සිව්වැනි මිහිදු රජතුමා


සිව්වන උදයගෙන් පසුව සිහසුනට පත් වූයේ සිව්වන සේන රජුය ඔහුගේ රාජ්‍ය කාලය ඉතා මඳ කලකට සීමා විය ඒ අනුව ක්‍රි.ව.959 දී අනුරාධපුර රාජධානියේ කිරුළ හිමි කර ගනු ලැබුවේ සිව්වෙනි මිහිදු රජුය වංශ කථාකරුවන්ගේ හැදින්වීම පරිදි මේ රජු අනුරාධපුර යුගයේ පහළ වූ අවසාන සිංහල රජතුමාය

කාලිංග වංශික කුමරියක් සිය අග මෙහෙසිය වශයෙන් තෝරා ගත්තෙන් එය කාලිංග-සිංහල රාජ වංශයන් අතර දීර්ඝ කාලීන සබදතාවකට මඟ පෑදිමක් විය කාලංග රාජ්‍යය පිළිබඳ මතභේදය මෙහිදී සිහිපත් වේ මේ කාලිංග නුවර නැගෙනහිර භාරතයේ පිහිටියේද නැතිනම් එදා විජය අධිරාජ්‍යයේ කොටසක් වූ වර්තමාන මලයාව ඇතුළු භූමි ප්‍රදේශයක්ද යන්න මෙහිදී අවධානයට යොමු වේ කෙසේ වුවත් මේ විදේශීය ඥාති සබඳතාවය එක් අතකින් ලංකාවේ ආරක්ෂාවට හේතු විය

චූල වංශගත තොරතුරු අනුව ක්‍රි.ව.968 දී වල්ලභ නමැති දකුණු ඉන්දියානු පාලකයෙකු ලක්දිව අයත් කර ගැනීම පිණිස ලංකාවේ උතුරු දෙසින් ආක්‍රමණයක් කර ඇත සිංහල හමුදා අතින් මේ විදේශීය හමුදාව පසු බැස ඇත ඒ සේන නමැති සෙන්පතියාගේ දක්ෂතාවය නිසාය එවර වල්ලභ නමැති දකුණු ඉන්දියානු රජු සමගි සම්මුතියකට එළඹී ඇත

එසේම නැවත වරක් ඊළඟ වර්ෂයේදී සොළීන් විසින් ලංකාවේ ආක්‍රමණය කර තිබේ උතුරේ ඌරා තොටින් සොළී හමුදා ගොඩබැස ලංකාව ආක්‍රමණය කළද එම හමුදාවේ සෙන්පතියාගේ මරණය නිසා ඔවුනට පසු බැස යන්නට සිදු වී තිබේ මේ ආකාරයට පරසතුරු ආක්‍රමණ දෙකක් අසීරුවෙන් හෝ මැඩ පවත්වා ලංකාව බේරා ගැනීමට සිව්වන මිහිදු රජුට හැකි විය

මෙහිදී සැළකිල්ලට ගත යුත්තේ සොළීන්ගේ නාවුක බලය ඉතා ඉහළ මට්ටමක තිබූ බවයි ඒ වන විට ඉන්දියන් සාගරයේ නැව් ගමනාගමනය පාලනය කිරීමට තරම් සොළී පාලනය බලවත් විය එසේම දකුණු ඉන්දීය රාජ්‍යය ජයගත් පසුව සොළීහු බෙංගාල , බුරුමය, මලයාව යන රටවලද යටත් විජිත ගොඩනගා ඇත මේ හේතු නිසා සොළී අධිරාජ්‍යය සුළු කොට තැකිය නොහැකිය

එපමණක් නොව මිහිදු රජු උදය රජ කල සොළී ආක්‍රමණය නිසා විනාශ වූ අනුරාධපුරයේ දළදා මාලිගය ඇතුළු වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කළ අයුරු එහි පිහිටුවා ඇති සෙල්ලිපි වලින් අද ද සනාථ කළ හැක චූල වංශයේ සදහන් ආකාරයට දුගී මගී පිරිස්වලට පමණක් නොව සතුන්ට පවා දන් දුන් මේ රජ ත්‍යාගශීලී අයෙක් ලෙස සදහන් කෙරේ

කෙසේ වුවත් සිව්වන මිහිදු රජු ක්‍රි.ව.982 දී මිය ගොස් ඇත ඔහුගෙන් පසුව ලංකාවේ සිහසුනට උරුමකම් කරන ලද්දේ මුලින් සදහන් කළ කාලිංග බිසවගෙන් ලත් කුමාරයාය එහෙත් ඔහු රජ පදවියට සුදු අයෙක් නොවීය

සිව්වන මිහිදු රජ මිය යන විට කාලිංග බිසොවගෙන් ලත් කුමරුවාගේ වයස අවුරුදු 12 ක් බැව් සදහන් වේ කිසිදු විනයක් හෝ පිළිවෙතක් නොතිබූ මේ දරුවා ඒ වන විට ද මද්‍ය පානයට ගිජුව සිටි අයෙකි චූල වංශයේ තොරතුරු අනුව ඔහු වියරු වැටුණු සිව්පාවෙකු මෙන් හැසිරී තිබේ මොහු පියාගෙන් පසු පාලනය භාර හිමිකරුවා වුවද ළමා වියේ පසුවූ අත්දැකීම් වලින් තොර මුහුකුරා නොගිය බුද්ධියකින් හෙබි අයෙක් නිසා පාලනය අවුල් සහගත වී ඇත

මේ කුමාරයා පියාට පක්ෂපාතව සිටි සේනාධිපති තැන එම තනතුරින් පහකර ඇත මේ නිසා සේනාධිපති හා රජු අතර ගැටුමක් ඇති වී තිබේ ඒ අනුව සේනාධිපති තැන යුද සේනාවක් පිරිවරාගෙන අනුරාධපුරයට පැමිණෙන විට ළමා රජු නගරයෙන් පලාගොස් ඇත මේ අවධියේදී

ඉහත කී අරගලයේදී සේනාධිපති හා සටනට පිවිසුන රජුගේ හමුදාව පරාජය ලැබීය එසේම සේනාධිපති යටතේ විසූ දමිළ වේලක්කාර භටයෝ හිතු මනාපයේ හැසිරෙන්නට විය ඔව්හු රටේ ජනතාවගේ දෑ කොල්ල කා ගත්හ එසේම වැසියන්ට තාඩන පීඩන කළහ මේ යටතේ රජුගේ මෑණියන් රජුට පක්ෂපාතී වීමෙන් ඇති වීමට ගිය වියවුල් මැඩ පවත්වා ඇත ඒ අනුව පසුව ඇති වූ සාකච්ඡා මත රජු හා සේනාධිපති අතර සාමය පවත්වා ගැනීමට පිළියම් යෙදුනි ඒ සේනාධිපතිගේ දියණිය රජු සරණපාවාගැනීමෙනි

කෙසේ හෝ මේ පාලකයා වසර දහයක් පමණ රජකමු කර ඇත ක්‍රි.ව.933 දී පස්වෙනි සිහසුන හිමිකර ගත් බව වංශ කථාවල සදහන්වෙයි

බස් රෙඩියෝහි කප් එකක් ගහන්න කමෙන්ට් එකක් දාල යන්න හොදේ

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s