හෙළයේ බාහුලාගේ මහා පරාක්‍රමබාහු රජතුමා


පරාක්‍රමබාහු නමින් රජවරු නව දෙනෙක්ම මේ රටේ රජකර ඇත මේ නවදෙනාගේ හත්දෙනෙක්ම දුම්බර පන්සිය පත්තුවට කෙළින්ම සමබන්ධ රජවරුන්ය දෙදෙනකු සොළී සම්භවයක් (මදුරාසිය,නූතන චෙන්නායි)ඇති අයයි අද වැඩි වශයෙන්ම කතාබහට ලක්ව ඇත්තේ පොළොන්නරුවේ සිට තිස්තුන් අවුරුද්දක් රාජ්‍යය මෙහෙය වූ 1 වන පරාක්‍රමබාහු නොහොත් මහා පරාක්‍රමබාහු (1153-1186)රජතුමා ගැනය මොහු සිරිසඟබෝ පරාක්‍රම නමිනුත් සමහරු හඳුන්වති මොහු ලංකා රාජාවලියේ එකසිය හතළිස් දෙවැනි (142) රජුය අවුරුදු එකසිය පනස් තුනක් පමණ පැවති පොළොන්නරුව යුගය ආරම්භ කළේ එහි අවුරුදු පනස් පහක් පමණ රජ කරමින් සිටි මහා විජයබාහු නොහොත් 1 වන විජයබාහුය ඔහුගේ මවුපියන් වූයේ ලොකික දේවිය හා මුගලන් ඈපාය නිජබිම මෙණරාගල මුප්පතේය (1055-1110)මහා විජයබාහු ජයතිපාලගේ දුව වූ ලීලාවතී හා කාලිංග කුමරියක් වූ තිලෝකසුන්දරී සිය බිසෝවරුන් වශයෙන් තබාගෙන සිටියේය මින් ලීලාවතී බිසවට සුභද්‍රා,සුමිත්‍රා,ලෝකනාථ හා රූපාවතී යන නමින් දූවරු හතරදෙනෙකුද වික්‍රමභාහු නමින් එක් පුතෙක්ද විය තිලෝකසුන්දරී බිසවගේ දුව රත්නාවලීය මේ පරමිපරා විස්තරය සඳහන් කළේ පසුව මෙම අය දුම්බරට ඇතිකරගත් ඥාති සම්බන්ධය අවබෝධ කිරීමේදී පහසුවටයි රත්නාවලී කුමරිය බිසව වූයේ මහා විජයබාහුගේ නැගණිය වූ මිත්තාගේ වැඩිමහල් පුත් මනාභරණයන්ටය මිත්තා කුමරියගේ ස්වාමිපුරෂයා වූයේ පාණ්ඩ්‍ය දේශයේ (අද අන්ද්‍රා ප්‍රදේශයේ)අයෙකි මහා පරාක්‍රමබාහු මනාභරණ හා රත්නාවලී කුමරියගේ එකම පුතාය රත්නාවලී බිසවට පුතෙකු නැති වූ බැවින් මනාභරණයන් පුතෙකු ලබා ගැනීමට කැලණියේ විභීෂණ දෙවිදුන්ට භාරවී පරාක්‍රමබාහු කුමරා ලබාගත් අන්දම සැළලිහිණි සන්දේශය විස්තර කරන්නේ මෙසේය මහාචාර්ය සී.ඊ.ගොඩකුඹුර ඔහු සභාපතිත්වය දැරූ රාජකීය ආසියානික සංගමයේ 76.12.18 දින කරන ලද දේශනයේදී සඳහන් කළේ මහා පරාක්‍රමභාහු දක්ඛිණ දේශයට අයත් වූ පුත්කාගම උපන් බවයි මෙය දැදිගම වශයෙන් හඳුනාගෙන ඇත දැදිගම සුතිගාර චෛත්‍ය ගොඩනගා ඇත්තේ රජතුමා විසින් ඔහුගේ බාල කාලය අනුස්මරණය කිරීම පිණිසය දූවරුන් දෙදෙනා වූයේ මිත්‍රා හා ප්‍රභාවතිය පරාක්‍රමබාහු උපන්නේ එදා රුහුණට අයත්ව තිබූ අද ඌවට අයත් අලුපොත අසල සත්ඛන්තලී නම් ගම් ප්‍රදේශයේ බව හිගින්ස් මැතිණිය සිය අපේ උරුමය පොතෙහි දක්වා ඇත පරාක්‍රමබාහු කුමරාගේ කුමර අවධිය ගෙවුණේද මෙම ගමෙහිය විජබාහුගේ මරණයෙන් පසු රජකමට පැමිණියේ ඔහුගේ පුත් 2වන වික්‍රමබාහුය එදා පොළොන්නරුවේ රජකළ මනාභරණයන් 2වන වික්‍රමබාහුට විරුද්ධව රජකම අරභයා යුද වැදුණත් මනාභරණයන්ට එම යුද වලින් ජය ගැනීමට නොහැකි විය දුම්බර වැසියන් සිය ඥාතිවරයා වූ 2වන වික්‍රමබාහුගේ පැත්ත ගත් නිසාය මනාභරණයන් තරුණ කාලයේදීම මිය ගායෙන් ඔහුගේ පුත් මහා පරාක්‍රමබාහු කුමාරයා ඇති දැඩි කළේ ඔහුගේ සුළු පියා වූ ශ්‍රී වල්ලභ රත්නාවලී බිසවට සහ දූ වරුන් දෙදෙනාට රැකවරණය සැලසුවේ ඔහුය පරාක්‍රමබාහු කුමාරයා රජ වූ පසු ඔහු ද වික්‍රමබාහුට විරුද්ධව යුද්ධ ආරම්භ කළේය මෙම යුද වියවුල් නිසා ප්‍රදේශය හැරගොස් කලාවැවේ පදිංචිව සිටි වික්‍රමබාහුගේ සහ සුන්දරී දේවියගේ පුතා සිය පියාගේ ඇවෑමෙන් ආපසු පැමිණ පොළොන්නරුවේ රජ විය ඔහු දෙවන ගජබාහුයි (1132-1153)ඔහු දුම්බර කඩ ඉම් පොත හඳුන්වන්නේ කලල්කොටුවේ වන්නි උන්නැහේ නමිනි දුම්බර උඩපිටිවල පල්ලේපිටවල කලල්ගොමුව ආදී ගම් පැවතෙන්නේ මේ රජතුමාගේ දරු මුණුපුරු පරම්පරාවලින්ය 2වන ගජබාහුට විරුද්ධව යුද්ධ කිරීමට පඬි කුමාරවරුන් දෙදෙනා කුලී ගෙවා වේලක්කාර බල ඇණි මෙරටට ගෙන්වා ගත්තෝය මෙසේ ගෙන්වාගත් හමුදා ලවා මනාභරණ අවුරුදු දෙකක්ද පරාක්‍රමබාහු අවුරුදු හයක් පුරාමද යුද්ධ කළ බව යටන්වල තෙරුන්ගේ පරාක්‍රම නරේන්ද්‍රසිංහ චරිතාවලේඛනය ප්‍රදීපිකාව සඳහන් කරයි නමුත් මේ යුද්ධවලින් ඔවුන්ට ජය ලැබීමට නොහැකි වූ විට යොදා ගත්තේ වෙනත් උපක්‍රමයකි මනාභරණගේ දූවවූද මහා පරාක්‍රමබාහුගේ එක් අක්කා කෙනෙකු වූ ලීලාවතී(සමහර පොත්වල හද්‍රාවතී)දුම්බර රජ කෙනෙකු වූද 2වන ගජබාහු නෙහොත් කට්ටගොටුවේ වන්නි උන්නැහේට පාවාදීමෙන් අලුත් ඥාති සම්බන්ධතාවක් ඇති කර ගැනින එදා පොළොන්නරුවේ සිට මහවැලි ගඟ හරහා දුම්බරට විත් මහා පරාක්‍රමබාහු 2වන ගජබාහුට විරුද්ධව සටන් කළ ස්ථාන වශයෙන් රන්දෙණිගල,රඹුක්වැල්ල,උඩිස්පත්තුව,නිල්ගල,රේටියගම,දුනුවිල නාපාණ ආදී ස්ථානයන් හඳුනාගෙන ඇත පෙළොන්නරුවේ රජවරුන් රාජ්‍ය ආක්‍රමණවලදී බේරීම සඳහා පැන ආයේ දුම්බර ,දියතිලක නුවර ,හෝවාහැට ආදී ප්‍රදේශය රැක්කිටියේ ශිලා ලිපිය,බෝපිටියේ ශිලා ලිපිය ආදිය පෙළොන්නරුව රජවරුන් ැප්‍රකටව විසූ ස්ථාන සඳහන් කරයි කල්‍යාණවතී බිසවද අප්‍රසිද්ධව වාසය කළේ ලියුම්කරුගේ උපන්ගම වූ මාරස්සනට යාබද බෝපිටිය ගමේ වූ අතර තවත් පොළොන්නරුවේ රජකෙනෙකු එු අසළ උන්ත්තැන්න ගමේ සැඟවී සිටියේය මහා පරාක්‍රමබාහුගෙන් දෙවන බිසවගේ පුත්‍රයකුගේ පැවත එන දුම්බර පරම්පරා ගැන වෛද්‍ය ඔබේසේකරගේ ශ්‍රී ලංකාදීප වර්ණනා පෙතෙහි සඳහන් වෙයි අමුණුගම රාජනායක බණ්ඩාර පරමිපරාවද  සාලිඇල්ලේ භාරද්ධවාජ කුල සාලිගම බ්‍රාහ්මණයාගේ පරම්පරාවද අමුණුගම රාජනායක ‍අබේකෝන් පරම්පරාවද දෙවන රාජසිංහගේ ආමාත්‍යයකු වූ පළමුවන අධිකාරම් අත්තනායගේ පරම්පරාවද එම අයවලුන්ද කෑගල්ලේ ගලබොඩ කෝරළේ හිටි බණ්ඩාරවරුන්ද මහා පරාක්‍රමබාහුගෙන් පැවත එන්නන් බව එච් සී.පී. බෙල් පවසයි හිටි බණ්ඩාරවරුන්ගේ වළව් කීපයක් හතර කෝරළේ ඇත දෙවන කොටසත් සමඟ ළඟදීම හමුවෙමු

