ධාතුසේන රජතුමා


වසභ රජතුමාගෙන් ආරම්භ වූ ලම්භකර්ණ වංසිකයන්ගේ පාලනය මහානාම රජුගෙන් පසුව අවසන් වෙයි මහානාම රජුගේ අභාවයත් සමඟ රටේ ඇති වූයේ අවුල් සහගත වාතාවරණයකි මහානාම රජුට පසුව සිටි රජවරු දුර්වල පාලකයෝ වූහ මේ අතර පණ්ඩු නමැති දෙමළ රජකු විසින් ලක්දිව ආක්‍රමණය කොට සිහසුන අල්ලාගන්නා ලදී මේ කාලයේදී ධාතුසේන නම් කුමරෙක් බාල කාලයෙහි පැවිදිව සිටියේය ඔහු මෞැ්ය වංසයට අයත් වූවකි මෞර්ය වාංසිකයන්ගේ ප්‍රභවය පිළිබඳව පැහැදිලි තොරතුරු නැත එවුන්ද ලම්භකර්ණ වංසිකයන් මෙන් ශ්‍රී මහාබෝධිය ලංකාවට වැඩම කිරීමේදී පැමිණි පිරිසක් බව පශ්චාත් කාලීන පාරම්පරික කථාවලින් පැහැදිලි වන බව ඉතිහාසඥයෝ පෙන්වා දෙති ධාතුසේන කුමාරයාගේ පියා වූයේ දාඨා නමැති මෞර්ය වංසිකයෙකි ඔහු ශුභ රජුට බියේ පලාගිය මෞර්යවංශික පරපුරකින් පැවැතෙන්නෙක් විය ධාතුසේන කුමරා පැවිදිව සිටියේ ඔහුගේ මවගේ සහෝදරයා වන තෙරනමක් ළඳය උන්වහන්සේ වැඩ සිටියේ දික්සඳ සෙනෙවියාගේ පිරිවෙනෙහිය කුමරා ළඟ රජවීමට සුදුසු ගතිලක්ෂන ඇති බව දුටු එම තෙරණුවෝ ඔහුගේ ආරක්ෂාව පතා ඔහුත් රැගෙන පිටිසර පළාතකට වැඩියහ මේ අතර පණඩු නමැති දෙමළ රජු පස් වසක් රජකම් කොට මළ පස් ඔහු පුත් පාරින්දට සිහසුන උරුමවිය ඔහු රජකම් කළේ වසර තුනකි ඉන්පසු ඔහුගේ සොහොයුරා කුඩා පාරින්දට බලය හිමිවිය ඕ වන විට උපැවදිව තරුණ වියට පත්ව සිටි ධාතුසේන කුමරා ද්‍රවිඩ පාලනයට එරෙහිව සටන් කිරීමට පටන් ගත්තේය දේශප්‍රේමී විශාල පිරිසක් ඔහු වටා රොක්වූහ කුඩා පාරින්ද රජු ධාතුසේන රජුගේ අනුගාමිකයින්ට හිරිහැර කළේය එහෙත් ධාතුසේන කුමරු තම සටන දිගටම කරගෙන ගියේය වසර දාසයක් පමණ රජකම් කළ කුඩා පාරින්ද රජුගේ අභාවයෙන් පස්ව තිරිතරට සිහසුන හිමි විය එහෙත් ඔහුට රජකම් කිරීමට හැකි වූයේ තෙමසක් පමණ කෙටි කාලයකි ධාතුසේන කුමරා විසින් කරන ලද දුණු සටනේදී ඔහු මරණයට පත් විය ඉන්පසුව දාඨිය හා පීඨිය යන රජවරුන් පිළිවෙළින් රජකමට පත්වූවද ධාතුසේන කුමරු නිරන්තරයෙන් ඔවුන්ට යුද ප්‍රහාර එල්ල කොට ඔවුන් මරා දැමීය මේ අනුව ධාතුසේන කුමරුගේ රණශූරත්වය හේතු කොට ගෙන ලක්දිව දෙමළ පාලනය අවසන් විය කාලාන්තරයක් තිස්සේ ද්‍රවිඩ පාලනයට එරෙහිව කොපසු බස්නා දෛර්යයකින් ජය අත්කර ගත් ධාතුසේන කුමාරයා සිහසුන උරුම කරගැනීම පිළිබඳව රට,ජාතිය, හ‍ෙ ආගම කෙරෙහි භක්තිය දැක්වූ ලක්වැසියෝ බෙහෙවින් සතුටු වූහ තමා විපතේ වැටී සිටි අවස්ථාවේදී කිසිම සහයෝගයක් නොදක්වා