කාශ්‍යප කේශධාතු නායක


ලෝකේෂ්වර සෙනෙවියා මරණයට පත්වීමෙන් පසු පාලනය භාරගත්තේ කවරෙක්ද?යනු පැහැදිලි නොවේ.එහෙත් විජයබාහු රජුගේ මූලික ප්‍රවෘත්තිය ප්‍රකාශ කරන මහාවංසයලකේශධාතු නායක කාශ්‍යප නම් අයකු කතරගම සිට රෝහණයේ පාලනය ගෙනගිය බව සඳහන් කරයි.එනිසා පැහැදිලි වන්නේ ලෝකේෂ්වර සෙනෙවියාගේ අභාවයෙන් හිස්වූ තැනට කේශධාතු නායක කාශ්‍යප පත්වූ බවයි.මොහු ගැනද විස්තරයක් ලේඛනවල සඳහන් වී නැත.

කාශ්‍යප රෝහණයේ පාලනය ගෙනයන බව දැනගත් සොළීහු ඔහුට විරුද්ධව සටනට පැමිණියහ.මේ වනවිට බලවත්ව සිටි කේශධාතු නායක තෙමේ ඔවුන්ට විරුද්ධව සටන් කළේ සොළී සෙනග පලවා හැර රක්ඛපාසාණ සීමා දක්වා බලය පතුරුවා ආරක්ෂා විධිවිධාන සලසා කතරගමට ගියේය.ඔහු ලැබු ජයෙන් ඔද වැඩී බව මහාවංසය කියයි.ඉහත කියූ රක්ඛපාසාණ යනු වර්තමාන රක්වානයි.

විජයබාහු කුමරුගේ පක්ෂයට කේශධාතුනායක විරුද්ධව සිටි බව පෙනේ.මහජනතාවද ඔහුට අවනත නොවී කුමරුගේ පක්ෂය ගත්තේයමෙයින් පැහැදිලි වන්නේ නායකත්වයක් නැතිව සිටි රෝහණ ජනතාව සොළීන්ට විරුද්ධව ආ ඕනෑම නායකයකු වටා තාවකාලිකව එක් වුවද නීත්‍යානුකූල නායකයනු හමුවේ ඔහුට සහාය වීමට පෙරමුණ ගත් බවයි.කාශ්‍යප,විජයබාහු කුමාරයාට එරෙහිව සේනාව ගෙන සිප්පත්ථල නම් පෙදෙසට පැමිණි නමුත් සටන් කිරීමට නොහැකිව බදිරංගණියට පලා ගියේය.විජයබාහු කුමාරයා කතරගම ගියේය.

ඉහත සඳහන් සිද්ධි සිදුවෙද්දී පලාගොස් සිටි කේශධාතු නායකා සේනාව ගෙන කුමාරයාට විරුද්ධව කතරගමට ළඟා විය.මෙහිදී ඇති වූ යුද්ධයේදී කේශධාතු නායකයා මරණයට පත්විය.මහාවංසය දක්වන හැටියට ඔහුගේ පාලන කාලය මාස හයකි.

පස්වන මහින්ද රජු සොළීන් විසින් අල්ලාගෙන යාමෙන් පසුව මහජනතාවගේ බලාපොරොත්තුව වූයේ වික්‍රමබාහු කුමාරයාව ආරක්ෂා කරගෙන අනාගතයේදී රටේ ස්වාධීනත්වය උදෙසා ක්‍රියාත්මක වීමය.එහෙත් අභ්‍යාගයකට මෙන් කුමාරයා මියගිය බව අපි දනිමු.මේ නිසා මහජනතාවගේ බලාපොරොත්තුව සුන්වී යාමට මග පෑදුණු නමුදු එවුන් කිසියම් ඉලක්කයක් වෙත යොමුවී සිටි බවට සැක නැත.මේ කාරණය දෙයාකාරයෙන් වික්‍රහ කළ හැකිය.

පළමුව සොළීන්ගෙන් තව ස්වාධීනත්වය දිගටම පවත්වා ගැනීමේ අරමුණ රෝහණ වැසියන් තුළ පැවතිනි.ඒ සඳහා ඔවුහු බලයට නායකයන් මගින් එය පවත්වාගෙන යාමට තැත් කළහ.කිත්ති රජුගේ සිට ලෝකේශ්වර සෙනෙවි දක්වා නායකත්වයට ඔවුන් සහය දුන්නේ එහෙයිනි.සොලීන් වරින් වර රෝහණයට කඩාවදින විට ඔවුන්ට මුහුණ දීමට තමන්ගේ ප්‍රබලයකු අනිවාරයෙන්ම අවශ්‍යව තිබුණේය.කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ මේ නායකයන් පිළිගත්තේ ඒ නිසායයි සැලකිය හැකිය.එබදු අවස්ථාවකදී මහජනයා නායකයා වටා එක් රොක් වී සිටි බව පෙනේ.එහෙත් බලකාමය නිසා නායකයන් අතර ජාතික අරමුණු අරභයා එකමුතු බවක් නොවීය.මේ නිසා නායකයන් සමහරෙකු සොළීන් අතින් මරණයට පත්වූ අතර සමඑරෙක් ඔවුනොවුන් මරණයට පත්කරමින් බලය ලබා ගැනීමට ක්‍රියා කළේය.සොළින්ගෙන් සිදුවූ හානිය මෙන්ම මේ නායකයන් අතර වූ අරගල නිසා සොළීන් පළවා හැරීමට තිබූ ශක්තිය දුර්වල විය.යුද නිසා ජනතාව මියගිය අතර ධන හානියද සිදුවිය.විශේෂ ආර්ථික සංවර්ධනයක් ඇති වූ බව නොපෙනේ.

දෙවනුව රජරටෙහි පැවති සොළී පාලනයත්,සොළීන් වරින් වර රෝහණයට කඩා වැදීමත් ,ඒ අතර රෝහණයේ සිටි ජනනායකයන් අතර පැවති බල අරගලයත් නිසා ජනතාව හැම අතින්ම මිරිකී විපතට වැටී සිටියේය.එහෙත් සියලු ක්‍රියාමාර්ගයන් තුළීන් ජාතියේ ස්වාධීනත්වය රැක ගැනීම පිණිස ඔවුන් යහපත් පාලකයකු ප්‍රාර්ථනා කරමින් සිටියාට නම් සැක නැත.

ඔන්න අපි ගියා

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s