පළමුවන වීරබාහු රජතුමා


සිරිවල්ලභගේ පුතා වූ මනාභරණ පසුව වීරබාහු නමින් හදුන්වන ලදී මොහු දක්ෂිණ දේශයේ රජුවිය පුන්කාගම සිය අගනුවර වශයෙන් තබාගෙන රාජ්‍ය පාලනය කළේය පුන්කාගම නූතන කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි දැදිගමය නමුත් ඔහුට එහි රැදී සිටීමට හැකිවූයේ අවුරුද්දක පමණ කාලයකි නැවත වරක් රට තුළ යුද්ධ කෝලාහල ඇතිවිය එසේ වූයේ මෞලි මංගල්‍යයක් පවත්වා ඔටුනු නොපළන් රජෙකු වූ දෙවන වික්‍රමබාහු නිත්‍යානුකූල රජකමට උරුමයක් තිබූ පළමු කී ජයබාහු පන්නා දමා පොළොන්නරුවේ සිට පාලනය ගෙන යාමට විරුද්ධව සිරිවල්ලභ හා කිත්සිරිමේඝ නැවත වරක් යුද්ධ ආරම්භ කිරීමය දක්ෂිණ දේශයෙන් විශාල සේනාවක් රැස් කරවාගෙන මොවුන් යුද්ධය සදහා පොළොන්නරුවට පිටත්ව ගියත් බොධිසේන පබ්බත නම් ස්ථානයේදී වික්‍රමබාහුගේ සේනානට පරාදව පලා ගියේය පරාදව යන රජවරුන් එදා පංචයෝජනා දිස්ත්‍රික්කය නමින් හැදින් වූ අද පස් දුන් කෝරලයට පැන සැගවුණේය තවත් ලිපියකින් හමුවෙමු

One thought on “පළමුවන වීරබාහු රජතුමා

  1. පුතා, ඔයාගේ බ්ලොග් එකේ ගොඩක් අපේ ප්‍රවීන් බ්ලොග් කරුවෝ කමෙන්ට් කරලා තියනවා මම දැක්ක. අරුණි ශපිරෝ, කතන්දර ඒ අය අතරින් ඉදිරියෙන් ඉඳන් ඔයාට පොස්ට් එකක් කොහොමද හැඩ වෙන්න ඕනේ කියල ලියලාම පෙන්නලා තිබ්බා. මම ඒ වගේ දෙයක් මේ බ්ලොග් ලෝකේ දැක්කේ මුලින්ම. ඇත්තෙන්ම එහෙම උදව්වක් නොලැබී මියෙන බ්ලොග් රචකයෝ අනන්ත ඉන්න කාලෙක ඔබ වාසනාවන්තයෙක්. එත් ඔබ ඒ වාසනාවට පයින් ගහලදෝ මට හිතෙනවා. ඔබ ඒ අයට ස්තුතියි කියල කොමෙන්ට් කලත් ඒ අවවාදේ පැත්තකින් දාල තියනවා මම දැක්කා. ඔබ ඔබට පුරුදු විදියටම මේ පෝස්ට්ස් ලියනවා. එත් පුතා වෙන්න ඕනේ මේකයි, ඔබ ඒ දේවල් වලින් ඉගනගෙන ඔවුන්ට පෙන්වන්න ඔබ යමක් ඔවුන්ගෙන් උකහාගත්ත කියල. ඔවුන් ඇත්තෙන්ම සතුටුවෙයි. ඒ වගේම ඔබටත් ගොඩක් පාඨකයෝ ඇතිවෙයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s