හෙළයේ වළගම්බා


රජපවුලේ පැවති අසමගිකම් නිසා වට්ටගාමිණී අභය හෙවත් වළගම්බා කුමරු රජ වන විට රටේ අවුල් සහගත තත්වයක් උද්ගත වී තිබිණි විශේෂයෙන් රුහුණු රටේ එසේ විය ඔහු රජවී මාස පහක් පමණ ගිය පසු ඔහුට බොහෝ කරදරවලට මුහුණ පාන්නට සිදු විය දේශීය සතුරන්ගෙන් හා විදෙශීය සතුරන්ගෙන් ඔහුට තර්ජන එල්ල විය රුහුණේ සිට තීය හෙවත් තිස්ස නැමති බ්‍රාහ්මණයෙක් බමුණකු විසින් කියන ලද අනාවැකියට මුලා වී ලක්දිව සිහසුන පැතීය අනාවැකියට රැවටුණු බොහෝ අයද ඔහු වටා එකතු වූහ මේ අතර දෙමළ අධිපතීන් සත්දෙනෙක් මහතොටින් ලක්දිවට ගොඩ බැස්සහ ඔවුන් දෙපිරිස සමඟ සටන් කිරීමට තරම් සෙනඟක් ඒ වන විට තමාට නොසිටි බැවින් උපක්‍රමයෙන් ඔවුන් දුර්වල කිරීමට වළගම්බා රජු සිතාගත්තේය දෙමළුන් හා සටනට වන් නමුත් ජයගත නොහැකි විය මේ නිසා ජයෙන් උදම් වූ ද්‍රවිඩයෝ අනුරාධපුරයට ගමන් කළහ යොදන ලද උපාය සාර්ථක නොවූයෙන් වළගම්වා රජුද සටනට සැරසුණේය ඔවුන් දෙපිරිස අතර කෝලම්භහාලක නමැති ස්ථානයේදී සටන් ඇවිලිනි වළගම්බා රජු ජීවිතය බේරාගෙන එතැනින් පලාගියේ අනාගතයේ ශක්තිමත්ව ඔවුන් ලක්දිවින් නෙරපා හරින සිතුවිල්ල ඇතිවය අනුරාධපුරයේ සිටින තම අඹුදරුවන්ද රැගෙත යාමට ඔහු එදෙසට ගමන් කරද්දී උතුරු දොරටුව අසල සිටි ගිරි නැමති නිගණ්ඨයෙක් මහාකළු සිංහලයා පලායන බව කියමින් ශබ්ද නැගීය තමා මතු දිනක රජ වූ පසු එතන විහාරයක් කිරීමට අදිටන් කරගත්තේය බල්ලාට නාග නමැති තම සොහුයුරාගේ බිසව වූ එවකට ගැබ්බරව සිටි අනුලා දේවියත් ඇගේ පුත්‍රයන් වූ මහාවුල හා මහානාග යන කුමාරවරුන් රජුගේ බිසව වූ අනුලා දේවියන් පලායන රජුගේ රථයෙහි ගමන් ගත්හ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රාධාතුව රැගෙත යාමට ඔහුට නොහැකි විය සතුරන් පසුපසින් එළවමින් රථයේ ඉක්මණ් වීම පිණිස සෝමාදේවිය එයින් බිමට බැස්සාය එබැවින් ඇය සතුරන් අතට පත්වූවාය එතැන් පටන් යළිත් අනුරාධපුරයේ ද්‍රවිඩ පාලනයක් ඇති විය දෙමළ අධිපතීන් සත්දෙනාගේ එක් අයෙක් සෝමා දේවියද තවත් කෙනෙක් පාත්‍ර ධාතුවද රැගෙන යළිත් ඉන්දියාවට ගිය අතර අනික් පස්දෙනා උනුනුන් මරාගනිමින් වසර දහතුනකුත් සත්මසක් ලක් සිහසුන හෙබවූහ පලාගිය වළගම්බා රජු ඇතුළු පිරිස සැඟවී සිටියේ වෙස්සගිරි