හෙළයේ දෙවන බුවනෙකබාහු රජතුමා


පළමුවන බුවනෙකබාහුගේ එක් පුතෙකි දුම්බර ගලහිටියාවේ කුමාරයෙකි වත්හිමි බුවනෙකබාහු නමින් ද ප්‍රසිද්ධය රාජ්‍ය මූලස්ථානය වශයෙන් කුරුණෑගල තෝරා ගත්තේය රජතුමා භික්ෂූන් දහසකට එකවර දන් පිළිගැන්වීමට අවශ්‍ය වූ සියලු පහසුකම් සැපයීය පොසොන් මාසයෙහි උපසම්පදා උත්සවය කරවීමටද මහා සංඝයාවහන්සේලා පෙලඹවීම සංඝයා විෂයෙහි අවශ්‍ය සිවුරු පිරිකර ආදී දානමය වස්තු අවුරුදු පතා පූජා කළේය එසේම තමාගේ රාජාභිෂේක මෞල් මංගල්‍යද අවුරුදු පතා පැවැත්වීම මොහු යාපහු බුවනෙකබාහු නමින්ද දන්නා අතර දුම්බර කඩයිම් පොත හඳුන්වන්නේ මානාපති රැන්නැහේ නමිනි රාජ රාත්නාකරය මොහු වත්හිමි බුවනෙකබාහු නමින් හඳුන්වයි මෙතුමා අද මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙණිය පාරලිමේන්තු ආසනයට අයත් වේඩරුවගම ඉදිකළේය එගම අය රජතුමාගේ දරුමුණුබුරු පරම්පරාවෙන් පැවතේ මෙතුමා පඬිරට අර්යචක්‍රවර්තී නම් නායකයෙකු විසින් පැහැරගෙන ගොස් තිබූ දන්තධාතුව ආපසු කුරුණෑගලට ගෙනවිත් කුරුණෑගල දළදා මාලිගයක තැන්පත් කළේය රජතුමා සමයෙහි ජාත්‍යන්තර වෙළදාම පවා දියුණු තත්ත්වයක පැවතියේය රජතුමා මධ්‍යධරණී මුහුද අවට රටවල් සමඟ පවා වෙළඳ සබදතා ගොඩනගා ගෙන තිබිණි ලංකාවේ වෙළද දූත පිරිසක් 1283 දී ඊජිප්තුවේ කයිරෝ නුවරට ළඟා වූ බව වාර්තා වේ එම පිරිස මිසරයේ සුල්තාන්වරයා විසින් අප්‍රේල් මාසයෙදී පළිගන්නා ලදී රජතුමාගේ පාලන සමයෙහි ආර්යචක්‍රවර්තී නම් ප‌ඬිරට නායකයෙකු මෙරට පැනැවිත් රට කොල්ලකමින් රට තුළ කැරැල්ලක් ඇති කළේය මේ කොල්ලකරු මෙල්ල කිරීම සඳහා රජතුමා උතුරු ඉන්දියාවේ රාජස්ථානයෙන් ආධාර ඉල්ලා සිටියේය එදා විටෝරයේ රජ වූ හම්සිරජු ඉස්ලාම් ලබ්ධික හමීර්ෂාන්ඛාන් නමැති සෙනෙවියා යටතෙහි භට පිරිසක් මෙරටට එවීය මේ සමඟ පැමිණි හමීර්ෂන්ඛාන්ගේ පුත්‍රයෙක් රජතුමා සමගම මාලිගවෙහි වාසය කර සිට රාජස්ථානයේ බලඇණි සහායෙන් බුවනෙකබාහු මරා දමා හතරවන පණ්ඩිත පරාක්‍රමබාහු නමින් කුරුණෑගල රජවීය සමහර ඉතිහාසඥවන්ගේ මතය වී ඇත්තේ හමීර්ෂන්ඛාන් රජතුමාගේ හමුදාවේ සිටි සෙනෙවියෙකු බවය තවත් ලිපියක් සමඟින් හමුවෙමු

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s