අනුරාධපුර රාජධානියේ අවසානය


සියවස් දාහතරකට ආසන්න කාලයක් ලක්දිව පැවති අනුරාධපුර රාජධානිය ක්‍රි.ව.1017 දී බිඳවැටී ගියේය මෙහි පරිහානියට හා බිඳ වැටීමට හේතු කීපයක් බලපාන්නට ඇතැයි ඉතිහාසඥයෝ පවසති විදේශීය සතුරු ආක්‍රමණ,අභ්‍යන්තර දේශපාලන අරගල,ද්‍රවිඩ ජනගහනය වැඩිවීම,හමුදා බලය ද්‍රවිඩයන් සතුවීම,ආගමික මතභේද,දුර්වල පාලකයන් ඇති වීම,රජවරුන් විදේශ ප්‍රතිපත්ති හ‍ෙ ප්‍රබල චෝළ අධිරාජ්‍යයක් දකුණු ඉන්දියාවේ ඇතිවීම ආදී කරුණු මේ අතර වෙයි

                                                                                                                       විදේශ ආක්‍රමණ          

ශ්‍රී ලංකාව දකුණු ඉන්දියාවට ආසන්නව පිහිටීම නිසාත් එහි රාජධානිය පිහිටි අනුරාධපුර නගරය වනදුර්ග,ගිරිදුර්ග ආදියෙන් තොරව අනාරක්ෂිත පරිසරයකින් පැවති නිසාත් දකුණු ඉන්දීය ආක්‍රමණිකයින්ට පහසුවෙන් එය අල්ලා ගැනීමට හැකි විය අනුරාධපුර යුගයේ මුල් කාලයට අයත් සූරතිස්ස රජතුමාගේ පාලන අවධියේ පටන් ත්‍රි.ව 1017 වන තෙක්ම විටින් විට මේ ආක්‍රමණ සිදුවූ බව වංසකථාව අනුව පැහැදිලි වේ

                                                                                                                       ආර්ථික පරිහානිය

මුල් අවධිවල ආක්‍රමණවලින් මෙරට ආර්ථිකයට එතරමි නරක බලපෑමක් එල්ල නොවූ නමුත් ක්‍රි.ව.9 වන සියවසෙන් පසුව සිදුවූ ආක්‍රමණවලින් එම ක්‍රෂේත්‍රයට බලවත් හානි  පැමිණීම පළමුවන සේන රජතුමාගේ පාලන සමයෙහි ශ්‍රී මාර වලිලභ රජු සමඟ පැමිණි පාණ්ඩ්‍ය සේනාව අනුරාධපුර ආක්‍රමණය කොට ගම්බිම්,විහාරස්ථාන මෙන්ම රටවැසියන් සතුව තිබුණු වස්තුව කොල්ල කෑහ අන්තිමේදී ඔවුන් මෙරටින් පිටව ගියේ එම වස්තුව රැගෙන යාමටත් තවත් කප්පමක් ගෙවීමටත් රජු එකඟ කරවා ගෙනය මේහිදී ලක්දිව උතුරේ සිටි ද්‍රවිඩයෝ ඔවුන්ට එකතු වූහ විශේෂයෙන් අනුරාධපුරයේ මෑත කාලය වන විට මෙබඳු ආක්‍රමණ ලක්දිවට සිදු වූ බැවින් රටේ ආරක්ෂාව තර කිරීමටත් ඒ පිළිබඳ විමිසිල්ලෙන් සිටීමටත් සිදු වූ බැවින් රටේ ආරක්ෂාව තර කිරීමටත් ඒ පිළිබඳ විමිසිල්ලෙන් සිටීමටත් සිදු වූ බැවින් එකල සිටි රජවරුන්ට වැව් අමණු සෑදවීමට හෝ කැඩී බිඳී ගිය ඒවා ප්‍රතිසංස්කරණය කිරීමට හෝ අවස්ථාවක් උදා නොවීය මේ කාර්යයෙහි තරමක් දුරට හෝ නිරත වූයේ දෙවන උදය,දෙවන සේන යන රජවරු සමණි එහෙත් ඔවුන්ගෙන් පසුව යළිත් රටට උදා වූයේ දුර්භාග්‍ය කාල වකවානුවකි මේ හේතුවද අනුරාධපුර රාජධානිය බිඳ වැටීමට බොහෝ දුරට බලපාන්නට ඇත

