හෙළයේ මානවම්ම රජතුමා


පළමුවන දාඨෝපතිස්ස රජුගේ සොහොයුරියගේ පුත්‍රයා වූ හත්ථදාඨ හෙවත් දෙවන දාඨෝපතිස්ස රජු පරාජය කොට මානවම්ම කුමරා ලක්දිව සිහසුන අත්පත් කරගත්තේය මොහුගේ පාලන කාලය ශ්‍රී ලංකා ඉතිහාසයේ නව පරිච්ඡේදයක ආරම්භයක් ලෙස ඉතිහාසඥයෝ පෙන්වා දෙති මානවම්ම රජ පෙළපත ශතවර්ෂ තුනකටත් වැඩි කාලයක් ලක්දිව පැවතිණි ඒ අනුව එය ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ පැවති ඉතා දිග පෙළපත්වලින් දෙවැන්න හැටියට සැලකේ නමුත් මේ පෙළපතේ අවසාන භාගයේදී ලක්දිවට එල්ල වූ විදේශ ආක්‍රමණ හේතුවෙන් රටේ සාමය කෙමෙන් අතුරුදහන් වී ගියේය මානවම්ම පෙළපතට අයත් දීර්ඝ කාලයක් සිහසුන හෙබවූ රජුන් ලෙස මානවම්ම,හතරවන අග්බෝ,දෙවන මහින්ද,පළමුවන සේන,දෙවන සේන, යන රජවරුන් පෙන්වා දියහැක්ය එකල සිටි රජවරුන් විසින් මහාසංඝයාට කරන ලද පරිත්‍යාගවලින්ද පවත්වන ලද විවිධ ආගමික උත්සවවලින්ද පැහැදිලි වන්නේ ඔවුන් ධනයෙන් ආඪ ්‍යව සිටි බවය පළමුවන සේන රජු දවස ශ්‍රී මාර වල්ලභ යටතේ අනුරාධපුරය ආක්‍රමණය කළ පාණ්ඩ්‍ය සේනාව අනුරාධපුර කොල්ල කෑහ මානවම්ම රජතුමා ගැන මහාවංසය දෙවන භාගය හා පූජාවලිය ආදි ඓතිහාසික මූලාශ්‍රයවල තොරතුරු සඳහන්ව ඇත විශේෂයෙන් මහාවංෂය දෙවන භාගයෙහි ඔහු මැනවින් වර්ණනාවට පාත්‍ර වී ඇති බව පෙනේ එහි දක්වා ඇති පරිදි මානවම්ම කුමරු ථූපාරාමය බේදකළ දෙවන කස්සප රජුගේ පුත්‍රයෙකි ඔහු හත්ථදාඨ රජුට බියෙන් දඹදිවට පලාගොස් නරසිංහ වර්මන් රජු හා වල්ලභ රජු අතර යුද්ධයක් හටගත්තේය මානවම්ම කුමරු තම මිත්‍රයා වූ නරසිංහ වර්මන් රජු හා එකතුව වල්ලභ රජු පරාජයට පත් කළේය එම සටනේදී මානවම්ම කුමරු විදහා දැක්වූ රණශූරත්වය නරසිංහ වර්මන් රජුගේ ඉමහත් ප්‍රසාදයට ලක්විය මානවම්ම කුමරු ලක්දිව සිහසුන අතුකර ගැනීම සඳහා කළ ප්‍රථම උත්සිහය නිෂ්ඵල විය ඊට හේතුව වූයේ නරසිංහ වර්මන් රජු ලබාදුන් පල්ලව සේනාව එතුමා අසනීප වූ බැවින් අසා අතරමඟදී ආපසු ඉන්දියාවට යාමය එබැවින් තම දිවි ගලවාගෙන නැවත වරක් එම රජු වෙත පලාගිය ඔහු එම රජු ඇසුරේ වාසය කළහ නරසිංහ වර්මන් රජුගේ අභාවයෙන් පසු තවත් රජවරුන් දෙදෙනෙකු යටතේ සිටියේය ඔහු දෙවෙනි වර ලක්දිව ආක්‍රමණය කළේ වසර විස්සකට පමණ පසුවය ආධාරයට පැමැණි පල්ලව සේනාවක් සමඟින් එක්ව හත්ථදාඨ රජුට විරුද්ධව කරන ලද සටනින් ජයගත් ඔහු ලක්දිව සිහසුන අත්පත් කර ගත්තේය එතුමා විසින් වසර තිස්පහක් දැහැමිව සෙමින් රජ පාලනය කළේය පෙර සිංහල රජදරුවන් පරිද්දෙන් ඔහුද බුදුසසුනේ චිරස්ථිය සඳහා විශාල වැඩ කොටසක් ඉටුකළ බව පෙනේ කැඩී බිදී ගිය වෙහෙර විහාර පිළිසකර කිරීම භික්ෂූන්ට සිවිපසයෙන් සංග්‍රහ කිරීම ආදී පුණ්‍ය කටයුතු රාශියක් ඔහු විසින් ඉටුකරන ලද බව ඓතිහාසික මූලාශ්‍රවල සඳහන්ව ඇත පූජාවලිය දක්වා ඇති පරිදි උතුරුමුළ,වාදුම්මුළ,කපුගම පිරිවෙන,දෙමටගල්,ඇළගිරි,සත්වැලිය ,උතුරු පිරිවෙන හා දෙවිනුවර යව ආගමික සිද්ධස්ථාන එතුමා විසින් කරවන ලදී ලෝවාමහාපාය,ථූපාරාමයෙහි ගෙඩි ගෙයද සෙවෙනි කරවූ අතර පාංශුකුලිංකාංශ රක්ෂෘ කරන භික්ෂූන්ට ථූපාරාමයෙහි ප්‍රසාදයක් ඉදිකොට දුන් බව මහාවංසයෙහි දෙවන භාගයෙහ සඳහන්ව ඇත එසේම එහි චෛත්‍ය මස්තකයෙහි තිබුණු ඡත්‍රයද ප්‍රතිසංස්කරණය කරවීය තවත් ලිපියක් සමඟින් හමුවෙමු ඔබගේ අදහස් අපට ලියන්න

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s