හෙළයේ වසභ රජතුමා


ලක්දිව ප්‍රථම රාජවංසයේ පාලනය යසලාලක තිස්ස රජුගෙන් අවසන් විය ඔහුගෙන් රජකම අත්පත් කරගත් සුභ නමැති දොරටුපාලයා එතැන් පටන් වසර හයක් රට පාලනය කළේය එතැන් පටන් සිහසුන අයත් වන්නේ ලම්බකර්ණ වංසයේ වසභ කුමරාටය ශතවර්ෂ කීපයක් ලක්දිව පාලනය කළ දෙවැනි සිංහල රාජවංශය ලෙස සැලකෙන ලම්භකර්ණ වංසයට පහළොස්වන සියවස දක්වාම සිටි ඇතැම් රජවරු අයත් වූ බව පෙනේ පාරම්පරික කථාවලට අනුව ලම්භකර්ණ වංසය ඇති වූයේ උතුරු ඉන්දියාවේ සිට ලක්දිවට බෝධිය වැඩම කිරීමත් සමඟ  පැමිණි කුමාරවරුන්ගෙනි ලේඛක යන පාළි වචනයට පර්යාය ලෙස යොදා ඇත්තේ ලමැණි යන වචනයයි එබැවින් ලම්භකර්ණ හෙවත් ලමැණි වංශයට අයත් අය මුල් අවධියේදී රජයේ ලියන්නන් හැටියට පෙනී සිටින්නට ඇත වසභ රජුට ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් ස්ථානයක් හිමි වේ ඔහු ස්වකීය දක්ෂතාව මත ශ්‍රී ලංකාවේ සිහසුන උරුම කරගත් පාලකයෙකි සිහසුන දැරීමට රාජවංසයටම අයත් අයකු වියයුතුය යන සම්ප්‍රදායික මතය අභිබවා ඔහු ජයගත් අයුරු පැහැදිලි වෙයි මොහු මුලිම්ම වාසය කළේ මාමා ළඟය ඔහු සුභ රජුගේ සේනාධිපති විය වසභ නැමැත්තෙක් රජ වන බවට අනාවැකියක් සුභ රජුට අසන්නට ලැබීමත් සමඟ ඔහු කළේ වසභ නම ඇති සියලු දෙනා මරා දැමීමය රජුට පක්ෂපාතී වූ සේනාධිපති තම බෑනා රජුට පාවා දීමට සැරසුණේය එහෙත් නැන්දනිගේ මාර්ගයෙන් වසභට දිවි ගලවා ගැනීමට හැකි විය ඔහු මහාවිහාරයේ භික්ෂූන්ගේ උපකාරය ඇතිව රුහුණට පලා ගියේය කුෂ්ට රෝගියකු විසින් ධෛර්යමත් කරවූ ඔහු රුහුණෙහි දාමරිකව හැසිරෙමින් ක්‍රමයෙන් මහජනයා තමා වෙත නම්මා ගතිතේය ඒ වනවිටත් රාජ්‍ය උරුමය පතා සටන් කිරීමට රජ පෙළපතට අයත් අයකු නොසිටි බැවින් ප්‍රධාන රාජ්‍යයේ ආරක්ෂක සේනාවේ වැඩි අවධානයක් නොතිබුණු දුරස්ථ ප්‍රදේශවල දී දක්ෂ එඩිතර අයකුට බලය ගොඩනගා ගැනීමේ හැකියාව එවකට පැවිතිණ එබැවින් වසභ එයින් නියම ප්‍රයෝජන ගත්තේය ඉතිහාසඥයන් පෙන්වා දෙන පරිදි ඔහු අනුගමනය කළේ සුළු අඩියක සිට තමාටත් වඩා උසස් වූ පුද්ගලයෙකු අනුගමනය කළ උපක්‍රමයකි එනම් ඉන්දියාවේ චන්ද්‍රගුප්ත නම් මෞර්ය රජු අනුගමනය කළ උපක්‍රමය පිළිපැදීමයි