හෙළයේ හතරවන විජයබාහු රජතුමා


බෝසත් විජයබාහු නමින් රාජරත්නාකරණය හා නිකාය සංගුහය හඳුන්වන මොහු දඹදේණිය යුගය ආරම්භක තුන්වන විජයබාහුගේ මුණුබුරාය කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත දෙවන පරාක්‍රමබාහුගේ වැඩිමහල් පුත්‍රයාය හේ කාරුණික හා ශාන්ත ගතවලින් යුත් ගුණවත් පුද්ගලයෙක් විය දළදාව පොළොන්නරුවේ අටදාගෙයි වැඩ හිද වූයේ මේ රජතුමාය අටදාගෙය හා බුදුගෙය නවීකරණය කර උත්සව මාලාවක් පැවැත්වීය අතපසුව තිබූ ආගමික වතාවත් රාශියක් යළි ආරම්භ කර පොළොන්නරුවේදී අභිෂේක උළෙලක්ද පැවැත්වීය මේ රජතුමාගේ සමයෙහි ලංකාවේ ඉඩම් භුක්ති විදීමේ ක්‍රමය තුන් ආකාරයකින් සිදුවිය එනම් පමුණු,දිවෙල් හා ප්‍රවේණි යන ක්‍රම තුනය ඉඩමක හදවත වූයේ කුඹුරුය කුඹුරට වතුර ලබා ගැනීම සඳහා උල්පත් පිහිටි කැලෑරොදක් වෙන්කර තබන ලදී එම කැලෑරොද හැදින්වූයේ වල්පිට නමිනි දියකඩිති පිහිටි ප්‍රදේශ විල නමින් විය ගෙවල් පිහිටි ඉඩම් ගෙවතු වගාකළ ඉඩම්,ගසකොළ එළවලු වවා ඇති ඉඩම් හා ඕවිටි ඉඩම් ආදී වශයෙන් ඉඩම් වෙන්වෙන්ව තිබුණි නිවාස පිහිටි ඉඩම් හැදිවූයේ ගම්මුදල නොහොත් නට්ටම නමිනි එදා ගමක වැසියන් ද වෘත්තීය අනුව හැදින්වීය එනම් එඩේරු,ගොවීහු,සවර්ණකාර,කුම්භකාර,චර්මකාර,ලෝහකාර,උලුවඩු අයකාර,චිත්‍ර කාර දඬුවෝු යනාදී වශයෙනි අවුරුදු දෙකක් පමණ කෙටි කාලයකින් මේ රජතුමාගේ අවාසනාවන්ත මරණය සිදුවිය රජුගේම මිත්‍ර නම් වූ එක් ඇමතියෙක් රාත්‍රී කාලයේ හොර රහසින් මාලිගයට ඇතුළු වී රජතුමා මරා දැම්මේය රජතුමා මරා දැමූ මිත්‍ර ඇමතිවරයාටද රාජ්‍ය කරවීමේ වරම නොලැබුණු රජුගේ යුද්ධ සේනාවේ උන් ඨකුරකු නම් යෝධයා මිත්‍රසෙනෙවියා මරාදමා යාපහු නුවරින් දඹදෙණි නුවරට බුවනෙකබාහු කුමාරයා කැඳවා කෙන ගොස් ඔහු රජකරවීය ගම්පොළ නියම් ගම්පාය විහාරයසහ සිදුවාන වනග්ගාම ප්‍රාසාදය හා අභයරාජ පිරිවෙන ඉදිකළේ මේ රජතුමාය අනුරාධපුරයෙහි චෝල ආක්‍රමණයෙන් පසුව නටඹුන්ව තිබූ වෙහෙර විහාරද පිළිසකර කළේය තවත් ලිපියක් සමඟින් හමුවෙමු

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s