උපතිස්ස රජතුමා


විසිනව වර්ෂයක් රාජ්‍ය පාලනයෙහි යෙදුණු බුද්ධදාස රජතුමාගේ අභාවයෙන් පසුව සිහසුන උරුම වූයේ එහුගේ දෙටුපුත් උපතිස්ස කුමරුටය ක්‍රි.ව.368-410 දක්වා වසර හතළිස් දෙකක් පළමුවන උපතිස්ස නමින් ඔහු රට පාලනය කළේය ඔහු තම පියා වූ බුද්ධදාස රජු මෙන්ම ධාර්මික පාලකයෙක් විය මහාපාළි දන්හලෙහි මහදන් දු‍න්නේය පිළුන්ට,ගර්භනී ස්ත්‍රීන්ය මෙන්ම අන්ධයන්ට හා රෝගීන්ට සියලු සම්පතින් හෙබියා වූ ශාලා කරවීය අනුරාධපුරයෙහි දාගැබක්,පිළිමගෙයක් හා බුදු පිළිමයක් කරවූ අතර රජපුලු,ගිජුගුල,පොකුරුපස,වලහස ආදී විහාර රාශියක් ඉදි කරවූ බවට වංසකථාවේ අඳහන් වී ඇත දෙවන උපතිස්ස රජුගේ කාලයේදී ලක්දිව දරුණු දුර්භික්ෂයක් හටගත්තේය මෙයින් රට මුදා ගැනීමේ අරමුණින් එතුමා සංඝයා වහන්සේලාගේ උපදෙස් පිට ගංගාරෝහණ පූජාවක් පැවැත්වීය සර්වඥ ධාතුවට ඝනරන් පිළිමයක්ද කොට එම පිළිමය දෝතින් ගෙන මහා රථයක තබා සිලිසමාදන්ව මහජනයාද සිල් සමාදන් කරවා භික්ෂූන් වහන්සේලා පිරිවරා දෙව්පුරයක් මෙන් සරසන පද නගරයෙහි මඟට පිළිපන්නේය මේ අතර භික්ෂූන් වහන්සේ රතන සූත්‍රයෙන් පිරිත් දෙසමින් ඒ අවට එයින් සියලු රෝගාතුරයෝ සුවපත්ව සැණකෙළි පැවැත්වූහ මෙතුමා විසින් ථූපාරාමයට රන්තොත් සහ සැට්ටයක්ද කරවන ලදී වසර සතළිස් දෙකක් රජකම් කළ මෙතුමා සිය මෙහෙසිය අතින් මරණයට පත්වූයේය තවත් ලිපියක් සමඟින් හමුවෙම්

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s