දෙවැනි පණ්ඩිත් පරාක්‍රමබාහු රජතුමා


දඹදෙණි යුගය ලංකාවේ රාජධානි ඉතිහාසය තුළ සාහිත්‍යය සඳහා මහඟ සේවාවක් සිදුවූ යුගයකි එම කාලයෙහි රජ කළ රාජ්‍ය නායකයන්ගේද අනුග්‍රහය ලැබූ නිසාම මෙතරම් සාහිත්‍ය කෘති ගණනාවක් බිහිවීමට හේතු විය දඹදෙණි රජ සමයේ රජ කළ දෙවැනි පණ්ඩිත පරාක්‍රමබාහු රජු සිංහල සාහිත්‍ය වංශයට එකතු කළ කවි සිළුමිණ කාව්‍ය ග්‍රන්ථය ඉතා උසස් සාහිත්‍ය කෘතියකි කවි සිළුමිණ කාව්‍ය ග්‍රන්ථය ඉතා උසස් සාහිත්‍ය කෘතියකි කවි සිළුමිණයෙහි කර්තෘත්වය පිළිබඳව නොයෙකුත් මතවාද තිබුණත් එය දෙවැනි පණ්ඩිත පරාක්‍රම බාහු රජතුමා විසින්ම කළ එකක් බවට සාක්ෂි ලැබී තිබේ ඔහු තම ලේඛන කලාව තමාටම ආවේණික ශෛලියකින් පවත්වාගෙන ගිය බවට කවි සිළුමිණ ආරම්යේම ඉඟියක් කර තිබේ

තමාවරචස නොදිස්      – නේ මෙරමා දොස් දිස්නේ

නුවන් බැහැර නඟමන් – තමාමුත් නොදිස් නේ කිමිද

කවිදිළුමිණ ට අමතරව පරාක්‍රමබාහු රජතුමා විසින් රචනා කර ඇති කෘති දෙකකි

  • විශුද්ධි මාර්ග සන්නය
  • වන විනස සන්නය

කලිකාල සංගීත සාහිත්‍ය සර්වඥ පණ්ඩිත පරාක්‍රමබාහු යන ගරු නාමයෙන් පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා හඳුන්වන ලදී මොහු රාජ්‍ය පාලකයෙකු මෙන්ම අධ්‍යපනය හා ආගම නඟා සිටුවීම සඳහාද විශාල මෙහෙවරක් කරන ලද අයකු බව පෙනේ කුරුණෑගල පිරිවෙණ,දඹදෙණි පරාක්‍රමබාහු පිරිවෙණ,බෙලිගල වැනි අධ්‍යාපන ආයතන ඇති කිරීමෙන්ද මෙතුමා සිංහල භාෂාවටත් සාහිත්‍යයටත් උදාර සේවයක් කළ බව සනාථ වේ පොඩ්ඩක් ලියල යන්න තවත් ලිපියක් සමඟින් හමුවෙමු

හෙළයේ සේන සලමෙවන් රජතුමා


පොඩ්ඩක් අහල නැහැ වගේ නේ මෙම රජුනම් පොඩ්ඩක් සාහිත්‍ය පැත්තට නැඹුරු කෙනෙක් පොත් වලින් හොයා ගත්තේ ඕන වෙයි කියලා දැම්මේ ක්‍රි.ව. 831-851 අතර කාලය තුළ රජ කළ සලමෙවන් රජ සිංහල භාෂාව පිළිබඳව මනා පරිවයක් ඇත්තේක් විය සිංහල පද්‍යකරණය පිළිබඳව ලියවී ඇති සියබස්ලකර නම් සුව්ශේෂ උපදෙස් ග්‍රන්ථය සලමෙවන් රජ විසින් ලියන ලද්දක්ය නව වන සියවස් මුල් භාගයේ ලියවී ඇති සියබස්ලකර කාව්‍ය නිර්මාණකරණයෙහි යෙදෙන ආධුනිකයන්ට ගුරු හරුකම් දීමට සකසන වූවකි දණ්ඩින්ගේ කාව්‍යදර්ශනය සියබස්ලස්කරට ගුරු වී තිබේ එහෙත් සලමෙවන් රජු සිංහල පාඨකයාට තේරුම් ගැනීමට පහසුවන පරිදි සරල භාෂා රටාවකින් සියබස්ලස්කර රචනා කර තිබීම එතුමාගේ සිංහල භාෂාව පළිබඳව තිබූ මනා අව‍බෝධය ප්‍රකට කරන්නෙකි කොහොමද හෙදයිනේ මොනවහරි ලියල යන්න ඔයාලටමයි ලියුවේ අද පෝය නිසා