විහාරය බද වනාන්තරයෙහිය එහිදී කුපික්කල මහාතිස්ස නැමති භික්ෂුන්වහන්සේ නමක් පිණ්ඩපාතයෙන් රජු ඇතුළු පිරිසට ආහාර සැපවූයේය එතැනින් පලාගොස් සල්ගල අසල මාතුලවේලංග නමැති ස්ථානයෙහි සැඟවී සිටියේය කුපික්කල තිස්ස තෙරණුවෝ එතැනට පැමිණ රජුට උපස්ථාන කළේය එහෙත් රජු තමා වළගම්වා බව එතෙක් කිසිවකුටත් හෙළිකර නොතිබිණ වසර දහතුනක්ම අනාගත ලක් රජුන්ට ඇප උපස්ථාන කළ තනසීවට අත්වීමට තිබූ වරප්‍රසාද ගැහැණු ආරවුලක් නිසා අහිමිව ගියේය තනසීවගේ බිරිඳත් අනුලා දේවියගේ පලාපැසට පයින් ගැසුවාය විපතට පත්ව සිටි රජ පවුලක උපන් තමාල කළේ බලවත් අවනම්බුවකැයි සිතූ අනුලා දේවිය අඩමන් අවුත් එපුවත රජුට සැළ කළාය ප්‍රශ්නය දුරදිග යාමට පෙර එතිනින් ඉවත්ව යාම සුදුසුයැයි සිතූ රජු තම අඹුදරුවනුත් ගෙන එතැනින් පලා ගියේය තනසීවගේ බිරිඳද අවුත් තනසීව උසිගැන්වූයෙන් කිපුණු ඔහු දුන්නක් ගෙන රජුට විඳීමට ගියේය එහිදී තම ආරක්ෂාව පතා වළගම්බා රජු විසින් තනසීව මරණයට පත්කරන ලදී එහෙත් රජුට එයින් බලවත් අපහසුතාවකට මුහුණ දීමට සිදු විය ආගන්තුක තැනැත්තෙක් තම නායකයා මරා දැමීම පිළිබඳ ප්‍රදේශවාසීහු කලබලයට පත් වූහ එබැවින් රජුට තම රහස හෙළි කිරීමට සිදුවිය එය රජුගේ යහපතට හැරුණු බව පෙනේ සැඟවී සිටි ආගන්තුකයා වළගම්බා රජු බව දැනගත් ප්‍රදේශ වාසීහු ඔහු වටා රොක් වන්නට වූහ ලක් සිහසුන උරුම තැනැත්තාට මහජනතාවගේ ඇති ලැදියාව මෙහිදී අවබෝධ විය එතැනින් නික්මුණු රජු තමාට උපකාර කළ තෙරුන්ගේ විහාර සථානයැයි සිතිය හැකි බලස්ගල විහාරස්ථානයට ගොස් ආගමික වතාවත් වල නිරත විණි දෙමළ සතුරන්ට විරුදධව සටන් කොට ජයගත් තම පරපුරේ දුටුගැමුණු ආදී මුතුන් මිත්තන්ට පක්ෂපාතී වීරෝධාර රුහුණු ජනතාව යළිත් එබඳු සටනකට යොදා ගැනීමේ අරමුණ ඇතිව වළගම්බා රජු රුහුණ බලා පිටත්වීය තමා විපතට වැටී සිටින විට ඉක්මණ් වීම නුසුදුසු බව දැක්වෙන සිද්ධයක් ආකාශ ජේතියෙදී වළගම්බා රජු  අතින් සිදුවිණ රජු සමඟ එක්වූ රණශූර ඇමතියන් අතර සිටි කපිසීස නැමති ඇමතියා සෑගිරිය ඉහළට නැග පහළට බසිමින් සිටියේය රජුත් දේවියත් ඉහළට නගිමින් සිටියේය මාර්ගය දුශ්කර බැවින් වෙනත් දෙයක් කළ නොහැකි නිසා කපිසීස කළේ හිඳ ගැනීමය එයින් රජතුමා හොඳටම කිපිණ තමාට කපිසීස