හෙළයේ කිත්සිරිමෙවන් රජතුමා


මහසෙන් රජුගේ පුත්‍රයා වූ මෙතුමා මහාවංසයේ දෙවන කොටසට අයත් පළමු රජතුමාය මෙතුමා සිරිමේඝවණ්ණ,කීර්ති ශ්‍රී මේඝ වණ්ණ යන නම් වලින්ද හැඳින්වේ තෝනිගල සෙල්ලිපියේ මෙතුමාගේ නම සඳහන් වී ඇත්තේ මහසෙන් රජුගේ පුත් මෙතුමාගේ සිරි මේඝවණ්ණ අභය යනුවෙනි එයින් ඔහු ගැන වංසකථාවල දැක්වෙන පිපුතු සම්බන්ධය මැනවින් තහවුරු වෙයි මෙතුමාගේ පාලන කාලය යුද්ධ ආදියෙන් තොර සාමකාමී කාල පරිච්ඡේදයකි එසේම පියරජු විසින් රට සංවර්ධනයට කටයුතු කර තැබීම නිසා එහුට ඒ පිළිබඳ වැඩි වෙහෙසක් දැරීමට සිදු වූයේ නැත එනිසා ඔහු තම රාජ්‍ය කාලය පියරජු විසින් කඩා විඳදමන ලද මහාවිහාරයට අයත් ආගමික ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීමට අවස්ථාව කර ගත්තේය මහසෙන් රජු මහාවිහාරයට කරන ලද විනාශකාරී ක්‍රියා නවත්වා දැමූවත් ඒවා යලිත් ප්‍රතිසංස්කරණය කිරීමට නොහැකි විය මහාවිහාරික භික්ෂූන් කෙරෙහි පැහැදීමක් එහු තුළ නොතිබිණි එබැවින් ජේතවන චෛත්‍ය ආදී විශාල ඉදිකිරීම් සඳහාත් වැව් අමුණු සෑදීමටත් මහසෙන් රජු කාලය මහසෙන් රජු පියවර ගත්තේය ඔහුගේ පව් ගෙවන ලද්දේ කිත්සිරිමෙවන් රජතුමාය එතුමා පළමුවෙන්ම ප්‍රකෘතිමත් කළේ සත්මහල් ලෝවාමහාපායයි විනාශයට පත්ව තිබුණු සියලු පිරිවෙන්ද ප්‍රතිසංස්කරණය කොට යළිත් පිහිටුවේය එමෙන්ම ආරාමිකයන් අවශ්‍ය භෝගද ලබා දුන්නේය එතැන් පටන් භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් අනුරාධපුරයෙහි වැඩ විසූහ කිත්සිරිමෙවන් රජතුමා මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳ සියලු විස්තර අසා උන්වහන්සේගේ ගුණයෙහි පැහැද එසේම උන්වහන්සේ විසින් ලක්දිවට කරන ලද සේවයට කෘතගුළු දැරක්වීමක් වශයෙන් මිහිඳු පෙරහැරක් පැවැත්වීම ආරම්භ කළේය මේ සඳහා මිහිඳු මහරහතන් වහන්සෙගේ ශරීර ප්‍රමාණයේ රන් පිළිරුවක් නිර්මාණය කරවා මිහින්තලාවේ සිට අනුරාධපුරය දක්වා මාර්ගය විසිතුරු අන්දමින් සරසවා විශාල සෙනඟක් රැස් කරවා එම පිළිරුව පෙරටු කරගෙන මහපෙරහැරක් පැවැත්වීය හේමමාලා කුමරියන් දන්ත කුමරුන් කාලිංග නුවර සිට ශ්‍රී දළදා වහන්සේ වැඩම කරවූයේ කිත්සිමෙවන් රජුගේ කාලයේදීය එතුමාගේ රජ වීමෙන් නවවන වර්ෂයේදී සිදුවූ මෙයශ්‍රී ලංකා ඉතිහාසයේ අමරණීය සිහිවටනයක් ලෙස දැක්විය හැකිය රජතුමා දන්ත ධාතූන් වහන්සේ ඉමහත් භක්ථ්‍යාදරයෙන් පිළිගෙන නිසි පුද සත්කාර කොට අගනා රන් කරඬුවක් තනවා එහි තැන්පත් කොට දෙවනපෑතිස් රජතුමා විසින් රාජරාමයෙහි කරවන ලද දම්සක් ගෙයි තබා වසරක් පාසා පුර පෙරහැර පැවැත්වීය එතැන් පටන් එම දම්සක් මන්දිරය දළදා මන්දිරය නමින් ප්‍රකට විය ඊට පසු කාලයේ රජවූ සෑම පාලකයෙකුගේම ඉෂ්ට දේවතාව වූ යේ ශ්‍රී දළදා වහන්සේය කිතිසිරිමෙවන් රජු සාමකාලීන වූ ඉන්දියානු පාලකයා වූයේ සමුද්‍රගුප්ත අධිරාජ්‍යයාය ඔහුත් සමඟ මිත්‍ර සම්බන්ධතා පැවැත්වූ බවට විදේශීය ඓතිහාසික සාධක ඇත හිංචෙවන් නැමැති පැරණි චීන ග්‍රන්ථයෙහි කිත්සිරිමෙවන් රජතුමාත් සමුද්‍රගුප්ත අධිරාජ්‍යයාත් අතර පැවති සබඳතා විස්තර වෙයි මෙය ලියා ඇත්තේ වංහුවෙන් සුචේ නැමති චීන දේශාටකයා විසිනි ලක්දිව සිටි භික්ෂූන් වහන්සේලා දෙනමක් දඹදිව ශ්‍රී මහාබෝධිය වඳින්නට ගොස් පෙරළා පැමිණ එහි නවාතැන් පහසුකම් නොමැති වූ බැවින් විදින්නට වූ දුක්ගැහට ගැන රජුට දැන්වීය ඉන්පසු රජතුමා සමුද්‍රගුප්ත රජු පඩ්‍රරුසහිත දූත පිරිසක් යවා විහාරයක් කරවීමට සමුද්‍රගුප්ත රජුගෙන් අවසර ඉල්ලීය ඔහු ඊට අවසර දුන්නේය වංහුවෙන් සුචේ දක්වන පරිදි ඔහු මේ විහාරයට එනවිට එහි බොහෝ භික්ෂූන් වහන්සේලා නවාතැන් ගෙන සිටියහ ලක්වැසියන්ද සමුද්‍රගුප්ත රජුට ගෙෘරව කළ මනුෂ්‍ය වර්ග අතර සිටි බවට අලහබාද් ටැම් ලිපියෙහි සඳහන් වන්නේ කිත්සිමෙවන් රජු පඩුරු සහිත දූත පිරිස යැවිමේ සිද්ධිය මුල් කරගෙන වියහැකි බවට ඉතිහාසඥයෝ ැක පහළ කරති ඒ කෙසේ වෙතත් ලක්වැසියන් සමුද්‍රගුප්ත රජුට ගරු බුහුමන් කළ පවට හෝ එහු සමඟ කිත්ිරිමෙවන් රජු මිත්‍ර සබඳතා පැවැත්වූ බවට හෝ තොරතුරක් ලක්දිව පාළිවංසකථා සිංහ ග්‍රන්ථ මෙන්ම ශිලාලේඛන ආදී කිසිවක සඳහන් නැත තවත් ලිපියකින් හමුවෙම්

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s