිලි නොවේ.එහෙත් විජයබාහු රජුගේ මූලික ප්‍රවෘත්තිය ප්‍රකාශ කරන මහාවංසයලකේශධාතු නායක කාශ්‍යප නම් අයකු කතරගම සිට රෝහණයේ පාලනය ගෙනගිය බව සඳහන් කරයි.එනිසා පැහැදිලි වන්නේ ලෝකේෂ්වර සෙනෙවියාගේ අභාවයෙන් හිස්වූ තැනට කේශධාතු නායක කාශ්‍යප පත්වූ බවයි.මොහු ගැනද විස්තරයක් ලේඛනවල සඳහන් වී නැත.

කාශ්‍යප රෝහණයේ පාලනය ගෙනයන බව දැනගත් සොළීහු ඔහුට විරුද්ධව සටනට පැමිණියහ.මේ වනවිට බලවත්ව සිටි කේශධාතු නායක තෙමේ ඔවුන්ට විරුද්ධව සටන් කළේ සොළී සෙනග පලවා හැර රක්ඛපාසාණ සීමා දක්වා බලය පතුරුවා ආරක්ෂා විධිවිධාන සලසා කතරගමට ගියේය.ඔහු ලැබු ජයෙන් ඔද වැඩී බව මහාවංසය කියයි.ඉහත කියූ රක්ඛපාසාණ යනු වර්තමාන රක්වානයි.

විජයබාහු කුමරුගේ පක්ෂයට කේශධාතුනායක විරුද්ධව සිටි බව පෙනේ.මහජනතාවද ඔහුට අවනත නොවී කුමරුගේ පක්ෂය ගත්තේයමෙයින් පැහැදිලි වන්නේ නායකත්වයක් නැතිව සිටි රෝහණ ජනතාව සොළීන්ට විරුද්ධව ආ ඕනෑම නායකයකු වටා තාවකාලිකව එක් වුවද නීත්‍යානුකූල නායකයනු හමුවේ ඔහුට සහාය වීමට පෙරමුණ ගත් බවයි.කාශ්‍යප,විජයබාහු කුමාරයාට එරෙහිව සේනාව ගෙන සිප්පත්ථල නම් පෙදෙසට පැමිණි නමුත් සටන් කිරීමට නොහැකිව බදිරංගණියට පලා ගියේය.විජයබාහු කුමාරයා කතරගම ගියේය.

ඉහත සඳහන් සිද්ධි සිදුවෙද්දී පලාගොස් සිටි කේශධාතු නායකා සේනාව ගෙන කුමාරයාට විරුද්ධව කතරගමට ළඟා විය.මෙහිදී ඇති වූ යුද්ධයේදී කේශධාතු නායකයා මරණයට පත්විය.මහාවංසය දක්වන හැටියට ඔහුගේ පාලන කාලය මාස හයකි.

පස්වන මහින්ද රජු සොළීන් විසින් අල්ලාගෙන යාමෙන් පසුව මහජනතාවගේ බලාපොරොත්තුව වූයේ වික්‍රමබාහු කුමාරයාව ආරක්ෂා කරගෙන අනාගතයේදී රටේ ස්වාධීනත්වය උදෙසා ක්‍රියාත්මක වීමය.එහෙත් අභ්‍යාගයකට මෙන් කුමාරයා මියගිය බව අපි දනිමු.මේ නිසා මහජනතාවගේ බලාපොරොත්තුව සුන්වී යාමට මග පෑදුණු නමුදු එවුන් කිසියම් ඉලක්කයක් වෙත යොමුවී සිටි බවට සැක නැත.මේ කාරණය දෙයාකාරයෙන් වික්‍රහ කළ හැකිය.

