හෙළයේ නවවන ධර්ම පරාක්‍රමබාහු රජතුමා


මේ රජු කාලයේ ප්‍රථම වරට පෘතුගීසීන් සෙරටට ගොඩ බැස්සේය අට වන වීර පරාක්‍රමබාහුගේ පුතෙකු වූ මොහු සහ තවත් සහෝදරයකු වූ විජයබාහු දෙදෙනාගේ ඒකාබද්ධ විවාහය වූයේ යාපනයේ සිටි ප්‍රදේශ පාලකයකු වූ පළමු වන පරරාජසේකරමිගේ දුවෙක් සමඟය මේ විවාහයෙන් ඔවුන් ලත් දරුවන් වූ බුවනෙකබාහු කෝට්ටේ රජු,මායා දුන්නේ සීතාවක රජු,දෙනවක හා හතර කෝරළයේ ප්‍රාදේශීය රජු සහ වැල්ලාවිට,පස්දුන් කෝරළයේ හා රයිගම් භාරව සිටි රයිගම් බණ්ඩාරය මොහුගේ රාජ්‍යය සමයේ කායාල පට්ටනමේ කදිරාන නමැති මුස්ලිම් වෙළෙන්දකු හලාවතට පැමිණ බලෙන් මුතු කිමිදීමටත් අලි ඇතුන් වෙළදාමටත් පටන්ගෙන ඇත මෙම ආක්‍රමණිකයන් පලවා හැරියේ රජුගේ සහෝදරයින් වූ තනියවල්ලභ හා සකලකලා වල්ලභය මේ රජුට අයබදු නොගෙවමින් උඩරට සිට පාලනය කළ රජුට විරුද්ධව සටන් කිරීමට පිටත් කර යවන ලද්දේ තමාගේ බිසවගේ පියා වූ කීරවැල්ලේ මහ රාළහාමි හා සිය සොයුරු මැණික්කඩවර රාජසිංහය මෙසමයෙහි හතර කෝරළයද කැරැල්ලක් හටගෙන එය මැඩ පැවැත්වීමටත් උඩුගම්පොල සිටි සකලකලා වල්ලභට සේනාවක්දී පිටත් කර හරින ලදී මෙසේ ගැටුම් පැවැති මෙහෙුගේ රාජ්‍ය කාලය තුළ රජතුමා පෘතුගීසීනට ඇතුන් දහදෙනෙක් තෑගි වශයෙන් යවා ඔවුන් සමඟ සාමයෙන් විසීමට ගිවිසගත ඇත අවුරුදු විසි දෙකක මේ රජුගේ රාජ්‍ය කාලය අවසන් වූයේ ඔහුගේ සොයුරු හත්වන විජයබාහු රජ වීමෙනි තවත් ලිපියක් සමඟින් හමුවෙමු

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s