                                                                                                                       රාජවංශ අතර ගැටුම්

එපමණක් නොව කාලයක සිට රාජවංස අතරද දේශපාලන බල අරගල පැවිතිණි විජයරාජ වංසය,ලම්භකර්ණ රාජවංසය හා මෞර්ය රාජවංසය අතර විටින් විට සිහසුන උරුම කර ගැනීම සඳහා ගැටුම් ඇති විය මේ තත්වය ක්‍රි.ව පළමුවන සියවසේ පටන්ම පැවිතිණි ඉළනාග රජුත් ලම්භකර්ණ වංසිකයුනුත් අතර පැවති අරගලය මහාවංසයේ පැහැදිලි වෙයි ඉළනාග රජු රජ පැමිණි පළමුවන අවුරුද්දේහි නිසා වැවට ගිය කල බොහෝ ලම්භකර්ණයෝ රජු හැර නුවරට ආහ රජු ඔවුන් නොදැක කිපී ඔවුන්ට දඬුවමක් වශයෙන් මහාසෑයක් ඉදිකිරීමට නියම ‍කොට එහි වැඩ පරීක්ෂා කිරීමට සැඩොල්න් යෙදවීම එයින් කිපුණු ලම්භකර්ණ වංශිකයෝ එකතුව රජු අල්ලා සිරකොට රාජ්‍ය විචාරන්නට වූහ සිරගෙයින් ගැලවීගිය ඉළනාග තුන් වසරක් විදේශ ගතව සිට යළිත් රුහුණට අවුත් සේනා සංවිධානය කොට සිය රාජ්‍ය ලම්භකර්ණයන්ගෙන් අල්ලා ගත්තේය විජය රාජවංසිකයන්ගේ පාලනය අවසන් වන්නේ සුභ නම් බලතා රාජ්‍ය අල්ලා ගැනීමත් සමඟය ඉන්පසු සුභ රජු මරා ලම්භකර්ණ වංසික වසභ කුමරා රාජ්‍යයට පැමිණියේය ඉන්පසු වරෙක මෞර්ය රාජවංසිකයන්ටත් තවත් වරෙක ලම්භකර්ණ වංසිකයන්ටත් සිහසුන මාරු වූ අතර මෙයින් රටේ පාලන තන්ත්‍රය අවුල් වී එහි ප්‍රගතියට මෙන්ම සාමයට එල්ල වූයේ බලවත් තර්ජනයකි අනුරාධපුර රාජධානියේ පරිහානිය ඉක්මන් වීමට මේ කරුණද බොහෝ දුරට බලපෑවේය

                                                                                                                       අභ්‍යන්තර යුධ අරගල

අනුරාධපුර රාජධානියේ රුහුණත් වෙන්වීම හේතු කොටගෙන ඇති වූ අභ්‍යන්තර දේශපාලන අරගලද මීට බෙහෙවින් දායක වූ බව පෙනේ ක්‍රි.ව.හත්වන සියවසේ මුල් කාලයේදී පටන් මේ තත්ත්වය දැකගත හැකිය දෙවන අග්‍රබෝධි රජුට පසුව බලයට පත්වූ සංඝතිස්ස රජුත් රුහුණේ මුගලන් සෙනෙවියාත් අතර සටන් ඇතිවූ අතර එයින් සංඝතිස්ස රජු මරණයට පත් විය මුගලන් සෙනෙවියා තුන්වන මොග්ගලාන නමින් රජ වූවද ඔහුට රුහුණේ තර්ජන එල්ල වී සිලාමේඝවර්ණ අතින් මරණයට පත් විය පසුවන අග්‍රබෝධි ,දෙවන මහින්ද ආදී රජවරුන්ගේ කාලයේදීද රුහුණ ස්වාධීනව පැවතිණි දුටුගැමුණු,වළගම්බා ආදි රජවරුන් විදේශීය සතුරන්ට විරුද්ධව නැගී සිටීමට ශක්තිමත් වූයේ රුහුණේ සිටය දේශීය අභිවෘද්ධිය රුහුණු ප්‍රදේශයෙන් ඉමහත් පිටුවහලක් විය එහෙත් පසු කාලයේ මෙසේ රාජ්‍යයන් දෙකකට වෙන්වීම නිසා රටේ අභ්‍යන්තර වියවුල් උත්සන්න වූ අතර එයින් රටේ සාමයත් සමෘද්ධියත් පරිහානිය කරා ගමන් කළේය මේ හේතුවෙන් අනුරාධපුර රාජධානිය දුර්වල වූ අතර ද්‍රවිඩ ආක්‍රමණිකයන්ටඑය පහසුවෙන් අල්ලා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් විණ

