මින්නේරි දෙවියෝ හෙවත් හෙළයේ මහසෙන් රජතුමා


ගෝඨාබය රජුගේ කණිටු පුත්‍රයා වූත් ජෙට්ඨතිස්ස රජුගේ බාල සොහොයුරා වූත් මහසෙන් කුමරා ක්‍රි.ව.276 වසරේදී රජ විය ඔහු සිහසුනට පත් වූයේ ඊට පෙර වසර දහසක් රජකම් කළ ජෙට්ටතිස්ස රජුගේ අභාවයෙන් පසුවය දීපවංස හා මහාවංස යන පැරණී වංසකථා මහසෙන් රජුගේ පාලන කාලයෙන් කෙළවර වෙයි මහසෙන් රජුගේ පුත්‍රයා ඇතුළු එයින් පසුව එන රජවරු අයත්වන්නේ මහාවංසයේ දෙවන කොටසටය මෙය පසුව ලියන ලද්දක් බැවින්  චූලවංසය නමින්ද ඇතැම් වියත්හු හඳුන්වති එහෙත් එහි සෑම පරිච්චේදයක්ම අවසනම දක්වා ඇත්තේ මහාවංසයේ එකි පරිච්චේදය ලියා අවසන් කරන ලද බවය ඇතැම් වියත්හු මහාවංසයේ දෙවැනි භාගයට අයත් රජවරු චූළවංසයේ රජවරු නමින් හඳුන්වමින් සුළු රජ පෙළපතක් යන හැඟීම ඇතිකිරීමට උත්සාහ ගෙන ඇත එය වැරදි බව වැටහෙමින් මහසෙන් රජුගේ පුත්‍රයාද එම දෙවන භාගයට අයත්ව සිටීමෙනි කාර්යශූර සිංහල රජවරුන් අතර මහසෙන් රජතුමාට වැදගත් තැනක් හිමි වේ ඔහු මුල් අවධියේ මහාවිහාරයට එරෙහිව කටයුතු කිරීම නිසා මහාවිහාරවාසීන්ගේ බලවත් අප්‍රසාදයට පත් විය ඔහු හෙඳ වැඩ මෙන්ම නරක වැඩ කළ අයකු ලෙස මහාවංසයේ කතුවරයා හදුන්වා දී ඇත චෛතුල්‍යවාදී භික්ෂුවක් වන ධම්මරුචි තෙරුන් සමඟ එක්වී ඔහු මහාවිහාරය විනාශ කර එහි උදු වැපිරවීය මෙයින් දේශපාලන වශයෙන්ද කිසියම් අර්බුදයක් ඇතිවූ බව පෙනේ පිරිසිදු ථෙරවාදී බුදුදහම සුරැකි විනයානුකූලව ජීවිතයක් ගතකළ සිල්වත් භික්ෂූන් වහන්සේලාට මෙසේ හිරිහැර කිරීම මැති ඇමතිවරුන් පමණක් නොව රජපවුලේ අයගේද අප්‍රසාදයට ලක්විය මහාවිහාර වාසී බොහෝ භික්ෂූන් වහන්සේලාට නිරාහාරව සිටීමට සිදුවිය ඇතැම් අය රුහුණට හා මලය රටට වැඩම කළහ ලෝවාමහාපාය ආදී ආගමික ගොඩනැගිලි රාශියක් බිද හෙලා ඒවායෙහි තිබුණු භාණ්ඩ අභයගිරියට ගෙනගිය අතර එය සමෘද්ධිමත් පැවතිණි රජුට ඉතාමත් කුළුපගව සිටි මේඝවර්ණාභය ඇමතියා ඔහු සමඟ සටනට සූදානම් වීමෙන් රජු වෙත නැගී ආ විරෝධය මැනවින් පැහැදිලි වේ මහසෙන් රජතුමා විසින් මහාවිහාරයට කරන ලද අපරාධය නොඉවසූ ඔහු මලය රටට ගොස් විශාල සේනාවක් රැස් කරගෙන රජුට එ‍රෙහිව සටනට ආවේය එහෙත් මේ සටන වැළකී ගියේ පැරණී මිත්‍රත්වය මතක් වීමෙනි රජුගෙත් ඇමතියාගේත් හමුදා මුහුණට මුහුණලා කදවුරු බැඳගෙන සිටිනා අතර එදින රාත්‍රියේ මලය රටින් ගෙනා ප්‍රණීත පානයකුත් මාංස ආහාරයකුත් අමාත්‍යාට ලැබිණ එය රජුටත් දී අනුභව කිරීමට අමාත්‍යා සිතුවේ පෙරීදත් එසේ කර ඇති බැවිනි එබැවින් අමාත්‍යවරයා කාටත් නොදැනෙන පරිදි රාත්‍රියේ රජු හමුවට මේවාත් රැගෙන ගියේය රජුද අවිශ්වාසයකින් තොරව එතැනට පැමිණ ඒවා භූක්ති වින්දේය අනතුරුව දෙදෙනා අතර සාකච්ඡාවක් පැවැතිණි තමාට එරෙහි වීමට හේතුව කවරේදැයි රජු අමාත්‍යාගෙන් විමසුවේය අමාත්‍යා ඊට හේතුව පහදා