පළමුව සොළීන්ගෙන් තව ස්වාධීනත්වය දිගටම පවත්වා ගැනීමේ අරමුණ රෝහණ වැසියන් තුළ පැවතිනි.ඒ සඳහා ඔවුහු බලයට නායකයන් මගින් එය පවත්වාගෙන යාමට තැත් කළහ.කිත්ති රජුගේ සිට ලෝකේශ්වර සෙනෙවි දක්වා නායකත්වයට ඔවුන් සහය දුන්නේ එහෙයිනි.සොලීන් වරින් වර රෝහණයට කඩාවදින විට ඔවුන්ට මුහුණ දීමට තමන්ගේ ප්‍රබලයකු අනිවාරයෙන්ම අවශ්‍යව තිබුණේය.කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ මේ නායකයන් පිළිගත්තේ ඒ නිසායයි සැලකිය හැකිය.එබදු අවස්ථාවකදී මහජනයා නායකයා වටා එක් රොක් වී සිටි බව පෙනේ.එහෙත් බලකාමය නිසා නායකයන් අතර ජාතික අරමුණු අරභයා එකමුතු බවක් නොවීය.මේ නිසා නායකයන් සමහරෙකු සොළීන් අතින් මරණයට පත්වූ අතර සමඑරෙක් ඔවුනොවුන් මරණයට පත්කරමින් බලය ලබා ගැනීමට ක්‍රියා කළේය.සොළින්ගෙන් සිදුවූ හානිය මෙන්ම මේ නායකයන් අතර වූ අරගල නිසා සොළීන් පළවා හැරීමට තිබූ ශක්තිය දුර්වල විය.යුද නිසා ජනතාව මියගිය අතර ධන හානියද සිදුවිය.විශේෂ ආර්ථික සංවර්ධනයක් ඇති වූ බව නොපෙනේ.

දෙවනුව රජරටෙහි පැවති සොළී පාලනයත්,සොළීන් වරින් වර රෝහණයට කඩා වැදීමත් ,ඒ අතර රෝහණයේ සිටි ජනනායකයන් අතර පැවති බල අරගලයත් නිසා ජනතාව හැම අතින්ම මිරිකී විපතට වැටී සිටියේය.එහෙත් සියලු ක්‍රියාමාර්ගයන් තුළීන් ජාතියේ ස්වාධීනත්වය රැක ගැනීම පිණිස ඔවුන් යහපත් පාලකයකු ප්‍රාර්ථනා කරමින් සිටියාට නම් සැක නැත.

ඔන්න අපි ගියා

ලෝක හෙවත් ලෝකේෂ්වර සෙනෙවියා


පරාක්‍රම පාණ්ඩ්‍ය රජු සොළීන් විසින් මරණයට පත් කරන ලද පසු පාලනය බාරගන්නා ලද්දේ ලෝක නම් සෙනෙවියෙකි.සිංහල ග්‍රන්ථවල ඔහු සඳහන් වන්නේ ලෝකේෂ්වර නමිනි.ඔහුද කාගේ කවරෙක්ද යනු දැනගැනීමට කිසි තොරතුරක් ලේඛනවල සඳහන් වී නැත.මකඛකුදෑස වාසියෙකු බවත් සෙනෙවිනායකයෙකු බවත් චාරිත්‍රවිධියෙහි දක්ෂයකු බවත් මහාවංසය දක්වයි.

ලෝකේෂ්වර සෙනෙවියා සොලීන් මර්දනය කර කතරගම සිට රට පාලනය කළ බව විස්තර වේ.ඔහුගේ රාජ්‍ය කාලය වර්ෂ හයකට සීමා වූ බව කියැවේ.වික්‍රමබාහු රජුගෙන් පසු මේ කාලය තුළ රෝහණය පාලනය කළ රජවරුන් අතුරින් ලෝකේෂ්වර සෙනෙවියා වැඩි කලක් ජීවත් විය.මෙයින් පෙනි යන්නේ ඔහු මහජන ප්‍රසාදය එක්තරා ප්‍රමාණයකට දිනාගෙන ක්‍රියා කළ බවය.

මහා විජයබාහු පුවතට සම්බන්ධ වන බුද්ධරාජ සෙනෙවියා ලෝකේශ්වරට විරුද්ධව සිටියකු බවද පෙනේ.කීර්ති කුමාරයා ගැන තොරතුරු එළිදරව් වන විට ඔහු කෙරෙහි විශ්වාසය තැබූ ජනනායකයන් අනෙකුත් නීත්‍යානුකූල රාජ උරුමයක් නැති රෝහණ පාලකයන් අතහැර කීර්ති කුමාරයා වටා එක්වීමක් සිදුවෙමින් පැවත බව මෙයින් අනාවරනය වෙයි.