පරාක්‍රමභාහු රජතුමා රෝහණ දේශය අත්පත් කරගැනීම සඳහා යුද්ධය මෙහෙයුවේ ද දීඝවාපි නම් වූ නූතන ගල්ඔය මිටියාවගේ පිහිටි අම්පාරේදීය රෝහණයේ සිටි රජුන් රජරටට විරුද්ධව කළ ආක්‍රමණවලදී මූලස්ථානයක් වූ දීඝවාපියයි එදා පරාක්‍රමබාහුගේ සියලු සටන් සිදු වූයේ මහවැලි ගඟ ඉවුරෙහිදී සහ පොළොන්නරුවේදීය මනාභරණ මෙම යුද්ධවලින් පරාදවී සටන් නතර කරදැම්මේය මනාභරණ අවසාන මරණ මංචකයේදී රෝහණයේ කුමාරවරුන්ගෙන් ඉල්ලා සිටියේ පරාක්‍රමභාහුට යටත් වන ලෙසය රජකම සංකේතවත් කරන දන්ත ධාතූන් හා පාත්‍ර ධාතුව සතුව තිබුණේ මනාභරණයන් වෙතය මනාභරණයන්ගේ මරණින් පසු ඔහුගේ මව වූ සුගලා රැජින එම ධාතූන් සමඟ පලා ගියාය මෙයින් සිදුවූයේ ගජබාහුගේ ඇවෑමෙන් පරාක්‍රමබාහු පොළොන්නරුවේ ඔටුනු පැළදූ අවස්ථාවෙහි දන්ත ධාතුව හා පාත්‍රධාතුව ඔහු සතු නොවීමය පසුව පරාක්‍රමබාහුගේ සෙන්පතියා ලංකාධිකාරි කිත්ති,බූ. හා මන්ජු යන නායකයන්ගෙන් ප්‍රධානත්වයෙන් මෙ‍හෙය වූ සටනින් පසු මොනරාගල ඇතිමොලේ ප්‍රදේශයේදී මෙම ධාතූන් රජුගේ සේනාවන් විසින් අත්පත් කරගන්නා ලදුව සුගලා රැජින රුහුණට පලා ගියාය පරාක්‍රමබාහු රජුගේ සහෝදරයන් වූ හිටි බණ්ඩාර වරුන් කෑගල්ලේ ගලබොඩ කෝරළයේ ජීවත් වූ බවද හිටි බණ්ඩාරවරුන්ගේ වළව් කීපයක් හතර කෝරළයේ තිබූ බවද එච්.සී.පී බෙල් ඔහුගේ කෑගලු වාර්තාවෙහි සඳහන් වෙයි මහා පරාක්‍රමබාහුගේ යුද්ධ නිසා ආහාර හිඟයකින් රට වැසියන් බේරා ගත්තේද වැව් අමුණු හා ජලාශයන් විනාශ කිරීමට නොදී ආරක්ෂා කර ගත්තේද 2වන වික්‍රමබාහු හා 2වන ගජබාහු රජවරුන් විසින්ය එදවස කාම්බෝජයේ රජකෙනෙකු හා විවාහ අපේක්ෂාවෙන් සිංහල කුමරියක් විදේශ ගතවිය රාමඤ්ඤ දේශයේ වර්තමාන මියන්මාර දේශයේ ප්‍රදේශ රජ වූ අරියවද්ද රජු විසින් මෙම කුමරිය ඇත්‍රළු පිරිස පැහැර ගන්නා ලදී මෙම සිද්ධිවයෙන් කෝපයට පත් රජතුමා විශාල සිංහල සේනාවක් එම දේශයේ පප්පාහල නම් නැව් තොටින් රට තුළට ගොඩබස්සවා මියන්මාර දේශ‍යේ රජු මරා දමා ඒ රට අත්පත් කර ගත්තේය රජතුමාගේ සේනාව මෙහෙයවූ ලංකාපුර සෙනෙවියා සුදු අශ්වෙයෙක් පිට නැඟී අණබෙර වයමින් රට තුළ සංචාරය කරමින් එම ජයග්‍රහණය ප්‍රකාශ කළේය පසුව රජතුමාගේ රූපය සහිත කාසිද එරට භාවිත විය මෙයින් පස්ව රජතුමා පාණ්ඩ්‍ය දේශය හා චෝළ දේශයද ජයගෙන විශාල පිරිසක් සිරකරුවන් වශයෙන් මෙරටට ගෙන් බවද එරට රජු අප රටේ  රජුට කප්පම් ගෙවූ බවද සඳහන්ය එච්.