දුන්නේය එබැවින් රජුගේ එම අපරාධ කටයුතු නැවතුණේය මේ අතර රජුගේ එම අපරාධ කටයුතු නැවතුණේය මේ අතර රජුගේ බිසවක විසින් වඩුවකු ලවා සංඝමිත්‍ර භික්ෂුව මරවන ලදී මේ නිසා අර්බුදය බොහෝ දුරකට සමථයකට පත්වූ බව පෙනේ රජු මහාවිහාරයට කරන ලද මහාවිනාශය නවතා දැමූවද මහාවිහාරික භික්ෂූන්ට එතරම් පක්ෂපාතීත්වයක් දැක්වූ බවක් නොපෙනේ එහු මහාවිහාර සීමාව තුළ දී සංඝාවාසයක් ගෙඩනැගූ අතර දැනට ලංකාවේ විශාලතම ස්තූපය මෙන්ම දැනට ලෝකයේ ගඩොලින් ගරන ලද උසම නිර්මාණය ලෙස සැලකෙන ජේතවන චෛත්‍ය කරවීය එම කර්මාන්තය කරන ලද්දේ මහාවිහාරික භික්ෂූන්ගේ බලවත් විරෝධය පිටය එම අවස්ථාවේදීද භික්ෂූහු මහාවිහාරය අතහැර ගියහ ඔවුන් යළිත් එහි පැමිණියේ වැඩ නිම වූ පසුවය රජතුමා විසින් විහාරය පූජා කරන ලද්දේ දක්ෂිනාරාම වාසී සංයමයකින් තොර වූ කොහොන්තිස්ස නමැති භික්ෂුවටය එහෙත් විනය කර්මයකින් පසු සිවුරු හරවා ඔහු සසුනෙන් නෙරපා දැමීමට මහාවිහාරික භික්ෂූහු කටයුතු කළහ එයින් රජතුමාගේ සිත තව තවත් මහාවිහාරික භික්ෂූන් ගෙරෙහි කලකිරීමට පත්විය ඉන්පසු දක්ෂින විහාරයෙහි සිට සාගලික නිකායට අයත් භික්ෂූහු බොහෝ දෙනෙක් එහි අවුත් පදිංචි වූහ එතැන් පටන් එවුහු සාගලික නිකාය යන නම වෙනුවට ජේතවන නිකාය යන නම භාවිතා කිරීමට පටන් ගත්හ මේ අයුරින් බලන කල පැහැදිලි වන්නේ මහසෙන් රජුගේ පාලන කාලයේ මුලු අවධියේ ආගමික පසුබිම අතින් ව්‍යාකූල තත්ත්වයක් පැවති බවය කෙසේ වෙතත් ඔහු පසු කාලය වන විට බුදුසසුනේ චිරස්තිය සඳහා බොහෝ යෙහෙර විහාර කරවීය භික්ෂූන් වහන්සේලා සඳහා සිවුපසයෙන් සංග්‍රහ කිරීම ආදී පුණ්‍ය ක්‍රියාවල යෙදුණේය ඓතිහාසික මූලාශ්‍රවල දක්වා ඇති මින්නේරි විහාරය,දේවාලයක් බිඳ දමා එතැන ගෝකර්ණ විහාරය හා එකලපිල්ල යන විහාර,දාසෙන්ගල විහාරය,රූපාරාම විහාරය,සුළුපිටි විහාරය,උත්තර හා අභය යන මෙහෙණවර දෙක,කලන්දක විහාරය,මුවගම විහාරය,ගඟසෙන්වැලි විහාරය මහසෙන් රජතුමා ඉදි කරවන ලදී එතුමාගේ රාජෘ පාලන සමයෙහි ශාසනික අර්බුද පැන නැගුණද ආර්ථික අතින් එතරම් පරිහානියක් නොතිබිණ එතුමා රට සශ්‍රීක කිරීම සඳහා විශාල වැව් දහසයක් කරවීය මින්නේරි වැව,ජල්ලූර වැව,ඛානුනම් වැව,මාමිණියා වැව,කෝකවාත වැව,පරක වැව,කුම්බාලක වැව,වාහත වැව,රත්මල් කඩ වැව,තිහව නම් වැව,වෙලංවිටි වැව,මාගල් වැව,සීරු වැව,මහාදාරු ගල්ලක වැව,කුළුපහන් වැව එතුමා විසින් කරවන ලදී මහවැලි ග‍ගෙන් පර්වත නම් වූ මහා මොවු ඇළක්ද කැප්පවීය රට සමෘද්ධිමත් කිරීම සඳහා මේසා විශාල වාරිකර්මාන්ත කරවූ වැවින් රටවැසියන් එතුමාට හත්රජුජුරුවෝ හෙවත් මින්නේරි දෙවියෝ නමින් දේවත්වයෙන් ආරෝපණය කළහ

pictures get from internet

One thought on “මින්නේරි දෙවියෝ හෙවත් හෙළයේ මහසෙන් රජතුමා

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s