මේ නිසා ලෝකේශ්වර කීර්ති කුමාරයාට එරෙහිව සටනට එළඹීයේය.බෝධිවාල,ච්ණ්ණසාල,රෝමුණසේල යන තැන්වල දෙපිරිස අතර සටන් විය.මේ හැම තැන දීම ලෝකේෂ්වර පරාජයට පත්විය.මෙයින් පසු යුද්ධ කිරීමේ ආශාව අතහැර දැමූ ලෝකේශ්වර හයවන රාජ වංශයේදී මිය ගියේය.

ඔන්න අපි ගියා.බුදු සරණයි!!!

පරාක්‍රම පාණ්ඩ්‍ය මහරජතුමා


වැරදිලා වටහාගන්න එපා මේ පොළොන්නරුවෙ පරාක්‍රම රජතුමා නෙමෙයි රුහුණෙ සොළී පාලන කාලයේ රජකරපු රජකරපු රජකෙනෙක්.ඔන්න අද හන්තර් වැඩ දාන්නෙ නැතුව වැඩේට බහිමු.

ජගත්පාල රජු සොළීන් විසින් මරණයට පත් කරන ලද අරාජික වූ රෝහණයේ රජ බවට පත්වූයේ මුලින් දක්වන ලද වික්‍රමපාණ්ඩ්‍ය රජුගේ පුත්‍රයා වූ පරාක්‍රම කුමාරයයා.සිය පියා ජගත්පාල රජු සමඟ පැවති සටනේදී දිවි පුදද්දී සිය දිවි රැකගැනීම සඳහා ඔහු සැඟවී යන්නට ඇත.ඔහු විදේශ රටකට ගිය බවක් සඳහන් නොවේ.ජගත්පාල රජුගෙන් පසු රජකමට පත්වූ පරාක්‍රම දේවර්ෂයක් රෝහණය පාලනය කළ පසු සොලීහු ඔහුද අල්ලා මැරූහ.

මුලින් අවස්ථාවක පෙන්වා දුන් අන්දමට මණිමංගලම් ලිපියෙහි සොළීන්ගෙන් විනාශ වුණු ශ්‍රී වල්ලභ මදන රාජ නම් අයකු ගැන කියවෙයි.සිංහල පොත්වල එබදු නමක් නොදැක්වේ.එහෙත් මහාවංසය දක්වන පරාක්‍රම පාණ්ඩ්‍ය රජු මෙයින් අදහස් කරතැයි පැහැදිලි කර ඇත.

වික්‍රමපාණ්ඩ්‍ය හා පරාක්‍රම පාණ්ඩ්‍ය,පාණ්ඩ්‍ය වංශිකයන් බවට සැක නැත.සොළින්ගෙන් පහර වැදුණු පාණ්ඩ්‍ය කුමාරවරුන් සිංහලයන් සමඟ මිත්‍රව සිටින්නට ඇති බවත් ලංකාවේ සොලීන් මැඩීමට ඔවුන් ක්‍රියා කරන්නට ඇති බව පෙනේ.

ඔන්න අපි ගියා.බුදු සරණයි!

ජගත්පාල මහරජතුමා


වික්‍රමපාණ්ඩ්‍ය රජු මරණයට පත්කර ජගත්පාල නම් තැනැත්තා රජකමට පත්විය.අපේ ලේඛනවල මෙසේ සඳහන් වුවද මණිමංගලම් සෙල්ලිපියෙහි දක්වා ඇත්තේ වික්‍රමපාණ්ඩ්‍ය රජු සොළීන් විසින් මරණ ලද බවකි.මෙතෙම රාම ගෝත්‍රෙයහි උපන්අයෙක් බව මහාවංසය දක්වයි.එහෙත් එබඳු ගෝත්‍රයක් මේ රටට ආවේණික නොවේ.ඔහු පැමිණියේ අයෝධ්‍යා පුරයේ බවද වංසකථා කියයි.මෙසේ වුවද පළමුවන විජයබාහු රජුගේ තොරතුරු විස්තර කරද්දී මහාවංසය ජගත්පාල රජුගේ දියණිය වූ ලීලාවතී කුමරිය සරණ කර ගත් බව තහවුරු වූයෙන් බිසොව ලෙස අභිෂේක කරන ලද බවද මෙහිලා දැක්වේ.