                                                                                                                       ද්‍රවිඩ බලයේ වර්ධනය 

අනුරාධපුර යුගයේ මුල් අවධියේ පටන් මෙරට සිදු වූ ද්‍රවිඩ ආක්‍රමණ නිසාත් ඇතැම් සිංහල රජවරුන් විසින් තම ජයග්‍රහණය ආක්‍රමණ කිරීමත් නිසාත් ඇතැම් සිංහල රජවරුන් විසින් තම ජයග්‍රහණය සඳහා දකුණු ඉන්දීය ද්‍රවිඩ හමුදාවල සේවය ලබාගැනීම නිසාත් ලක්දිව ද්‍රවිඩ ජනගහනය ක්‍රමයෙන් වර්ධනය විය අභයනාග ,පළමුවන මුගලන්, හා තුන්වන අග්‍රබෝධි,පළමුවන හා දෙවන දාඨෝපතිස්ස ආදි රජවරු සිහසුන උරුම කරගැනීම සඳහා දකුණු ඉන්දීය ද්‍රවිඩ සේනාංකවල ආධාරය ලබාගත්හ මානවම්ම රජු පල්ලව සේනාංකයත් සමඟ ලක්දිවට එන විට දේශපාලන ක්ෂේත්‍රයෙහි ද්‍රවිඩ බලය උච්චාස්ථාවක පැවති බව පෙනේ එවකට රජකම දැරූ හත්ථදාඨ රජු සිහසුනට පත්කර තිබුණේ පොත්ථකුට නමැති දමිළ සේනාධිපතියකුට විසිනි රජයේ උසස් තනතුරු වැඩිහරියක් සතුවී තිබුණේ ඔවුන්ටය මානවම්ම රජතුමා ඔවුන් සමඟ සටන් කොට රජකම ලබාගත්  පසු ඔවුන් උසස් තනතුරුවලින් බැහැර කළ අතර ද්‍රවිඩ බලය මැඩලීමට හැකිතාත් උත්සාහ ගත්තේය පළමුවන සේන රජුගේ පාලන සමයෙහිදී හ්‍රී මාරවල්ලභ ද්විතීය භාගයෙහි සඳහන්ව ඇත මෙයින් පැහැදිලි වන්නේ අනුරාධපුර රාජධානියේ පරිහානියට ද්‍රවිඩ බලයේ වර්ධනයද හේතුවූ බවය

                                                                                                                          විදේශීය ප්‍රතිපත්ති

ක්‍රි.ව. දහවන සියවසේ මැදභාගය පමණ වන විට දකුණු ඉන්දියාවේ සොලී බලය වර්ධනය වෙමින් පැවතිණි මේ නිසා පාණ්ඩ්‍ය හා කේරළ ආදී රාජ්‍ය ඔවුන්ට විරුද්ධව තම දේශපාලන බලයෙහි සමතුලිතතාවක් ඇතිකර ගැනීම සඳහා මාණ්ඩලික ප්‍රතිපත්ති අනුගමනය කළහ මේ අතර අනුරාධපුර යුගයේ මෑත කාලීනව සිටි රජවරුන්ද චෝළ විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කළහ මේ අනුව ඔවුහු පාණ්ඩ්‍ය හා කේරළ රාජ්‍යට උදවු කළ බව පෙනේ පස්වන කාශ්‍යප රජතුමා සොළී රජුට විරුද්ධව සටන් කිරීම සඳහා පාණ්ඩ්‍ය රටට සේනාවක් යැව්වේය මේ ප්‍රතිපත්තිය නිසා සොළීහු ලක්දිව තමන්ට විරුද්ධ රටක් ලෙස සිතූහ එබැවින් කෙදිනක හෝ ලක්දිව තම අධිරාජ්‍යට ඈදා ගැනීම ඔවුන්ගේ අභිප්‍රාය විය

