හෙළයේ කාශ්‍යප රජතුමා


මෙයින් කුපිත වූ මිගාර කස්සප කුමරු හා කුමන්ත්‍රණ කොට ධාතුසේන රජතුමා සිහසුනෙන් පහ කළේය එතැන් පටන් රජකමට පැමිණි කස්සප පවිටු මිතුරන් ඇසුර ලබ පියරජුට හිතවත්ව සිටි පිරිසද නසමින් පාලනය ගෙන ගියේය මේ අතර මුගලන් කුමරු දඹදිවට පලා ගියේය සිරගතව සිටි ධාතුසේන රජුට තවතවත් හිරිහැර කරවීම සඳහා මිගාර කස්සප රජු පෙළඹවීමට කටයුතු කළේය මුගලන් කුමරු සඳහා ධාතුසේන රජු නිධාන් රකින බව කියමින් මිගාර බොරු චෝදනා එල්ල කළේය තමා නිර්දෝශී බව ඔප්පු කිරීමට ධාතුසේන රජු උත්සාහ කළද එය සාර්ථක නොවීය තම එකම වස්තුව කලා වැව යයි එතුමා අන්තිමේදී කියා සිටියේය එයින් කුපිත වූ කසුප් රජු එහු කලා වැවෙහි සිටුවා බැඳ මැටි ගසා මරා දැමීය තමාගේ ඉක්මන් වීම හේතු කොට ගෙන කරන ලද පීතෘඝාතක පාපකර්මය නිසා විපිළිසර වූ කසුප් රජු ඉන් මිදීමට මාර්ගයක් වශයෙන් නොයෙකුත් පුණ්‍ය කටයුතුවල නිරත විය මුගලන් කුමරු පලා ගිය බව දැනගත් ඔහු එයින් බියපත්ව ආරක්ෂාව පතා සීගිරියට පැමිණ එය අවට සුද්ධ කරවා දියඅගල්,පවුරු,ආදියෙන් සමන්විත බලකොටුවක් එහි සකසා කල් ගෙවීය තමා සතු වස්තුවද එහි තැන්පත් කරවීය එහි ආලකමන්දාව සදිසි රජමාලිගයක් කොට වෙසවුණු මහරජු සෙයින් ඔහු එහි වාසය කළ බව මහාවංසය දක්වයි එයින් නොනැවතුණු ඔහු නුවර දොරටුවල මහවතුද ලක්දිව යොදුනක් යොදුනක් පාසා අඹ උයන්ද කරවූ අතර නටඹුන් වූ වෙහෙර විහාර පිළිසකර කිරීමටද පියවර ගත්තේය ඉසුරුමුණිය විහාරය පිළිසකර කිරවා ඊට පෙරට වඩා භෝගග්‍රාමයන්ද පූජා කළේය බෝ සහ උපුල්වන් යන නම් ඇති දූවරුන් දෙදෙනෙක් කස්සප රජුට සිටියහ පිළිසකර කරවන ලද ඉසුරුමුණිය විහාරයට තම නම සහ දූ වරුන් දෙදෙනාගේ නම් යොදා බෝඋපුල්වන් කසුප්ගිරි වෙහෙර යනුවෙන් නම් කොට මහාවිහාරයේ භික්ෂූන්ට පූජා කළනමුත් එය පිළිගැනීමට උන්වහන්සේලා මැලි වූහ පීතෘ ඝාතකයකු ලෙස කසුප් රජුට රටවැසියන් නින්දා කළ නිසා එවැනි අයකුගේ දෙයක් පිළිගැනීමට බියවීම එයට හේතුවයි එබැවින් රජතුමා එය බුදු පිළිමයට පූජා කළේය සීගිරිගල සමීපයෙහි සංඝයාට පුදන ලද උයනක සීගිරි කාශ්‍යප නමින් විහාරයක් කරවා ධර්මරුචික භික්ෂූන්ට පූජා කළේය පීතෘඝාතක පාපකර්මය නිසා විපිළසර වූ කාශ්‍යප රජු සිත සනසා ගැනීමේ අරමුණින් පෙහෙවස් විසීම ,භාවනා කිරීම ආදී පුණ්‍ය කර්මවලද නියුකත වූ බව පෙනේ දහම් පොත් ලියවීමට  භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය පහසුකම් ලබාදී සිවුපසයෙන් සංග්‍රහ කළේය පිළිම ගෙවල් හා දන්හල් රාශියක්ද ඔහු විසින් ඉදිකරවන ලද බව මහාවංසය කියයි එහෙත් කස්සප රජුට රජකම් කිරීමට හැකි වූයේ වසර දහඅටක් පමණි ඉන්දියාවට පලාගිය මුගලන් කුමරා විශාල සේනාවක් පිරිවරාගෙන අවුත් ලක්දිව අඹකොළ පටුනට ගොඩ බැස එහි පොරෝ වෙහෙරෙහි කඳවුරු බැන්දේය නිමිත්ත පාඨකයන් වළකද්දී කසුප් රජුද මහාසේනාවක් පිරිවරාගෙන මහබල ඇතිව ඔහු සමඟ සටන් කිරීමට ඉදිරියට ගියේය කසුප් රජු ඉදිරියෙහි මහමඬලක් තිබුණෙන් වෙනත් මඟකින් යාම සඳහා ඇතු ආපස්සට හැරවීමේදී රජු පසුවසින්නේයැයි වරදවා තේරුම් ගත් ඔහුගේ සේනාවෝ පසුබැස පලා යන්නට වූහ සතුරන් අතින් මරණයට පත්වනවාට වඩා තමා අතින් මරණය සිදු කරගැනීම මහපතැයි සිතූ කසුප් රජු සිරියෙන් සිය හිස සිඳ අහසට දමා එම සිරිය යළිත් කොපුවෙහි බැගීය තවත් ලිපියක් සමඟින් හමුවෙමු කිවුවේ හෙළයේ ඉතිහාසය

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s