ජගත්පාල රජු අයුජ්ජපුරයෙන් පැමිණි බව සඳහන්ය.මේ ගැන සොයා බැලීමට ඇති සාධක විරල වේ.අයුජ්ජ යන පාලි වචනය සංස්කෘත භාෂාවෙන් අයෝධ්‍ය යනුවෙන් සිටී.අයෝධ්‍ය යනුවෙන් නගරයක් ගැන රාමායණයෙන් සඳහන් වෙයි.එය කේශල දේශයට අනුරූපීය.රාම රජුගේ වාසභූමිය ලෙස අයෝධ්‍යා නගරය එම ග්‍රන්ථයෙහිම විස්තර කර තිබේ.ලංකාවේ රජවරුන් ඉන්දියාවේ අයෝධ්‍යායෙහි සුර්යය වංශික ඉක්ෂ්වාකු වංශයට නෑකැම් කී බව මහාචාර්ය සෙනරත් පරණවිතාන කියයි.මුලින් සඳහන් කරන ලද මණිමංගලම් ලිපියෙහි කණ්ණකුච්චියෙන් පැමිණි වීරසලාමෙඝන් නම් කුමාරයෙකු සොළීන් විසින් මරාදමන ලද බවත් ඔහුගේ ඥාතීන්ට ඔවුන් හිරිහැර කරන ලද බවත් එම ලිපියෙහිම පැහැදිලි කර තිබේ.මෙබඳු රජකු පිළිබඳව අපේ ලේඛනවල නොදැක්වෙයි.එහෙත් සමාන විස්තරය අනුව පෙනී යන්නේ වීරසලාමේඝ යනුවෙන් සොළීන් දක්වා ඇත්තේ මහාවංසයයෙහි එන ජගත්පාල රජුම බවයි.

අයුජ්ජ නම් වචනය තමත් විදියකින් විස්තර කළ හැකිය.සියම් රාජ්‍යෙයහි පැරණි අගනුවර වූ අයුධ්‍යා නම් වේ.එම සම්පූර්ණ නම ද්වාර්වතී ශ්‍රී අයුධ්‍යා වේ.දැනටද මේ නම එහි භාවිතා වේ.පාලි මහාවංසය අයුජ්ජපුර නමින් හැදින්වූයේ සියමෙහි වූ මේ නගරය නම් ජගත්පාල පැමිණියේ මේ ප්‍රෙද්ශයෙහි සිට යැයි අළුත් අර්ථ විග්‍රහයක් කළ හැකිය.ද්වාරතිය ඉන්දියාවෙහිද පැවති පැරණි නගරයකි.මේ නාමයද අපේ ඉතිහාසයට අලුත් දෙයක් නොවේ.අපේ සෙල්ලිපිවල සඳහන් වන තවරකිය යනු එහි ප්‍රකෘත සිංහල රූපයයි.අතීතයේ සිටම සියම්-ලංකා සම්බන්ධය හොදින් පැවති බව පෙනෙන බැවින් ලංකාවට සොළී උවදුරු පැමිණි වකවානුවෙහි සිංහල කුමාරයන්ට ඉන්දියාව ආරක්ෂක ස්ථානයක් නොවූ බැවින් සොළීන්ගෙන් ආරක්ෂාවීම පිණිස ඔවුන් සියම් දේශයේ පිහිට පැතීමටද ඉඩ තිබේ.අයෝධ්‍යා නගරය ගොඩනැගූ කාලවකවානුව පොළොන්නරුව කාලයෙන් මදක් මොබට වැටෙන බැවින් කාලය පිළිබඳ ප්‍රශ්නයක් තිබේ.එහෙත් ද්වාරතිය ඊට පැරණි බව සැලකිය හැකිය.

