මහානාම රජතුමා


පළමුවන උපතිස්ස රජතුමා රජකම් කරන අවිධියේ එතුමාගේ බාල සොහොයුරු මහානාම කුමරා සසුන්ගතව සිටියේය උපතිස්ස රජුගේ මෙහෙසියන් ඔහුත් අතර රහසිගත ප්‍රේම සම්බන්ධයක් පැවතිනි ඇය විසින් තම සැමියා මරවන ලද්දේ මහානාම කුමරුට රජකම ලබාදීමේ බලාපොරොත්තුව ඇතිවය එබැවින් උපතිස්ස රජුගේ අභාවයත් සමඟම උපැවදි වූ මහානාම කුමරු සිහසුන භාර ගත්තේය මිය ගාය රජුගේ වැන්දඹුව සිය මෙහෙසිය කර ගත්තේය මේ රජුද අභයගිරි භික්ෂූන්ට වැඩි වශයෙන් උදව් උපකාර කළ බව පෙනේ ඔහු විසින් ඔවුන්ට ලොහොදොර,රලගමුව,කෙළපසවන යන විහාර තුන කරවා පූජා කළේය එසේම ගිලන්හල් රාශියක්ද  කළ අතර මහාපාළි නම් වූ දානශාලාවෙහි මහදන් පැවැත්වීය මෙතුමාගේ කාලයෙහි පැවති විශේෂ සිදුවීම් තෙරුන්ගේ හා චීන දේශාටක ෆාහියන් හිමිගේ ලංකා ගමනය බුද්ධඝෝෂ හිමියෝ ලංකා විහාරයේ වැඩ සිටිමින් තම හැකියාව තම හැකියාව පෙන්වීම සඳහා පළමුවෙන්ම සංයුක්ත නිකායට අයත් ගාථා දෙකක් විස්තර කරමින් මුළු ත්‍රිපිටකයම ඇසුරු කොටගෙන විසුද්ධි මාර්ගය නමැති මාහැඟි ධර්ම ග්‍රන්ථය කළේය ධර්ම ග්‍රන්ත ලාළි අටුවා කිරීම සඳහා උන්වහන්සේට දුන්හ එතැන් පටන් බුදුධඝෝෂ හිමියෝ මහාවිහාරයට අයත් දූරසංකර ග්‍රන්ථාකර පිරිවනෙහි වැඩ වෙසෙමින් බෞද්ධ ජනතාවගේ ඇප උපස්ථාන ලබමින් පාළි අටුවා ග්‍රන්ථ කළහ චීන දේශාටක ෆාහියන් භික්ෂුව ක්‍රි.ව.411 දී ලක්දිව වැඩ සිටියේය උන්වහන්සේ වසර දෙකක් පමණ ලක්දිව වැඩ සිට සිය රට බලා ගොස් ලියන ලද දේශාටන වාර්තාව ලක්දිව ඉතිහාසය සම්බනිධයෙන් ඉතා වැදගත්කමක් දරයි එකල ශ්‍රී ලංක‍ාවේ පැවති ආගමික පසුබිම මෙන්ම අනුරාධපුර රාජධානියට අයත් තොරතුරු රැසක් එමගින් අනාවරණය කරගත හැකිය මහාවිහාරය,අභයගිරිය හා මිහින්තලය ආදි විහාරස්ථාන පිළිබඳවත් විස්තර ඊට ඇතුළත්ය එම දේශාටන වාර්තාව අනුව අනුරාධපුර නගරයෙහි බෞද්ධ වූ සාමාන්‍ය ගෘහස්ථ ජනයත්,සිටුවරුන්,නොයෙක් ද්‍රව්‍ය වෙළදාම් කළ වෙළෙන්දන් වාසය කළ අතර ඔවුන්ට අලංකාර නිවාසද තිබිණ සෑම සන්ධිස්ථානයකම ඉදිකර තිබුණු ධර්මශාලා සෑම මසකම අටවක් හා පසළොස්වක පොහෝ දිනයන්හි ධර්ම දේශනා පැවැත්විණි ගිහියන් පමණක් නොව භික්ෂූන් වහන්සේලාද ධර්මශ්‍රවනය කිරීම සඳහා ඒ ස්ථානවල රැස් වූහ එකල මුළු රටේම භික්ෂූන් වහන්සේලා 60000 ක් පමණ වාසය කළ බව ෆාහියන් හිමි කියයි තවත් ලිපියක් සමඟින් හමුවෙම්

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s