හෙළයේ පළමුවන අග්‍රබෝධි රජතුමා


වසර තිස් තුනක් සිංහල සිහසුන හෙබවූ පළමුවන අග්‍රබෝදී රජතුමා මහානාග රජුගේ මයිලනුවන්ගේ පුත්‍රයාය මෙහු මෞර්ය වංශයට අයත් වූවකි මහානාග රජුගේ අභාවයෙන් පසු පළමුවන අග්‍රබෝධි නමින් රජකමට පත් වූ ඔහුගේ රාජ්‍ය පාලන සමය ලක්දිව සෞභාග්‍ය පැවති අවධියක් ලෙස දැක්විය හැකිය ධාර්මික පාලකයකු වූ එතුමා කැඩී බිදී ගිය වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කරවූ අතර අලුතින් විහාරස්ථාන රාශියක්ද කරවීය ඔහු තම මාමාට උපරජ තනතුරද සොහොයුරාට යුවරජතනතුරද බෑණාට මලය රජ තනතුරද පිරිනැමුවේය ඔහු ගිරිවෙහෙර තනා සඟ සතු කොට භෝග පිණිස කෙත් දෙසීයක්ද පූජා කළේය සිරිසඟබෝ නමින් පිරිවෙනක්ද මහාසිව නමැති තෙරුන්ට සිය නමින් පිරිවෙනක්ද කරවීය කුරුන්ද නම් වූ සර්ව සාංඝික විහාරය කරවා එම නමින් යුක්ත වැවද තුන් යොදුන් නෙරළු අරමක්ද ‍ගොයම් කරවනු සඳහා මහත් සීමා දෙකක්ද පුදන ලද අතර එහි ඇප උපස්ථාන සඳහා ආරාමිකයින් සියයක්ද යොදවන ලදී ඇඹුල්පස නම් මහාවිහාරික වෙහෙර කරවා මහාවිහාරික භික්ෂුවට පූජා කළේය රුවන් නම් සෙලමුවා පළිමයක්ද කරවීම,ලෝවාමහාපාය ප්‍රතිසංස්කරණය කිරීම,ගොළු සෙනෙවියා විහාරය හා එනම් ඇති පිරිවෙන කරවීම මෙතුමාගේ ශාසනික කටයුතු අතර වෙයි ඇත්කඳ විහාරයෙහි ප්‍රසාදයක්ද,දක්ෂිණ ගිරිදළ වෙහෙර,මානාගල වෙහෙර,කලා වැව් වෙහෙර ආදී විහාරස්ථානවල පොහෝ ගෙවල්ද කරවන ලදී මෙතුමා අභයගිරි විහාරයෙහිද සෑගිරියෙහිද පොකුණු දෙකක් කරවූ අතර මිහින්තලා වැව කරවා එම වැව සීමාවෙන් තෙරුන් වඩාගෙන ඒමට නියෝග කළේය මේ ආදී වශයෙන් බුදුසසුනේ දියුණුවට විශාල මෙහෙයක් ඉටුකළ එතුමා කෘසිකර්මාන්තයේ දියුණුව සඳහාද අවධානය යොමු කළේය කැඩී බිදී ගිය වැව් අමුණු ප්‍රතිසංස්කරණය කරවීම මිනිමෙව්ලා නම් වැව් බැම්ම මෙතුමා විසින් බඳවන ලද අතර මිණිගිරි වැවෙහි මහා මොවු ඇළ සෑදවීය අග්‍රබෝධි රජුගේ පාලන සමයෙහිදී වෛතුල්‍යවාදය යළිත් ඉස්මතු විණි මේ වෛතුල්‍යවාදීන් විවාදයකින් පරාජය කරන ලද්දේ ජෝතිපාල නමැති මහාස්ථවිර කෙනෙකු විසිනි රජුගේ මාමා වන උපරාජ ධූරය හෙබවූ දාඨාපභූති මෙහිදී වෛතුල්‍ය වාදීන්ගේ පක්ෂය ගෙන සිටියේය වාදයෙන් පැරදී ලැජ්ජාවට පත් ඔහු ජෝතිපාල තෙරුන්ට පහරක් ගැසීමට අත එසවූ කල්හි එකණෙහිම ඔහුගේ අතෙහි ගඩුවක් හට ගත්තේය අග්‍රබෝධි රජතුමා එයින්ම තෙරුන් කෙරෙහි පැහැදී උන්වහන්සේ ආරක්ෂා කිරීමට පියවර ගත්තේය මේ සඳහා තම බෑනා වූ අක්බෝට ඈපා තනතුර දී ඒ කටයුත්ත භාර කළේය පළම් වන අග්‍රබෝධි රජතුමා දක්ෂ කිවියකු විය එතුමාගේ රාජ්‍ය සභාව උගත් බුද්ධිමත් පඬිවරුන්ගෙන් සමන්විත වූවකි සක්දාමල,අසක්දාමල,දැමී,බෑබරි,දළබිසෝ,අනුරුත් කුමරු දළගෝස් කුමරු,දළසර කුමරු ,කිත්සිරි කුමරු ,පුරවඩු කුමර්, සූරියබාහු සහ කසුප්තොට ඈපා යන දෙළොස් මහාකිවිදූ මේ රජුගේ පාලන සමයෙහි සිටි බව නිකාය සංග්‍රහයෙන් පැහැදිලි වේ. තවත් ලිපියක් සමඟින් හමුවෙමු ඔබේ තොරතුරු අපට කියන්න

One thought on “හෙළයේ පළමුවන අග්‍රබෝධි රජතුමා

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s