ජගත්පාලට වික්‍රමපාණ්ඩ්‍ය රජු මරණයට පත් කිරීමට හැකි වූයේ කෙසේද යනු ගැටළුවකි.ඔහු පිටරටකින් සේනාවක් ගෙන ආවේ නැත.වික්‍රමපාණ්ඩ්‍ය මේ රටේ කුමාරයෙක්ද නැත්නම් වෙන රටක අයෙක්ද යන්න පැහැදිලි නැත.මහාවංසය ඒ ගැන දක්වන්නේ බියෙන් සිය රට හැර ගිය අයෙකු යනුවෙනි.සියරට යනු ඒ ගැන නිශ්චිත අර්ථයක් නොදේ.ඔහු රජකම් කළේද මීට පෙර රජවරුන් විසූ කතරගම සිට නොවේ.ඔහුගේ රාජ්‍ය කාලය වර්ෂයක් වූ බව අපි දනිමු.ඔහු මරණයට පත් කළ ජගත්පාල වර්ෂ හතරක් රෝහණයේ රාජ්‍ය කළේය.ජගත්පාල රජු රෝහණ වැසියන්ගේ ඉල්ලීමක් අනුව මෙහි පැමිණියේදැයි සමහරු අනුමාන කරති.ඔහුට රෝහණයෙහි ජනයාගේ පක්ෂපාතීත්වය බොහෝ දුරට ලැබී තිබූ බව පැහැදිලි වෙයි.ඔහු කතරගම රාජධානිය කරගන්නට ඇත.එහෙත් විද්‍යොදය විශ්වවිද්‍යාලයේ හිටපු ඉතිහාස මහාචාර්ය හාන්දුපැල්පොල පඤ්ඤරතන නාහිමියන් පවසන්නේ ඔහුද කාලතිත්ථයෙහි සිටිමින් රාජ්‍ය විචාල බවය.

සොළීහු නැවතත් රුහුණ ආක්‍රමණය කළහ.ජගත්පාල රජු ඔවුන්ට මුහුණු දුන්නද ජයගත නොහැකි විය.සොළීහු රජු අල්ලා මැරූහ.එපමණක් නොව ඔහුගේ බිසොව හා දියණිය වූ ලීලාවතී කුමරියද අල්ලාගෙන කොල්ලකාගත් සාරධනයද ද සොළී දේශයට යැවූහ.රෝහණය අරාජික විය.

හා කොහොමද ඔන්න තවත් ලිපයක අවසානය.බුදුසරණයි

වික්‍රමපාණ්ඩ්‍ය මහරජතුමා


පොළොන්නරුව සොළීන් යටතට පත්වී රටේ ස්වාධීනත්වය උදෙසා රෝහණ වාසීන් විමුක්ති අරගලයට පෙළ ගැසීගෙන එන කාලයෙහි වික්‍රමපාණ්ඩ්‍ය නම් කුමාරයෙක් දුලූදුපතට ගොස් රැකවරණය ලැබ සිටියේය.ඔහු කාගේ කවරෙකුදැයි පැහැදිළි නැතත් මුලින් දුටු මහාලානකිත්ති රජුගේ පුතෙකුයැයි විශ්වාස කෙරෙයි.මේ යුගයේ සොළීන්ගේ ප්‍රහාර වරින් වර රෝහණ දේශයට එල්ල වූ බැවින්ද මෙහි රාජකුමාරවරුන්ගේ ආරක්ෂෘව සහතික නොවූ බැවින්ද,ඔවුහු වෙන වෙනම දේශවලට සැඟවී යන්නට ඇත.වික්‍රමපාණ්ඩ්‍ය කුමරුද එබදු අයෙක් විය යුතුය.ඔහු මුලින් සඳහන් කළ අන්දමට මහාලානකිත්ති රජුගේ පුත්‍රෙයකු නම්,සිය පියා තම පුත්‍රයා ආරක්ෂාව පිණිස විදේශයකට යැව්වා විය හැකිය.කෙසේ නමුත් දිවයිනෙහි තත්ත්වට ඔහුට දැනගන්නට ලැබුණි.එබැවින් හෙතෙම මෙහි පැමිණ රාජ්‍යයට පත් වූයේය.වික්‍රමපාණ්ඩ්‍ය රජුගේ මධ්‍යස්ථානය වූයේ කාලතිත්ථ නම් පෙදෙසයි.මේ ගැන මතභේද තිබේ.සමහරුන් එය කළුතර යැයි සලකන අතර සමහරු කල්තොට හැටියටද ගනිති.ඔහුට රෝහණය පාලනය කළහැකි වූයේ වර්ෂයක් පමණ කාලයකි.ජගත්පාල නම් කුමාරයෙක් ඔහු මරණයට පත් කළේය.

මේ රජතුමාල ගැන වැඩිය නැහැ.අපි ගියා බුදුසරණයි!