                                                                                                                           දුර්වල පාලකයෝ

ක්‍රි.ව. දෙවන සියවසෙන් පසුව ලක්දිව පාලනය කළ රජවරු වැඩි දෙනෙකු දුර්වල පාලකයෝ වූහ මේ අය අතරින් පස්වන කාශ්‍යප,හතරවන මහින්ද, යන රජවරු දෙදෙනා පමණක් සැලකිය යුතු දක්ෂ රජවරුන් දෙදෙනෙකු හැටියට පෙන්වා දිය යුතුය හතරවන මහින්ද රජතුමා දෙවතාවක්ම සොළී ආක්‍රමණ දෙකක් මැඩ පැවැත්වූ බව වංසකථාවේ දැක්වේ දුර්වල පාලකයෝ නිසා කඩා වැටැණු රාජ්‍ය පාලන කන්ක්‍රය යථා තත්ත්වයට ගෙන ඒමට ඔවුන්ට හැකි වූවත් ඔවුන්ට පසුව ඇති වූ දුර්වල පාලකයන් නිසා යළිත් රට පරිහානියට පත්විය හතරවන උදය රජු ඉතා දුර්වල පාලකයෙකු විය මත්පැනට දැඩි ලෙස ගිජුකමක් දැක්වූ ඔහු රාජධූරයට අයත් වගකීම හරිහැටි ඉටුකළේ නැත මේ හේතුවෙන් රටේ අභ්‍යන්තර පාලනය පිරිහී ගියේය සාමය හා සංවරය නැතිවී ගියේය හතරවන දප්පුල රජුගේ පාලන සමයෙහි යුද ආධාර පතා මෙහි පැමිණි පාණ්ඩ්‍ය  රාජසිංහ රජු අවශ්‍ය ආධාර නොලැබූ නිසා සිය රාජ කකුධ භාණ්ඩ සිහල රජුගේ භාරයේ තබා ගොස් තිබිණි තුන්වන උදය රජුගේ පාලන සමය වන විට සොළීහු පාණ්ඩ්‍ය දේශය අත්පත් කොට ගෙන සිටියහ එහි පරන්තක නමැති සොළී රජුට පාණ්ඩ්‍ය දේශයේ අභිෂේකය ලැබීමට රාජකකුධ භාණ්ඩ අවශ්‍ය විය ඒ වන විටත් ලක්දිව රාජ්‍ය පාලනයේ පැවති අවුල් වියවුල් දැනගත් පරන්තක රජු රාජකකුධ භාණ්ඩ ඉල්ලා රජු වෙත හසුනක් එවීය එහෙත් එය නොලැබූ බැවින් පරන්තක ලක්දිව ආක්‍රමණය කොට කොල්ල කෑහ හතරවන මහින්ද රජුගෙන් පසුව රජකම අත්වූ පස්වන සේන රජුද සුරා සොඩෙකු වූ අතර රාජ්‍ය පාලනයෙහි දුර්වලයෙකු විය ඔහු තම පියාට උදව් දුන් සේන නමැති සෙනෙවියා බලවෙන් පහකළ නිසා ඔහුත් සමඟ අරගල කරගැනීමට සිදුවිය පසුව මේ අරගලය සමථයකට පත්කළ ගත්තේ රජු සේන සෙනවියාගේ දුව විවාහ කර ගැනීමෙනි එහෙත් සටන් පැවති සමයේ වේළක්කාර භටයන් විසින් මහජන දේපළ කොල්ල කෑම නිසා රජවැසියන් බලවත් පීඩාවකට පත්විය ඔහුට පසුව රජවූයේ ඔහුගේ පුත්‍ර පස්වන මහින්දය පස්වන මහින්ද රජතුමාද ඉතා දුර්වල පාලකයෙකු විය ඒ වන විටත් සේන රජු යුද සේවයට ගෙන ආ වේළක්කාර භටයන්ගෙන් අනුරාධපුරය පිරී පැවති අතර ඔවුන්ට වැඩුප් ගෙවීම සඳහා විශාල මුදලක් වැය විය රජු දුර්වල පාලකයෙකු වීම නිසා රටේ සාමය හා නීතියද අන්තයටම පිරිහී ගොස් තිබිණි රජවැසියෝ අයබදු ගෙවීමෙන් වැළකී සිටියහ එබැවින් භාණ්ඩාගාරය හිස් විය වැටුප් නොලැබීම නිසා වේළක්කාර භටයෝ රජමාලිගය බටකොට රජුට තර්ජන කළේය රජු රුහුණට පලාගිය අතර රටෙහි අරාජික ත්ත්වයක් ඇතිවිණි මේ අතර වේළක්කාර හමුදා භාර නායකයෝත් සිංහල යුද සෙනෙවියෝත් රිසි පරිද්දෙන් මංකොල්ල කමින් දාමරිකකම්වල යෙදුනහ

