හෙළයේ පළමුවන බුවනෙකබාහු රජතුමා


පළමුවන බුවනෙකබාහු දඹදෙණිය යුගය ආරම්භ කළ දුම්භර රජෙකු වූ තුන්වන ජියබාහුගේ මුණුබුරාය දෙවන පරාක්‍රමබාහුගේ පුත්‍රයාය හතරවන විජයබාහු රජු මිත්‍ර නම් සෙනෙවියා විසින් මරා දැමීමෙන් පසු මිත්‍ර සෙනෙවියා රජ විය විජයබාහුගේ ඨකුර නම් සෙනෙවියා විසින් මිත්‍ර මරා දමා රජකරවූයේ බුවනෙකබාහුය එදා මෙම අභ්‍යන්තර වියවුල් අවස්ථාවෙහි දඹදේණි මාලිගයෙහි සිටි බුවනෙකබාහු කුමාරයා මාලිගයෙන් එළියට පැන කලුගල නම් ගමට පැමිණ එහි ඇතුන් බැද සිටි ගාලකින්  ඇතෙකු රැගෙන පිට උඩට නැග කලුගල ගමින් ගොස් කොළමුණ ඔය තරණය කොට දඹදෙණියේ සිට යාපහුවට පැන ගියේය ඨකුරක සෙනෙවියා ඉන්පසු සියලුම සිංහල යෝධයින් කැටුව යාපහු නුවරට ගොස් බුවනෙකබාහු කුමාරයා හමුවී ඔහු මහත් හරසරින් යුතුව දඹදෙණියට රැගෙනවිත් ඵළමුවන බුවනෙකබාහු නමින් එහිදී අභිෂේක කළේය රජතුමා සියලුම සතුරන් නසා ලංකාව නිදහස් කර ගනිමින් ,සිංහල වන්නි රජවරුන්ද තමන්ගේ පක්ෂයට ගෙන කාලයක් දඹදෙණි නුවරම සිට රාජ්‍ය විචාරා පසුව යාපහුවට පැමිණ එය අගනුවර කර ගනිමින් දොළොස් අවුරුද්දක් පමණ කාලයක් රට පාලනය කළේය රජතුමා පොළොන්නරුවේ තිබූ දළදාව යාපහුව සුන්දරගිරි දළදා මැදුර වෙත ආපසු රැගෙන ආවේය රජතුමා ත්‍රිපිටකය ලියවා සියලුම විහාරම්ථානයට බෙදා දී බුද්ධ ධර්මයේ අභිවෘද්ධිය පිණිස අවශ්‍ය කටයුතු සිදු කළේය භික්ෂු සංඝයාට සිවුපසවෙන් උපස්ථාන කළේය උපසම්පදාව අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලුම පහසුකම් හා රාජ්‍ය අනුග්‍රහයද ලබා දුන්නේය මෙකල පැමිණි චීන ජාතික දේශගවේකයකු දන්ධාතුව තමා වෙත ලබා දෙන ලෙස බලපෑම් කළේය නමුත් අර්යචක්‍රවර්තී නමැති ද්‍රවිඩ නායකයකු යාපහු නුවරට පැමිණ දන්ත ධාතූන් වහන්සේ පැහැරගෙන ගොස් එය පඬිරට කුලසේකර නම් රජු වෙත භාර දී ඇත දළදාව ආපසු මෙරටට ගෙන එන ලද්දේ රජතුමාගේ ඥාති පුත්‍රයෙකු වූ 1282 සිට 1294 දක්වා දඹදෙණිවෙහි රජකළ තුන්වෙනි පරාක්‍රමබාහුය රජතුමා අන්තරජාතික බෙළදාම් කටයුතුද තම රාජ්‍යය සමඟ වර්ධනය කරගත්තේය රජතුමා අල්හා අබු උචිමන් නම් ඔහුගේ නියෝජිතයෙක් ඊිජිප්තුවේ රජතුමා හමුවීම පිණිස පිටත්කර යවා ඇත තමාගේ රාජ්‍යය මුතු මැණික් ආදී වටිනා ඛනිජ සම්පත් මෙන්ම දුර්ලබ දැව වර්ග සහිත ඝන කැළෑ තිබෙන බවද ඊජිප්තුවේ සුල්තාන්වරයාට දන්වා යැව්වේය එමෙන්ම රජමාලිගා විසිහතක් ඇති බවද දන්වා යවා ඇත . තවත් ලිපියක් සමඟින් හමුවෙමු

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s