මගහැර ගිය සියලුම ජන ප්‍රධානීන්ට දඬුවම් පැමිණවීමට ධාතුසේන රජු පළම්වෙන්ම පියවර ගත් අතර තමාට සහයෝගය දැක්වූ අයට මහත් ප්‍රසාද දුන්නේය අනතුරුව බුදුසසුනේ දියුණුවටත් රටේ කෘෂිකාර්මික කටයුතු දියුණු කිරීමටත් එතුමා වැඩි අවධානයක් යොමු කළේය රජතුමා නිතිපතා මහාපාළි දානාශාලාවෙහි භික්ෂූන් වහන්සේලාට ඇල්බත් දන් දුන් අතර වෙනත් ආබාධිත පුද්ගලයන් සදහාද විශ්‍රාමශාලා ආදිය කරවා උපස්ථාන කරවීය මහාවිහාරයෙහි දර්ශනීය බෝධිඝරයක් කරවීමද එම පරම්පරාවට අයත් භික්ෂූන්ට කැප සරුප් භෝග සහිතව කලාවැව වෙහෙර,කෙළපසව,දකුණුගිර,වඩමන් වෙහෙර,පණුවල,බදුලු වෙහෙර,පහණ බදරට දාසෙන් පව්ව,මියුගුණ වෙහෙර,සැවටිය උතුරු දාසෙන් වෙහෙර,නැගෙනහිර අඹවිටය,අතුරු මේගිර,ඇතලාවෙහෙර,කසපිට දාසෙන් වෙහෙර,රුහුණු දෑගම,සල්වාන් වෙහෙර,විභීෂණ වෙහෙර,බෙල්වාන් වෙහෙර, යන අටලොස් විහාරයක් කරවා තිබීමෙන් පැහැදිලි වන්නේ ධාතුසේන රජු බුදුසසුනේ දියුණුවට දරා ඇති දායකත්වයයි එසේම ඒ වන විට කැඩී බිඳී ගොස් තිබුණු මොනර පිරිවෙන,ලෝවාමහාපාය,අභයගිරි විහාරය ආදී පූජ්‍යස්ථාන පිළිසකර කරවීමටද එතුමා පියවර ගත්තේය මහසෑ තුනෙහි දිරාගාය ඡත්‍රයන්ද කරවීය එතුමා විසින් පාදුලකය,තඹලවිටිය,මහාදත්තය, ආදී වශයෙන් මහාවැව් අටළොසක් කළ බව මහාවංසය දක්වයි මේවායෙහි ප්‍රකට වැව් වූයේ කලා වැවයි බළලු වැවත් සමඟ මේ වැවෙන් අක්කර 6000ක භූමි ප්‍රදේශයක් යටවී ඇත මෙය පුරාණයේ ශ්‍රී ලංකාවේ පැවති අතිවිශාල ජලසම්පාදන ක්‍රියාවලින් එකක් ලෙස සැලකේ මල්වතු ඔයත් කලා ඔයත් අතර පිහිටි විශාල ප්‍රදේශයකට මෙයින් ජලය ලැබිණ රට විදේශීය සතුරන් මුදවාගෙන බුදුසසුනටත් රටේ සංවර්ධනයත් මහඟු මෙහෙයක් ඉටුකළ ධාතුසේන රජතුමා අවසානයේ අවාසනාවන්ත ඉරණමකට ගොදුරු විය ඔහුට කස්සප හා මුගලන් නමැති පුතුන් දෙදෙනෙක්ද රූමත් දියණියක්ද වූහ මෙයින් කස්සප කුමරා අඩු තත්ත්වයක සිටි බිසවගේ තුසින් උපන්නෙකි රජුගේ දූකුමරිය සරණ පාවා දෙන ලද්දේ තම සොහොයුරියගේ පුත්‍රයා වූ මිගාර සේනාධිපතියටය ධාතුසේන රජුගේ ඛේදජනක මරණයට හේතු වූයේ නැන්දාත් ලේලිත් අතර සිදු වූ දබරයකි රජදියණිය මිගාර සෙනෙවිගේ මවත් සමඟ කලහ කර ගැනීම නිසා මිගාර සෙන්පතියා ඇයට දඬුවම් කළේය එය දුටු ධාතුසේන රජතුමා ඊට පළිගැනීමක් වශයෙන් තම සොහොයුරිය හෙවත් මිගාර සෙනෙවියාගේ මව නග්න කොට ගින්නෙන් දවා මැරවීය තවත් ලිපියක් සමඟින් හමුවෙමු

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s