හෙළයේ හය වන පරාක්‍රමබාහු – ශ්‍රී පරාක්‍රමබාහු


ඔන්න ගොඩාක් කාලෙකින් තමයි රජකෙනෙකු ගැන සවිස්තරාත්මකම ලිපියක් සකස් කර ගත්තේ කියවලාම බලන්නකෝ හය වන විජයබාහු සිරකරුවෙක් වශයෙන් පත් වූ පසු රජුගේ ඇමැති අලකේෂ්වර විජයබාහු රජුගේ පුත් කුමරා මරා දැමීමට කුමන්ත්‍රණය කළ නිසා රජ බිසව සුනේත්‍රා දේවිය සිය පුත් කුමාරයා සමඟ කෑගල්ලේ ගලබොඩ කෝරළේ පොල්වත්ත ගමේ ජීවත් වූ බව එච්.සී.පීත බෙල් ඔහුගේ කෑගලු පුරාවෘත්තයේ සඳහන් කරයි දහසය විය පැමිණෙත්ම මොහු අලකේෂවර ඝතනය කොට රජවූයේ ශ්‍රී පරාක්‍රමබාහු නමිනි මොහු 1415 පටන් කෝට්ටේ අගනුවර කොට සිය පාලනය ඇරඹීය මොහු සිය අගමෙහෙසිය වශයෙන් කීරවැල්ලේ බිසවක් ගෙන්වා ගත්තේය ඔහුගේ රාජසභාවෙහි වූයේ වසන්තයේ මල් පිපී ගිය රුකක් මෙන් වූ ඒකනායක මැති,කිසිම අක්‍රමනිකතාවකට හෝ වංචාවකට සමබන්ධ නොවූ වික්‍රමසිංහ මහ අධිකාරම්,සේනානායකවරු,වාසල මුදලිවරු,අරමුදලේ ලේකම් මුදලිවරු හා වාසල මුකවෙටිවරුන්ය හංස සන්දේශය රජතුමාගේ රාජ සභාව වර්ණනා කර ඇත රජතුමාගේ යුද්ධ හමුදාවද හංස සන්දේශය වර්ණනා කර ඇත මේ රජතුමා ආරක්ෂාකර රැකදෙන ලෙස කෑරගල වනරතන සංඝරාජ හිමියන් වෙත නෝට්ටේ සිට යැවූ සංදේශය හංස සන්දේශයයි රජතුමාගේ කීරවැල්ලේ බිසවට දාව උපන් උලකුඩය නොහොත් ලෝකනාථ කුමරියට පුත් රුවනක් ලබා දෙන ලෙස ඉල්ලා කෝට්ටේ සිට කැලණයේ විභීෂන වෙත යැවූ සංදේශය සැළලිහිණි සංදේශයයි රජතුමා කෝට්ටේ තෙමහල් දළදා වහන්සේ සඳහා නවරත්න මැණික් එබ්බවූ රන් කරඩුවක්ද එයින් වැසී යන පරිදි නා නා මැණික් වර්ග එබ්බවූ රන් කරඩුවක්ද යොදා දළදාව ආරක්ෂා කළේය රජතුමා කෝට්ටේ සංඝයා වහන්සේලාට මාසයක් මාසයක් පාසා දන්දීමට රට පුරා සිටින සංඝයා වහන්සේලා විෂයෙහි අවුරුදු පතා සිවුරු පිරිකර සහිතව දානයද නොකඩවා පිරිනමා හා සංඝාරාමය ආරම්භ කළේය රජතුමාගේ පාලන සමයෙහි ගුත්තිල කාව්‍යය,කාව්‍යශේකරය,ලෝවැඩ සඟරාව,බුදු ගුණ අලංකාරය,වැනි උසස් ග්‍රන්ථ රචනා කර රට තුළ ශාස්ත්‍රීය ප්‍රබෝධයක් ඇති විය පැරකුමිබා රජතුමා ගැන පවතින තවත් මතයක් නම් මේ කුමරාගේ බාල කාලය හතර කෝරළයට අයත් අම්බුලුගල ගත වූ බවය මොහුගේ සොයුරු මායාදුන්නේ පසුව හතර කෝරලේ ප්‍රාදේශීය රජ වූයේ පරාක්‍රමබාහු කොට්ටේ අගරජු වූ පසුවය රජතුමාට චන්ද්‍රවතී හා උලකුඩය නොහොත් ලෝකනාථ නමින් දූවරු දෙදෙනෙක් විය පළමු සඳහන් කළ සැළලිහිනි සංදේශ ලෝකනාථ බිසවට පුතෙකු ඉල්ලා යැවූ සංදේශයයි රජතුමාට පුතුන් නොසිටි නිසා හදාගත් පුතුන් තිදෙනා වූයේ අම්බුලුගල කුඩා කුමාරායා සහ ජයබාහු කුමාරයාය ජයබාහු පසුව තොටගමුවේ රාහුල නමින් ප්‍රසිද්ධියට පත් විය ශ්‍රී රාහුල නමින් ප්‍රසිද්ධියට පත් විය ශ්‍රී පරාක්‍රමබාහු නොහොත් හයවන පරාක්‍රමබාහු අවුරුදු පනස් දෙකක් රජකර ඔහුගේ මුනුබුරා වූ උලකුඩය දේවි ලෝකනාථ බිසව ලත් පුත් කුමරුවා ජය වීරපරාක්‍රමබාහු නොහොත් 2වන ජයබාහු යැයි නම් තබා සංහාසනාරුජ කොට මිය ගියේය රජතුමා දෙවිනුවර කිහිරැල පිරිවෙනෙහි නඩත්තුව සඳහා එම පන්සලට නූතන නාවිමන,හුන්ගංගොඩ,පහළ කරමුල්ල හා වේරදූව යන ගම් ප්‍රදානය කොට ඇත තවත් ලිපියක් සමඟින් හමුවෙමු

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s