දණ්ඩ නමස්කාරය නොකළේයැයි කිපුණු රජු ඔහුට කඩුවෙන් ගසා මරණයට පත් කළේය මේ අමානුෂික ක්‍රියාවට කලිකිරිණු ඉතිරි ඇමතිවරු සත්දෙන රජු හැරදමා එතැනින් පලා ගියහ මෙසේ පලායන ඔවුහු සොර මුලකට මැදි වූහ සොරු ඔවුන්ගේ බඩු පැහර ගත්හ එයින් අසරණ වූ ඔවුහු ඒ අසළ පිහිටි හම්බුගල්ලක නමැති විහාරස්ථානයට ගියහ එහි වැඩ සිටි තිස්ස නමැති බහුශැත තෙර නමක් ඔවුන්ට ආහාරපාන වස්ත්‍රාදියෙන් සංග්‍රහ කොට යළිත් රජු සමඟ සමගිය ඇති කිරවා ගත්තේය මෙයින් පැහැදිලි වන්නේ රට ජාතිය ආගම විපතේ වැටුණු සෑම අවස්ථාවකම මහසඟරුවන මැදිහත්ව එයින් ගලවාගත් බැවිනි ඒ කාලවකවානුව වන විට අනුරාධපුරයේ රජකම් කළේ දාඨික නම් දෙමළ රජුය රජකම වෙනුවෙන් ඔවුන් අතර කාලයක් තිස්සේ පැවති අරගලය නිසා රාජ්‍ය පාලන කටයුතු දුර්වල තත්වයක පැවතිණි රජවැසියන් සිංහල සිහසුනට නියම උර්මක්කාරයෙකු සොයමින් සිටින්නට ඇති බවට සැකයක් නැත මේ අතර වළගම්බා රජු වටා ජාති මාමක විශාල පිරිසක් එක්රොක් වී සිටියහ යුද්ධයකට නොවියව මුහුණ දීමට තරම් හමුදා ශක්තියක්ද තරවී තිබිණ එබැවින් ඔහු අනුරාධපුරයට දරුණු ප්‍රහාරයක් එල්ල කොට දාඨික රජු මරා අහිමිව තිබුණු සිහසුන යළිත් අත්පත් කර ගත්තේය සිහසුන ලැබගත් පසුව රජතුමා මුලින්ම කළේ ගිරින්ගණ්ඨයාගේ නමත් යොදා එය අභයගිරිය නමින් නම්කරන ලදී මේ අභයගිරි විහාරය රජතුමා විසින් පූජා කරන ලද්දේ තමා විපතේ වැටී සිටියදී උදව් කරන කුපික්කල මහාතිස්ස තෙරණුන්ටය තමන් සමඟි කළ හම්බුග්ගල්ලක විහාරයේ තිස්ස තෙරනුන්ට රජුගේ සේනාපතිවරු විහාර කීපයක් සාදවා පූජා කළහ මේ සෑම විහාරස්ථානයකටම සිව්පසයෙන් සංග්‍රහ කිරීමට සංග්‍රහ කිරීමට වළගම්බා රජු පියවර ගත්තේය වළගම්බා රජු දුටුගැමුණු රජතුමා තරම් වීරත්වයකිත් යුක්ත නොවූ නමුදු වසර දාහතක් පමණ නොයෙක් අපහස්තාවලට මුහුණ පාමින් වනගතව සිටි ද්‍රවිඩ සතුරන්ගෙන් රට ජාතිය ආගම බේරා ගැනීමට සේනා සංවිධානය කරමින් ජීවිතය ජීවිතය කැප කිරීමබෙහෙවින් අගය කළ යුත්තකි එතුමා රජ වීමෙන් පසුව විදේශ ගත වී සිටි සෝමා දේවිය ගෙන්වා නිසි තනතුරෙහි තැබීය එතුමා ඇගේ නමින් සෝමාරාමය නැමති විහාරය කරවීය

One thought on “හෙළයේ වළගම්බා

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s