පළමුවන ජයබාහු රජතුමා


විජයබාහුගේ මරණයෙන් පසු ඔහුගේ පුතා වූ රෝහණ දේශයේ ආදිපාදව සිටි වික්‍රමබාහුට නොදන්වා උපරාජව සිටි මහා විජයබාහුගේ සහෝදරයා ජයබාහු නමින් රජකමට පත්කර ගත්තේය ඔහුගේ බිසව වූයේ මහා විජයබාහුගේ දුව සුමිත්‍රා කුමරියයි මොහුගේ යුව රජු වූයේ මිත්තා කුමරියගේ වැඩිමහල් පුත් වූ මනාභරණයි මොහු දෙවැනි පම්භකර්ණ රාජවංශයට අයත්ය ජයබාහුගේ රාජ්‍ය කාලයේ අටවන වර්ෂයෙහි ලියා ඇති නිකවැරටිය අසලදී සොයාගත් පුවරු ලිපියක සදහන් වන්නේ පළමුවන කුලෝතුංග නම් චෝළ රජෙකුගේ දුවෙකු වීර පෙරුමාල් නම් රජුජුරුවන්ගේ බිසව වශයෙන් සිටි බවය පළමුවන විජයබාහුගේ සොහොයුරිය වූ මිත්තා කුමරියට පාණ්ඩ්‍ය කුමාරයෙකුට දාව උපන් මුලින් මනාභරණ නමින් පෙනී සිටි පසුව පළමුවන ජයබාහු රජු ඉහත සඳහන් පුවරුවෙහි නම සඳහන් රජු බව බොහෝ ඉතිහාසඥයන්ගේ මතයයි පළමුවන විජයබාහුගේ ජීවිත කාලය තුළදීම හෝ ඔහුගේ අභාවයෙන් පසුව හෝ සිදුවී ඇති මෙම විවාහයෙන් පසු චෝලයින් හා සිංහලයින් අතර පැවති යුද්ධ ආරවුල් තාවකාලිකව නතර විය ජයබාහු පන්නා දමා පොළොන්නරුවෙහි දෙවන වික්‍රමබාහු රජවිය ජයබාහු රජකමින් පන්නා දැමූ පසු රෝහණෙහි ජීවත්ව සිට මිය ගියේය ජයබාහුගේ නියම රාජ්‍ය කාලය පිළිබදව නිශ්චිත කාල සීමාවක් දැක්වීමට ‍ඓතිහාසික සාධක නොමැති නමුත් කුටෝ වැනි ඉතිහාසඥයන් ඔහු අවුරුදු තිස්හයක් රජකළ බව පවසයි ජයබාහුගේ මෞලි මංගල්‍ය ඔහුගේ පාණ්ඩ්‍ය නෑදෑයින් විසින් පවත්වා යුව රජකමට මනාභරණ තෝරා ගත්තේය මෙසේ පාණ්ඩ්‍ය නෑදෑයින්ගේ බලපෑම් එල්ල වූයේ විජයබාහුගේ නැගණිය මිත්තා කුමරිය පාණ්ඩ්‍ය වංශිකයෙකු හා විවාහව සිටි බැවිනි ඇයට උපන් දරු කුමරුන් තිදෙනාගෙන් තවත් අයෙකු තමා පසුව වීරබාහු නමින් රජවන්නේ තවත් ලිපියකින් හමුවෙමු ඔන්න මමත් මුහුණු පොතට ඇතුළු වූණා මගේ පිටුවට ලයික් එකක් දාල යන්න

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s