හෙළයේ පස්වන විජයබාහු කුමාරයා


මොහු මිත්‍ර ඇමතියා මරා දමනු ලැබූ හතරවන විජයබාහුගේ දෙවන පුතාය බිසව සුමිත්‍රා දේවියයි දඹදෙණිය හා යාපහුව රාජ්‍ය මූලස්ථානය කොට පාලනය ගෙන ගියේය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය නම් ග්‍රන්ථය සඳහන් කරන්නේ මොහු කුරුණෑගල රජ කළ බවය කෙසේ හෝ මොහු අවුරුදු හයක් පමණ රජකම දැරීය පස්වන විජයබාහුගෙන් පසුව ඔහුගේම මලණුවන් වූ හතරවන බුවනෙකබාහු විසින් රාජ්‍ය මූලස්ථානය ගම්පොලට ගෙන යන ලදී ඉන්පසුව හතරවන බුවනෙකබාහු සහ පස්වන විජයබාහු සමකාලීනව එක් කාලපරිච්ඡේදයක රජකම් කර ඇත නමුත් පසුවන විජයබාහු මුළු ලංකාවේම රජු හැටියට පිළිගෙන තිබෙන බව පාරමී මහ ශතකයේ රඤ්ඤා විජයබාහු නා පිලනීය ලංකාය යනුවෙන් දැක්වෙන බව පේරාදෙණිය විශ්‍යවිද්‍යාලයේ ලංකා ඉතිහාසය නම් ග්‍රන්ථය පවසයි විජයබාහු සවලු විජයබා නමින්ද හැදින්වේ ශ්‍රී මහාබෝධිය ලංකාවට වැඩම කරගෙන ආ පිරිස සමඟ පැමිණි සූර්ය ගුප්ත කුමාරයා සෙබඩ බිජුවකින් උපන් කුමාරිකාවක් සරණයට ගත් බව පැවසේ එම පරපුරෙන් පස්වන විජයබාහු නම පටබැදුණි දුම්බර කඩඉම පොත මොහුට නකා වෙහෙර හෙට්ටිරාල යන නම භාවිතා කරයි ගම්පොල රාජධානිය ආරම්භ කළ මුල් රජවරුන් දෙදෙනා වූ 4වන බුවනෙකබාහු සහ 5වන පරාක්‍රමබාහු මේ රජතුමාගේ පුතුන් දෙදෙනාය ලැමණි රජ පරපුර දෙවන වරට ආරම්භ වන්නේ විජයබාහු ගෙනි ගඩලාදෙණිය හා ලංකාතිලක විහාර කටයුතු මේ රජතුමා විසින් ආරමිභ කළ මුත් එම කටයුතු නිමාව වූ 1314 වන විට ගම්පොළ රජ වූයේ 6වන බුවනෙකබාහුය. තවත් ලිපියක් සමඟින් හමුවෙමු

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s