ඩබ්ලිව්.කොඩිරිංටන්ගේ (short history of ceylon)පවසන පරිදි රාතුමා මියන්මාර දේශය සමඟ යුද වැදුණේ ලංකාවෙන් ගිය තානාපතිවරුන්ට එරටදී කළ අපහාසයක් නිසාය එය අලින් වෙළදාම පිළිබඳව ජාත්‍යන්තර නීතියක් උල්ලංඝනය කිරීමෙන් ඇති වූ සිද්ධියකි ලංකාපුත්‍ර සෙනෙවියා සමඟ හමුදාවක් ත්‍රිකුණාමල වරායෙන් පිටත් කර හරින ලදුව ඔවුහු 1169 වර්ෂයේදී ෂෙගු ගඟ අසබඩ වූ කුසුමියා නගරයට පහරදී එය විනාශ කර දැමූහ පරාක්‍රමබාහු රජුගේ හමුදාවේ ප්‍රධානියා වූයේද මාතලේ උපන් දණ්ඩනාථ සෙනෙවියාය මෙම යුද්ධ දණ්ඩනාථ සෙනෙවියා විසින් මෙහෙයවා ජය ලැබුවා පමණක් නොව සෙනෙවියාගේ එකම පුතාද තරුණ වියේදීම මව්බිම වෙනුවෙන් යුද්ධ පිටියේදී මිය ගියේය ඒ පිළිබඳව අදත් ප්‍රචලිත ජනකව පවතී පරාක්‍රමබාහු ගොවිතැනට හා යුද්ධයට පමණක් නොව වෙදකමට ද දක්ෂයකු විය පොළොන්නරුවේ රෝහල් පුද්ගලිකවම පරීක්ෂා කර බැලුවේය සතුන්ටද රෝහල් ඉදිකර දුන්නේය වරක් තුවාලයක් නිසා ඉගිලී යෑමට නොහැකි වූ කපුටෙකු අතින් ගෙන වෙදකම් කර සුවපත් කළේය සුවපත් වූ කපුටා ඇතෙකු පිට නංවා පොළොන්නරු නගරය පැදකුණු කරමින් රජතුමාගේ ගුණ මහිමය කියා පෑවේය රජතුමා දෙවරක්ම අභිෂේක ලැබ්වේය රජතුමාගේ පොළොන්නරු මාලිගය මාලිගය වෛජයන්ති ප්‍රසාදය නම් වූ අතර එය කාමර දහසකින් හෙබි සත්මහල් ප්‍රසාදයක් විය රජතුමාගේ එක් බිසවක් වූ රූපාවතී දේවිය පොළොන්නරුවේ රන්කොත් වෙහෙර ඉදි කළේය ලීලාවතී බිසව වරින් වර තුන් වතාවක්ම රජකම් කර ඇත සිය අත්තම්මා වූ සුගලා දේවිය රුහුණට පැහැරගෙන ගිය ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ආපසු පොළොන්නරුවට ගෙනවිත් දළදා මාලිගයක තැන්පත් කළේද මේ රජතුමාය අනුරාධපුරයෙහි ථූපාරමය හා ථූපගාරය පිළිසකර කළේය අහසින් වැටෙන දිය බිදුවක්වක් අපතේ නෙහරින ප්‍රතිපත්තියක සිටි මේ රජතුමා වැව් 1471 ක් ඉදි කළේය කුඩා වැව් 467 ක් ප්‍රතංත්කරණය කළේය වැව් බැමි 1395 ක් පුනරුත්ථපනය කළේය ඇළ මාර්ග 534 ක් අලුතින්ද තනවා කුඩා ඇළ මාර්ග 3300 ක් පුනරුත්ථපනය කළේය දිනපතා දළදාව වැද දානයද දුන්නේය භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය පරිදි චීවර පිණ්ඩපාතය ආදිය දී ධර්මයෙන් රට පිලනය කළේය තවත් ලිපියක් සමඟින් හමුවෙමු

One thought on “හෙළයේ බාහුලාගේ මහා පරාක්‍රමබාහු රජතුමා

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s