                                                                                                                 සොළීහු රජරට අල්ලා ගනිති

මේ කාලවකවානුව වන විට දකුණු ඉන්දියාවේ ප්‍රබල සොළී අධිරාජ්‍යක් ගොඩ නැගී තිබිණ ඔවුන් සතු නාවිග බලයද උසස් මට්ටමද පැවතිණි ඉන්දියන් සාගරයේ නැව් ගමනාගමනයේ පාලනයද තමන් සතුව පවත්වා ගැනීමට ඔවුහු සමත් වූහ බෙංගාලය,බුරුමය හා මලයාව ආදී රටවල චෝළ යටත් විජිත ඇතිවිය පස්වන මහින්ද රජුගේ පාලන අවධියේ පැවති දුර්භාග්‍ය අවස්ථාව දැනගත් සොළීහු ලක්දිව ආක්‍රමණය කිරීමට තීරණය කළහ මේ අනුව රාජ රාජ නමැති සොළී රජු විශාල සොළී බල සෙනඟක් එවා කිසිම බාධාවකින් තොරව අනුරාධපුර රාජධානිය අල්ලා ගත්තේය ඔවුහු රටවැසියන්ට හිරිහැර කරමින්ද වස්තුව කොල්ල කමින්ද ගොඩනැගිලි ගින් තබමින්ද අනුරාධපුර රාජධානිය විනාශ කළහ ඔවුන් රජරට ප්‍රදේශ අල්ලාගෙන සොළී අධිරාජ්‍ය කොටසක් හැටියට ඇඳා ගත්තද රුහුණු ප්‍රදේශය සිංහල රජු යටතේ පැවතිණි සාම සාකච්ඡාවක් පැවැත්වීම ව්‍යාජයෙන් ක්‍රි.ව.1017 සිහිඳු රජු ගෙන්වා අල්ලාගත් ඔවුහු ඔහු සිරකරුවකු වශයෙන් සොළී රටට ගෙන ගියහ රුහුණු ප්‍රදේශයෙන් එල්ල විය හැකි සතුරු ආක්‍රමණවලට සාර්ථකව මුහුණ දීමට සුදුසු කේන්ද්‍රිස්ථානයක් ලෙස පැවති පොළොන්නරුව ඔවුහු අගනුවර කරගත්හ එතැන් පටන් එය හැදින්වූයේ ජනනාථපුරම් යන නමිනි වසර දහස් ගණනක අධික දහස් ගණනකට අධික කාලයක් ලක්දිව අගනගරය වශයෙන් පැවති අනුරාධපුරය ඉන්ලසු අභාවයට ගියේය

තවත් ලිපියක් සමඟින් හමුවෙමු

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s