මැහැල්ලකගේ අවවාදයක් අනුව ළමයකු උණු කැවුම් ගෙඩියක් මැදින් නොකා වාටියේ සිට සිට කඩා කෑමට පටන් ගත්තේය එම අවවාදය චන්ද්‍රගුප්ත මෞර්යද ආදර්ශයට ගත්තේය එසේම වසභද අනුරාධපුර රාජධානියට පහර දී යටත්කර ගත්තේය ඔහුගේ මාමා වන සේනාධපතියාද සටනින් මියගියේය වසභ රජතුමා අග මෙහෙසිය බවට පත්කර ගත්තේ තම ජීවිතය ගලවා දුන් නැන්දනියයි මෙය කෙලෙහිගුණ සලකා කරන ලද්දක් බව පෙනෙතත් ඉහළ සමාජවල එදවස පැවති සිරිතක් වශයෙන්ද සැලකිය හැකි බව ඉතිහාසඥයෝ පෙන්වා දෙති වසභ රජුට සිංහාසනය පිළිබඳ පාරම්පරික උරුමයක් සතු  වී නොතිබුණද ඔහුගේ ආධිපත්‍ය දිවයින පුරා පැතිරී තිබුණු බවට සාධක ඇත රජරට පැරණි ස්ථානවලින්ද යාපනේ උතුරු වෙරළබඩ වල්ලිපුරම් සහ දකුණේ තිස්ස මහාරාමය ආදී ප්‍රදේශවලින්ද හමු වූ ඔහුගේ අවධියට අයත් ශිලාලේඛනවලින් මේ බව පැහැදිලි වෙයි තමා වැඩැකල් ජීවත් නොවන බවට දෛවඥයකු විසින් කියන ලද අනාවැකියක් නිසාඉන් සිත් තැවුලට පත් වූ ඔහු ඉන් මිදීම සඳහා භික්ෂූන් වහන්සේලාගෙන් උපදෙස් ලබා ගත්තේය ඒ උපදෙස් පරිදි දීරිඝායුෂ ලැබීම සඳහා භික්ෂූන්ට සිවිපසයෙන් උපස්ථාන කිරීම පන්සිල් හා දසසිල් රැකීම කැඩී බිඳී ගිය වෙහෙර විහාර සහ වැව්ද  විශාල ගණනක් කරවීය මේ අනුව ඔහු වසර ඔහු හතලිස් හතරක් රජකම් කළේය රජුගේ අගමෙහෙසිය බෝමළුවෙහි සිත්කළු වූ වෘත්ත නම් සෑ ගෙයක්ද කරවීය වසභ රජතුමා ථූපාරාම විහාරයෙහි සෑගෙයක්ද කරවා එය සංඝයාට පූජා කරන අවස්ථාවෙහි මහදන් පැවතීය ග්‍රන්ථ ධූරයට දරන භික්ෂූන්ට සිවුපසද ගිලන් භික්ෂූන්ට බෙහෙත්ද දිළින්දන්ට වැටුපත්ද දුන්නේය නගරයේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වූ ඔහු ප්‍රාකාරය උස් කොට බැඳ වූ අතර සතර දොරටුවෙහි තොරණද කරවීය එතුමා විසින් කරන ලද වැව් ගණන එකොළහකි මෙයින් පැහැදිලි වන්නේ රටේ ආර්ථික සංවරධනයක් යොමු කළ බවය මෙයත් වැව,රජුපුල් වෑව,කේලිසාව වැව,කොළඹෑගම් වැව,මානිකවිටි වැව,මාගම වැව්දෙක,කෝහාල වැව,අබිවඩමක් වැව යන වැව් එකොළහක් රටේ සුභිෂේකය පිණිස මෙවු ඇළවල් දොළහක්ද මෙතුමා විසින් ඉදිකරවන ලදී තවත් ලිපියක් සමඟින් හමුවෙම්

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s