හෙළයේ හයවන විජයබාහු රජතුමා


කෝට්ටේ රජ වූ අටවන වීරපරාක්‍රසබාහු රජුගේ පුතෙකි වීරපරාක්‍රමබාහුගෙන් පසුව රජ වූ නව වන ධර්ම පරාක්‍රමබාහුගේ ඇවෑමෙන් රජවූයේ ඔහුගේ බාල සහෝදර හයවන රාජසිංහ යන දෙදෙනාම කීරවැල්ලේ මහ බිසෝ බණ්ඩාර හා අනුලා කහතුඩ යන බිසෝවරුන් දෙදෙනෙක්ම තම බිසෝවරුන් වශයෙන් තබාගෙන සිටියේය මේ ඒකාබද්ධ විවාහයෙන් ලත් දරුවන් වූයේ හත්වන බුවනෙකබාහු,රයිගම් බණ්ඩාර,බාලවියේදීම මිය ගිය රාජසිංහ රාජා හා මායිදුන්නේය එක් බිසවක් මියගිය පසු විජයබාහු මාලිගය වෙත කැන්දාගෙන පැමිණ ආ දෙවන බිසව සමඟ ඇගේ බාල සහෝදර දේවරාජසිංහද රජ මාලිගාවේම ජීවත්ව සිට ඇත මෙම බිසවගේ සහෝදරයාට කෝට්ටේ රජකම ලබාදීමට රහසින් කුමන්ත්‍රණයක් පැවති බැවින් ඊට විරුද්ධ වූ පුතුන් තිදෙනා තම පියා මාලිගය වෙත කැන්දාගෙන පැමිණ ආ දෙවන බිසව සමඟ ඇගේ බාල සහෝදර දේවරාජසිංහද රජ මාලිගාවේම ජීවත්ව සිට ඇත මෙම බිසවගේ සහෝදරයාට කෝට්ටේ රජකම ලබාදීමට රහසින් කුමන්ත්‍රණයක් පවති බැවින් ඊට විරුද්ධව වූ පුතුන් තිදෙනා තම පියා මාලිගය තළම මරාදැමීය මෙය තමා ඉතිහාසයේ සඳහන් වන විජයබා නකාල්ලය ඉහත සඳහන් දේවරාජසිංහට රජකම පැවරීමට යන බව ආරංචි වූ පසු පුතුන් තිදෙනා උඩරට සිටි 2වන ජයවීර යුව රජුගේ ආධාර ඇතිව පියා රජකමින් පහ කිරීමට පිණිස සටන් ඇරඹිය විජයබාහුට මේ බව සැලවීමෙන් පසු පුතුන් තිදෙනා සමඟ සාකච්ඡා කිරීමට ඔවුන් මාලිගය තුළට කැඳවීය රජතුමාගේ අරම්ණ වූයේ මාලිගය තුළදීම සිය පුතුන් තිදෙනා ඝාතනය කාරීමයි ඒ සඳහා අවශ්‍ය හමුදා කණ්ඩායමක් ද මාලිගය තුළ රැදී සිට ඇත කුමරුන් තිදෙනා‍ගෙන් බාලයා වූ මායාදුන්නේ මේ සාකච්ඡාව සඳහා පිටත් කර යැවූ බුවනෙකබාහු හා රයිගම් බණ්ඩාර අසලින් රැදී සිටියෝය මායාදුන්නේ මාලිගාවට ඇතුළුවීමට එන විට අතර මඟ රැදී සිට දේවරාජසිංහ කුමාරයා මායාදුන්නේ ඝාතනය සඳහා මාලිගය තුළ පිරිසක් රැදී සිටින බව දැනුමු දුන්නේය මේ කැරැල්ල අවසන් වූයේ පුතුන් තිදෙනාම එක්ව පිය රජු මාලිගය තුළම ඝාතනය කිරීමෙනි ඝාතනයෙන් පසුව සහෝදරයන් තිදෙනා රාජ්‍ය බෙදාගෙන පාලනය ගෙන ගියේය බුවනෙකබාහු කෝට්ටේ රාජ්‍යද,රයිගම් බණ්ඩාර රයිගම් වල්ලාවිට හා පස්දුන් කෝරලයද,මයාදුන්නේ සීතාවක හතර කෝරලයේ හා දෙනවක භාරව රාජ්‍ය පාලනය කළෝය මෙයින් රටේ අභ්‍යන්තර පාලනය දුර්වල වූ බැවින් පෘතුගීසි හා මැලේ වෙළදුන් රජයට අයවිය යුතු බදු මුදල් ගෙවීම පැහැර හැරියෝය බුවනෙකබාහු සිය සොයුරන්ට විරුද්ධව පෘතුගීසීන්ගේ අධාර පැතීය මේ අතර රයිගම් බණ්ඩාර මියගියෙන් මායාදුන්නේ එම පළාත ද තම රාජ්‍යයට ඈදා ගත්තේය මෙයින් පසුව පෘතුගීසීන්ගේ බලපෑම් එල්ල වීම් මත ලංකා රාජ්‍යයේ බලතුලනය සහ ආධිපත්‍ය පැවති ආකාරය අපේ ඉතිහාසයෙහි සඳහන්ය මෙම රජතුමා දෙවිනුවර නාගරිස වමැති කෝවිලට නූතන පරවාහැර,පාතේගම සහ නඹටුන්න යන ප්‍රදේශවල කුඹුරු ප්‍රදානය කොට ඇත තොටගමු විහාරය නමින් අද හදුන්වන ලබන තිත්තයාගම නමින් එදා හැදින් වූ විහාරයට ප්‍රසාද මන්දිරයක් ඉදි කළේ ද මේ රජතුමාය තවත් ලිපියක් සමඟින් හමුවෙමු

One thought on “හෙළයේ හයවන විජයබාහු රජතුමා

  1. Pingback: 1521 විජයබා කොල්ලයෙන් පසු ලංකාව | indikathushara999

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s