හෙළයේ දෙවන විජයබාහු රජතුමා


ඉන්පසුව අපට හමුවන විජයබාහු නම් දෙවැනි ගජබාහුගේ පුතා වූද මහාපරාක්‍රමබාහුගේ අවැස්ස බැණාවූද එක්වසරක කලක් කිරුළ දැරූ දෙවන විජයබාහුය මොහු පණ්ඩිත විජයබාහු නමින්ද හැදින්වේ මේ රජතුමා බුරුමයේ ආරියවද්ධ රජතුමා සමඟ සමීප සම්බන්ධතාවක් ගොඩනගාගෙන තිබිණි මගධ භාෂාව දැන සිටි රජතුමා එම භාෂාවෙන්ද බුරුම රට සමඟ ගනුදෙනු කළේය බෞද්ධාගමේ දියුණුවට අවශ්‍ය කටයුතු පිළිබඳව නිරන්තරයෙන් අදහස් හුවමාරු කර ගත්තේය එමෙන්ම බුරුම රටේ භික්ෂූන් මෙරටෙහි භික්ෂූන් සමඟ අදහස් හුවමාරු කර ගත්තේය රජතුමා පළිබදව චූලවංශය දරන්නේ මෙවැන් අදහසකි මහා කාරුණික බුද්ධිමත් මෙතෙම තමාගේ මයිලනුවන් වූ පරාක්‍රමබාහු රජු විසින් බන්ධනාගාරයෙහි දමන ලද්දාවූත් වධ බන්ධනවලින් පිඩා කරන ලද්දාවූත් ලක්වැසි මිනිසුන් ඒ දුකින් මුදවීය ඒ සියලුදෙනාටම ඒ ඒ තන්හි තම තමන්ගේ ග්‍රාම ක්ෂේත්‍රාදී හැම අතින්ම ප්‍රීතිය දියුණු කරවීය රජතුමා දැහැමි පාලනයක් ගෙන යෑමට අඩිතාලම දැමීය දඟගෙයි දඬුවම් විඳිමින් සිටි වරදකරුවන් කෙරෙහි මෛත්‍රිය දක්වා ඔවුන් නිදහස් කළේය නිති දන්දීමෙන් හා භික්ෂූන්ට අවශ්‍ය දේ සැපයීමට පියවර ගත්තේය මේ රජතුමාගේ පියා වූ දෙවන ගජබාහු දුම්බර විසියෙකි උඩපිටිවෙල,පල්ලේපිටවල කලල්ගොමුව ආදී ගම් පැවත එන්නේ මේ රජතුමාගේ පරම්පරාවේ දූ දරුවන්ගෙන්ය කලක් දුම්බර කඩඉම් පොත මේ රජුගේ පියාවූ 2වන ගජබාහු කලල්ගොමුවේ වනිනි උන්නැහේ කියා හඳුන්වයි රජතුමාද පොළොන්නරුවේ සිට රාජ්‍ය පාලනය කළේය හෙළයේ තවත් ලිපියක් සමඟින් හමුවෙමු

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s