හෙළයේ මුගලන් රජතුමා


කාශ්‍යප රජුගේ ඒ නිර්භීත ක්‍රියාවෙන් පුදුමයට පත් මුගලන් කුමරු ඔහු කෙරෙහි පැහැද ආදාහන කටයුතු කරවා සියලු උපකරණද රැගෙන අනුදධපුරයට ගියේය භිකුෂූන් වහන්සේලා ඔහු සාදරයෙන් පිළිගත්හ අනුරාධපුරයෙහි රජකමට පත් වූ ඔහු පළමුවෙන්ම කළේ තම පියා මැරීමට සම්බන්ධ වූ සියලු ඇමතියන්ට දඬුවම් පැමිණවීමය පසුව යහපත් ක්‍රියාවන්ට නැඹුරු වූ ඔහු වෙහෙර විහාර ඉදිකොට භික්ෂූන්ට සිව්පසයෙන් සංග්‍රහ කළේය සීගිරි දළහ නම් විහාරයද දාඨාකොණ්ඩඤ්ඤ නම් විහාරයද අභයගිරි හා ජේතවන නිගායික භික්ෂූන්ට පිදීය සීගිරිගල කරන ලද විහාරය මහානාම නමැති භික්ෂූන්ට පූජා කළේය මුගලන් රජුගේ පාලන සමයෙහි සිදුවූ වැදගත් සිදුවීමක් ලෙස දැක්විය හැක්කේ ලක්දිවට කේශධාතු වැඩම කිරීමය මුගලන් කුමරා කසුප් රජුට බියේ දදිවට පලා යද්දී සිලාකළ නමැති ලම්භකර්ණ වංසයට අයත් තරුණයෙක්ද ඔහු සමඟ ගියේය මොහු කසුප් රජුට කලකිරී ඔහුගෙන් වෙන් වී ගිය දාඨාපභූති නමැත්තෙකුගේ පුත්‍රයාය සිලාකාළ දඹදිව බෝමැඩදී පැවිදිව ප්‍රතිපත්තිගරුකව කාටත් ප්‍රියශීලීව එහිම විසීය එක් අවස්ථාවක ඔහුට ලැබුණු අඹ භික්ෂූන්ට පරිත්‍යාග කළ බැවින් එතැන් පටන් ඔහු අඹහෙරණ නමින් ප්‍රකට විය මුගලන් රජු රාජ්‍ය විචාරණ සමයෙහි ඔහු කේශාධාතු ලැබ ලක්දිවට වැඩම කළේය මුගලන් රජු ඉමහත් භක්ත්‍යාදරයකින් කේශධාතු පිළිගෙන රන් කරඬුවක තැන්පත් කොට පිළිම ගෙයක තබා ඊට නිරතුරු පුද පෙරහැර අතර එහි ආරක්ෂාවට සිලාකළ යෙදවීය ඔහුට අසිග්ගාහක පදවියද පිරිනමන ලදී තවත් ලිපියක් සමඟින් හමුවෙමු

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s