හතරවන පරාක්‍රමබාහු රජතුමා


ලංකා රාජාවලියේ 163 වැනි රජුය කුරුණඋගල අගනුවර කොට රජ කළ දෙවන බුවනෙකබාහු (1294-1302)මරා දමා රජ වූයේ මොහුය  මහාවංසය මොහු දෙවන බුවනෙකබාහුගේ පුතෙකු ලෙස හඳුන්වයි නමුත් දුම්බර කඩයිම් පොත අනුව මේ රජතුමා දෙවන බුවනෙකබාහු රජතුමාගේ පුත්‍රස්ථානයේදී හැදී වැඩුණු කුමාරයෙකි මෙහු චෞහන් ගෝත්‍රික හමීර්ශන්ඛාන්ගේ පුතාය මව සරස්වතී කලිකාල කුමරියයි මොහු රජවීමෙන් පසු කවි සිළුමිණ ආදී ග්‍රන්ථ රැසක් රචනා කර ඇත මොහු පණ්ඩිත පරාක්‍රමබාහු නමින්ද ප්‍රසිද්ධය හමීර්ශන්ඛාන්ගේ පුත් වූ මෙම රජු හා විවාහ වීමට සිදුවුවහොත් සිය කුල ගෝත්‍රයට වන අපහාසය මග හරවා ගැනීමට බුවනෙකබාහු රජතුමාගේ දූ කුමරිය වූ පද්මිණී දර සෑයට පැන දිවි නසාගත් බව දුම්බර කඩඉම් පොත කියයි දළදාව සඳහා තෙමහල් මාලිගයක් කුරුණෑගල ඉදිකළේ මේ රජතුමාය එපමණක් නොව දළදාව වැදීම සඳහා තිස් අට වැදෑරුම් නීතියක්ද සම්පාදනය කළේය එය දාඨාධාතු චරිත්ත නමින් හැදින්වේ පන්සිය පණස් ජාතකය සිංහලට පෙරළා ලියවා ලක්දිව හැම විහාර ස්ථානයකටම බෙදා හැරියේය තොටගමුවේ විජයබා පිරිවෙනෙහි තිබී විනාශ වූ හතළිස් පස් රියන් බුදු පළිමය තිස් රියන් වන පරිදි පිළිසකර කළේ මේ රජතුමාය පොල් ග්ස් පන්දහසකින් යුත් ඉඩමක් තොටගමුව විහාරයට පූජා කළේය දෙවිනුවර ප්‍රතිමා මන්දිරයක් තනවා එහි ආරාමයද ගැටමාන්න ගමද ශාසනයට පූජා කළේය රත්ගම ශ්‍රී ඝනානන්ද පිරිවෙන ඉදි කළේද මේ රජතුමාය මේ ආදී පින්කම් රැසක් කළත් මේ රජතුමාට අත්වූයේ ඛේදජනක මරණයකි පිරිත් දේශනයක් සවන් දීමට මොහු ඇතුගල මුදුනට ගෙන ගොස් ගලින් ස්ථානයෙහි ඇතුගල් විහාරයද මළ සරුර පුළුස්සා ආචාහනය කළ ස්ථානයෙහි ගලේ බණ්ඩාර දේවාලයද පිහිටුවා ඇත තවත් ලිපියක් සමඟින් හමුවෙමු

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s