කන්නසාමිගේ වං හුං දැනගන්න ආසද මෙන්න එහෙනම් ඔබේ දැනුමට


අවුරුදු හැත්තෑපහකට ආසන්න කාලයක් වූ වඩුග රාජ පරම්පරාවේ මෙන්ම සෙංකඩගල රාජධානියේද අවසාන ආජකීයයා වූ ශ්‍රී වික්‍රමරාජසිංහ අභාවයෙන් අවුරුදු එකසිය හැත්තෑ හතක් ජනවාරි 30 වන විට සම්පූර්ණ වේ වර්ෂ 1780 දී උපත ලබා අවුරුදු 18 ක් සම්පූර්ණ කළ,1798 ජූලි 17 අගහරුවාදා දින රජ කිරුළ පැලැන්දූ රජතුමා 1815 පෙබරවාරි 18 ඉරිදා දිනයේදී අවුරුදු දහසයයි මාස හතයි දින එකක් රජකර ඉංග්‍රීසින්ගේ සිරකරුවෙකු බවට පත්වූයේ දුම්බර මැදමහනුවර බෝමුරේ ගලේයායවත්තේ උඩුපිටිය අරච්චිගේ නිවසේදීය රජතුමා එහි සිට කොළඹට ගෙන යන ලදුව මාස එකොළහක් රදවා තබාගෙන 1816 ජනවාරි 24 දින කොන්වෝලිස් නම් නෞකාවෙන් මදුරාසියට යවන ලදී එහිදී හිරකරුවෙකු වශයෙන් හරියටම අවුරුදු දහසයක් ජීවත් වූ ශ්‍රී වික්‍රම රාජසිංහ 1832 ජනවාරි 30 ඉරු දින වෙල්ලෝරයේදී අභාවප්‍රාප්ත විය එදා පැවති සිරිත අනුව රාජානුස්මරණ තල්පත රජතුමාගේ අභාවය රටට දන්වා ඇත්තේ මෙසේය ශකවර්ෂ එක්වා දහස් හත්සිය තිස්හතට පැමිණි වර්ෂයෙහි කුඹ රවි දින රෑවත්ම තුන් පැයක් තියා ශ්‍රී වික්‍රමරාජසිංහ මහ රජුජුරුවෝ කළුරිය කළාය මිය යන විට රජතුමා පනස් හැවිරිදි අඩි හයයි අඟල් දෙකක් වූ කාළවණී දේහයකින් හෙබි ශක්තිවන්ත පුරුෂයෙක් විය ඔහු දීප්තිමත් නෙත් සගලකින් යුක්තවූ දුටුවන් සිත් ඇදගන්නා මනා පෞරශයකින් යුත් පුද්ගලයෙක් විය මෙම රාජකීයයාට කරන ගෞරවයක් වහයෙන් ඔහුගේ ජීවිත චරිතයෙන් හා පාලන සමයෙන් කරුණු ස්වල්පයක් නූතන පරපුරෙහි දැනගැනීම සදහා මෙසේ සටහන් තබමි

තවත් ලිපියකින් හමුවෙමු

One thought on “කන්නසාමිගේ වං හුං දැනගන්න ආසද මෙන්න එහෙනම් ඔබේ දැනුමට

  1. කන්නසාමි නොහොත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ගැන සවිස්තරාත්මක ලිපියක් මේ දවස්වල ලියමින් ඉන්නේ… එන්නකෝ ඉස්සරහට ඒක කියවන්න

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s