හෙළයේ තුන්වන විජයබාහු රජතුමා


කාලිංග දේශයේ මාඝ නම් ආක්‍රමණිකයාගේ විසි එක් අවුරුදු පාලනය ශ්‍රී ලංකා ඉතිහාසයේ අඳුරුතම කාල පරිච්ඡේදයක් විය මාඝ ලංකාවේ බෞද්ධ වෙහෙර විහාර විනාශ කළේය පොළොන්නරුවේ රජකළ නිශ්ශංකමල්ල රජු පවා ගියේය මේ ආක්‍රමණිකයාගේ කෲර පාලනයෙන් මේ රට බේරාගෙන යළි රටට සමෘද්ධිය උදාකළේ තුන්වන විජයබාහු මහරජතුමාය තුන්වන විජයබාහු නමින් රජවූයේ දුම්බර ගලහිටියාවේ බෝධිරාජ කුමාරයාය මැද මහනුවර ඉරගල නුවර ගලමුදුනේ බලකොටුවක් සාදාගෙන එයට ගලේනුවර යැයි නම තබා එහි සිටි මේ කුමාරයා ප්‍රදේශවාසී සියලුදෙනාගේම සහයෝගය ලබා ගනිමින් කොත්මලේ ඇතුළු මලය රටේ තම ආධිපත්‍ය පළමුව ගොඩනගා ගත්තේය මේ වන විට මාඝගෙන් ආරක්ෂාව පතා නිශ්ශංකමල්ලගේ බිසව කල්‍යාණවතීද සොළී ආක්‍රමණයකදී මාරස්සන අසල බෝපිටිය ගමේ අප්‍රකටව ජීවත්ව සිට ඇත කොත්මලේ ප්‍රදේශයේ විජයබාහු රජතුමා සිටි ප්‍රදේශය අද විජයබාකන්ද නමින් ප්‍රසිද්ධය මාඝගේ කෲර පාලනය අවසන් කරමින් කොත්මලේ පුසුල්පිටිය විහාරයේ සඟවා තිබූ ශ්‍රී දන්තධාතුව හා පාත්‍රාධාතූන් වහන්සේද තම භාරයට ගත් රජතුමා නූතන කෑගල්ල ප්‍රදේශයේ එදා බිල්ලසේල නමින් දැක්වූ අද බෙලිගල නම් පර්වත මුදුනෙහි මාලිගාවක් ගොඩනගා ආරක්ෂක පවුරු සාදා දළදාව එහි තැන්පත් කළේය බෙලිගල ඉදිකළ දළදා මැදුරෙහි අද ශේෂව ඇත්තේ ගල්කුළුනු තිබූ සලකුණු පමණය බෙලිගල රජමහා විහාරයද ක්‍රමයෙන් දිරාපත්ව යමින් පවතී බෙලිගල සිට මහත් උත්සවශ්‍රීයෙන් මහදිගටම පෙරහර පවත්වා දඹදේණියට ධාතූන් වහන්සේ වැඩම කළේ මේ රජතුමාය රජතුමා දිනපතාම මෙම ධාතූන් වහන්සේලා උදෙසා දිනකට තුන්වරක් බැගින් මල්පහන් පූජා පැවැත්වීය ධාතූන් හා බැදී චාරිත්‍ර විදි දිනපතාම ඉෂ්ට කිරීමට හැකිවන පරිදි භික්ෂූන් වහන්සේලාට නේවාසිකව සිටීම සඳහා සංඝාවාස ඉදිකළේය එපමණක් නොව එම ප්‍රදේශයෙහි අලංකාර බව ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය දිය පො‍කුණු ජලතටාක,මල්වතු ආදිය පිහිටුවමින් එම ප්‍රදේශය දැකුම්කළු රමණීය භූමිභාගයක් විලසින් දියුණු කළේය මාඝ ආක්‍රමණය නිසා රටට අහිමි වී ගිය පොතපත නැවත ලියා තැබීම සඳහා ඒ පිළිබඳව දැනීම හා හැකියාව ඇති උගත් පිරිස් ගෙන්වා ගෙන ඔවුන්ට සියලු සැප පහසුකම් සලසවාදී පොතපත නැවත ලිවීම ආරම්භ කළේය ඔවුන් ලියූ පොත්පත්වල බරට රන් කහවනු ලබා දුන්නේය ගුරුලුගෝමී පඬිතුමා අමාවතුර ලියුවේද මේ සමයෙහිය එමෙන්ම රජතුමාගේ ආරාධනයෙන් මහබෝධිය මුල්කොට ලියූ ධර්මප්‍රදීකාව ග්‍රන්ථය ලියා ඇත්තේද මේ කාලයේදීය රජතුමා හත්දවසක් පුරාම උපසම්පදා කර්මය සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සලස්වාදී මහා සංඝයාවහන්සේලාටගේ දියුණුවට මෙන්ම සමගියටද අවශ්‍ය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නේය පොළොන්නරුවෙහි දාස්තොට උදකුක්බේප සීමා මාලකයක් ඉදිකර උපසම්පදාව ලබාගැනීමට පහසුකම් සැපයුවේය තමාගේ නමින්ද විජයසුන්දරාරාමය කරවා එය මහා සංඝයා විෂයෙහි පූජා කළේය ක්‍රි.ව.1232 තුන්වන විජයබාහු විසින් ඇරඹී දඹදෙනි යුගය ශත වර්ෂයකට වැඩි කාලයක් යාලහුව,කුරුණෑගල ආදී ප්‍රදේශයන්ද රාජ්‍ය මූලස්ථානය කොට ගෙන ක්‍රි.ව.1341 දක්වා ඔහුගේ මුනුබුරු පස්වන විජයබාහු දක්වා පැවතියේය එදා මාඝගේ සැහැසිකම්වලට බියෙන් පොළොන්නරුවෙන් රැකවරණය සඳහා පැන ආ නිශ්ශංකමල්ල රජතුමා බෝධිරාජ කුමාරයාට භාණ්ඩාගාරික තනතුර හා ගම්වර දුන් බව කිවුල්ගම සෙල්ලිපියේ සඳහන්ය සිරිසඟබෝ කාළිංග විජයබාහු චක්‍රවර්තී ස්වාමීන් වහන්සේට පළමුවෙන් හීලෑපුර පෑලවිය ගුල්පිටි බෝධි පාඹුලේ දරුවන් රාජ්‍ය පක්ෂ පාත්‍රවැ ශාස්ත්‍ර ප්‍රහාර ලදින් කළ දස්කමට මෙවන් මුත්භසපටන් පිහිටි රජයෙබද මැන්දිවක් සංවැල්ල,ආචු වැලිමඩ ලියන්ද ආචු තැන සිටවූ ගල් ටැංකු ඇතුළත් කුඹුරු හා මිනිසුන් ගසකොළ හා වල්පිට හා පමුණුකොට ලියා දුන් නිසායා ද්‍රවිඩ බලය නැති කිරීමට නිශ්ශංකමල්ල රජුට උදව් කළ නිසාම මේ රජතුමා රාජපක්ෂ වන්නි උන්නැහේ නමින්ද හඳුන්වා ඇත මොහු ආරම්භ කළ දඹදෙණිය යුගය සිංහල භාෂා සාහිත්‍යයේද දීප්තිමත් යුගයක් විය මේ කාලය තුළ මුව්දෙවිදාවත හෙරණ සිඛ විනිස,අමාවතුර,සුසද්ද සිධිය,යෝග නිම්නය,ධර්ම ප්‍රදීපිකාව,සුකෝදාලංකාරය,සද්ධම්මරත්නාවලිය,චුත්තෝදය,පූජාවලිය,ධාතුමංජුසාව,බුත්සරණ,දාඨාවංශය,සමන්තකූට වර්ණනාව,රසවාහිනිය,සිදත් සඟරාව ආදී ග්‍රන්ථ රැසක්ම ලියා ඇත ගුරුලුගෝමී පඬිවරයා ජීවත්වූයේද මේ රාජ්‍ය සමයේය රජතුමාගේ ආදාහනය සිදුකර ඇත්තේ අත්තනගල්ලේ විහාර භූමියේය එසේ සිදු කරන ලද්දේ රජතුමා ළමැණි සිරිසඟබෝ පරපුරෙන් පැවත ආ අයකු බැවිනි රජතුමා විජයබාහු විහාරය නමින් වත්තල විහාරයක්ද ඉදිකරවා ඔහුගේ සෙයුරු 6වන විජයබාහු මුහුදුබඩ ආරක්ෂා කිරීම සඳහා තවත් ලිපියක් සමඟින් හමුවෙමු

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s