හෙළයේ පස්වන පරාක්‍රමබාහු රජතුමා


සෙංකඩගල පරාක්‍රමබාහු මිය ගිය පසු ඔහුගේ පුත් කුමරා ිසංකඩගල අතහැර දැදිගමට ගියේය එබැවින් ඔහු දැදිගම පරාක්‍රමබාහු නමින්ද හැදින්වේ මෙකල ලියූ ච්‍රත්තමාලා සන්දේශ ශතකයේ මේ රජුන් වර්ණනා කර ඇත්තේ රාධිරාජ යනුවෙනි එනම් රජුන්ගෙන් අධිරාජයා වශයෙනි මේ වන විට දැදිගම ලංකාවේ අගනුවර වූ අතර පරාක්‍රමබාහු ලංකාවේ අගරජු විය තිසර සන්දේශය පරාක්‍රමබාහු රජතුමා ආරක්ෂා කර දෙන ලෙස දෙවිනුවර උපුල්වන් දෙවියන්ට යැවූ ආයාචනයක් රැගත් සංදේශ කාව්‍යකි මෙම කාව්‍ය ලියා ඇත්තේ දෙවිනුවර සිටි මෙම රජතුමගේ මිත්‍ර හිමිනමක් විසිනි මහනුවර මැදවල රජමහා විහාරයද නටබුන්ව තිබී එය අද පවතින තත්ත්වයට පිළිසකර කර ඇත්තේද මේ රජතුමා විසිනි එහි ඇති ශිලා ලිපියෙහි සඳහන් වන්නේ මෙම විහාරය නටබුන්ව ඇති බව දැදිගම සිටි රජකෙනෙකුට රජතුමා රාජ්‍ය සාභාවේ වාඩිවී සිටියදී වාර්තා කළ බවය නටබුන් විහාරය නැවත ප්‍රතිසංස්කරණය කළ බවත් ආපසු රජතුමාට වාර්තාවී ඇත්තේද එතුමා රාජ්‍ය සභාවත් සමඟ ගම්පොල සිටින අතරතුරය මෙයින් පෙනී යන්නේ ගම්පොල බුවනෙකබාහු සමඟ පරාක්‍රමබාහු සමසේ රාජ්‍ය පාලනය කළ බවය නමුත් 1351 වන විට බුවනෙකබාහු මිය ගොස් සිටි නිසා මෙම විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වූ බවට වාර්තා වී ඇත්තේද පරාක්‍රමබාහු රජු වෙතම බව ඉතිහාසඥයන්ගේ මතයයි දැදිගම පුර ඇත්හැර යෑමට පරාක්‍රමබාහු රජතුමාට හේතු වූ සිද්ධියද රසවත් කාන්තාරයකි රයිගම් පුරයෙහි සිටි අලකේෂ්වර ප්‍රදේශ රජතුමාට වීර අලකේෂ්වර නමින් පුතෙකු විය මේ වීර අලකේෂ්වර යනු දුම්බර වේඬවරුවෙන් බිහිවූ තුන්වන බුවනෙකබාහු (1326-1335)නොහොත් වන්නි බුවනෙකබාහුගේ මුණුබුරාය වීර අලකේෂ්වර රයිගම් පුරයේ සිටි සිය පියා වූ අලකේෂ්වර රයිගම් පුරයේ සිටි සිය පියා වූ අලකේශ්වරගේ ඇස් අන්ධ කොට තම පියාගේ සහෝදරියගේ පුතා වූද නිශ්ශංක අලකේශ්වර සමඟ සටනකට එළැඹියේය මෙහිදී ආරියචක්‍රවර්තී නිශ්ශංක අලකේශ්වර හා ආරියචක්‍රවර්තී,පරාක්‍රමබාහු පරදවා ජයගත්බැවින් රැකවරණය ලබා පසුව ජාවා රටට පැන ගියේය පසුව දැදිගම සිට ප්‍රාන්ත රජෙකු ලෙස පස්වන බුවනෙකබාහු හෙවත් කෝට්ටේ අලගක්කෝනාර(1372-1408) රජු සමයේ පාලනය ගෙන ගියේ රත්නපුරයේ ප්‍රදේශ පාලකයෙකුගේ පුතෙකු වූ තකුරා නමැත්තේකි මොහුගේ දූ වූයේ සවර්ණමාලි නොහොත් කීරවැල්ලේ රංමැණිකාය පසුව රජ වූ හය වෙනි පරාක්‍රමබාහු රජුගේ අග බිසව වූයේ ඇයයි වෘතමාලා සංදේශ කාව්‍යද ලියා ඇත්තේ මේ රජු සමයේදීය රජතුමා රාජ්‍ය සභාව හා රට වැසියන් සතුරු උපද්‍රවයෙන්ගෙන් ආරක්ෂා කරවා රට එක්සේසත් කරවන මෙන් ඉල්ලා උපුල්වන් දෙවියන්ට ආයාචනා කොට යැවූ තිසර සංදේශයයි එදා ගලතුරු මුල,සේනාපතිමුල,මහා නේත්‍ර පාද මූල,විල්ගම්මුල ආදී ග්‍ුරු කුලයන් හතරටම අයත් මහා පඬිවරුන් වූ ස්වාමීන් වහන්සේලා දැදිගම රාජධානියේ වැඩ සිටියහ ආසියාතික සංගමයේ 1968 තොටගමුවේ ශ්‍රී රාහුල නමින් ප්‍රසිද්ධ වූ පසුව තොටගමුවේ විහාරයේ වැඩ සිටියහ ජයබාහු කුමාරයගේ උපන්ගම වූයේ ද දැදිගම නම් ගමය පරාක්‍රමබාහු රජතුමාගේ මව වූ සුමිත්‍රා දේවියටද ආශිර්වාද කිරීමට තිසර සන්දේශය අමතක කළේ නැත

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s