හෙළයේ දුටුගැමුණු


මහාවංසයේ විසි දෙවන පරිච්ජේදයේ සිට තිස් දෙවන පරිච්ජේදය වෙන් වී ඇත්තේ දුටුගැමුණු රජතුමා පිළිබඳ විස්තර දැක්වීමටය.අසේල රජුගෙන් ලක්දිව බලය අල්ලා ගත් එළාර නම් දමිළ රජු සතළිස් අවුරුද්දක් රජකම් කළේය.ඔහු අනුරාධපුර රාජධානිය පාලනය කරන අවධියේ රුහුණේ මාගම රාජධානිය කරගෙන සිටියේ ගෝඨාබය පුත් කාවන්තිස්ස රජුය ඔහුගේ අගමෙහෙසිය වූයේ කැලණිතිස්ස රජුය.ඔහුගේ අගමෙහෙසිය වූයේ කැලණිතිස්ස රජුගේ දුවණිය වූ විහාර මහාදේවියයි.මේ දෙපළගේ වැඩිමහලු පුත්‍රයා වූයේ තිස්ස කුමරුය.දෙළොස්වෙනි වියේ සිටම ගැමුණු කුමරා අනුරාධපුරයේ දමිළ පාලනයට විරෝධය දැක්වූ අයුරු මහාවංසයේ සඳහන් පුවතින් පෙනේ. .කාවන්තිස්ස රජතුමා දූරදර්ශී පාලකයෙකු වූ බැවින් එකවරම එළාර රජු සමඟ සටනට ගියේ නැත.ඔහු කලක පටන් මේ සඳහා සූදානම් වූ බව පෙනේ.තම දරුවන් තරුණ වියට පත් වූ පසු දමිළයන්ගේන් කිසියම් උවදුරක් වුවහොත් ඊට ශක්තිමත්ව ඔවුන්ට මුහුණ දීම සඳහා අවශ්‍ය හැම පියවරක්ම ඔහු ගත්තේය.ඔහු විසින් සංවිධානය කරන ලද යුද බලඇණිය එවකට රෝහණ දේශයේ සිටි ප්‍රවල පුද්ගලයන්ගෙන් සැදුම් ලද්දක්.පළමුවෙන්ම ඔහු කළේ දස මහයෝධයන් ලවා එක් අයකුට දසදෙනා වැගින් යෝධයන් සොයා ගත්හ.මේ අයුරින් අවසානයේ එකළොස් දහස් එකසිය දසදෙනකුගේන් සමන්විත යෝධ බැලඇණියක් නිරිමාණය කළේය.ගැමුණු කුමරාද හස්ති ශිල්පය.අශ්ව ශිල්පය ආදී රජකුමාරයකුට අවශ්‍ය සියලු ශිල්ප ශාස්ත්‍ර අධ්‍යනය කරමින් ඒවා පිළිබඳ ප්‍රවීණත්වයට පත් වූයේය.කාවන්තිස්ස රජු ගැමුණු කුමරා තමා ඇසුරෙහි තබා ගත්තේය.ඒ වන විටත් රජතුමා සතුරු ආක්‍රමණ වළක්වනු පිණිස මහවැලි ග‍ඟෙහි සෑම තොටකම බලඇණි යොදවා තිබිණ.රජුගේ අන් බිසවකගේ පුත්‍රයකු වූ දීඝගාමිණී කුමරා ලවා මහවැලි ගඟහි කසාතොට ආරක්ෂා කිරීම සඳහා තිස්ස කුමරා දිගාවැවට යවා තිබිණ.ඔහු එම ප්‍රදේශය සංවර්ධනය කරමින් රාජකාරී කටයුතු කළේය.රජරට අල්ලාගෙන සිටින දමිළ සතුරන හා සටනට අවශ්‍ය යුද ශක්තිය මෙන්ම අවශ්‍ය පහසුකම් ඇතිබව දත් තරුණ ගැමුණු කුමරාල රුහුණට කොටු වී ජීවත් වීම මදිකමක් සේ දැනිණි.එවැවින් ඔහු එළාර රජුට විරුදධව සටනට යාමට තෙවරක්ම පිය රජුගේ අවසරය ඉල්ලා සිටියේය.එහෙත් පියරජු ඊට ඉඩ නුදුන්නේ.ඊට විරෝධය පෑමක් වශයෙන් ගැමුණු කුමරා කළේ ඔහු වෙත සත්‍රී ආභරණ යැවීමය.මෙයින් කාවන්තිස්ස රජතුමා කිපී ගැමුණු කුමරා අල්ලාගෙන සිර කිරීමට තැත් කළෙන් ඔහු කඳුරටට පලා ගොස් කොත්මලේ ප්‍රදේශයේ වාසය කළේය.පියාට විරුද්ධ වූ බැවින් එතැන් පටන් ඔහු දුට්ඨගාමිණී හෙවත් දුටුගැමුණු නමින් ප්‍රසිද්ධ විය.මේ අමතරව කාවන්තිස්ස රජතුමා මහානාගහුල නැමැති ස්ථානයේ චෛත්‍යක් ඉදි කිරීමට ආරම්භ කළේය.එහි වැඩ නිම වූ පසු එය මහාසංඝයාට පුජා කිරීමේ උළෙලක් පැවැත්විණි.ඒ සඳහා භික්ෂුන් වහන්සේලා විසිහතර දහසක් වැඩැයහ.රජතුමා උන්වහන්සේලාට ඉදිරියට සියලු යෝධයන් රැස් කරවීය.ගැමුණු කුමාරයාත් තිස්ස කුමාරයාත් අතර යම් කලෙක සටනක් ඇති වුවහොත් ඊට සම්බන්ධ නොවීමට එහිදී ඔවුන් සපථ කරවා ගත්තේය.මේ අයුරින් කාවන්තිස්ස රජතුමා එතැන් පටන් විහාර සැටසතරක් කරවීය.එතුමාගේ අභාවය සැලවූ තිස්ස කුමරා අවුත් පියාණන්ගේ ආදාහනෝත්සවය නිමවා මව වූ විහාර මහාදේවියත් කඩොල් ඇතාත් රැගෙන ගැමුණු කුමරාට භයින් යළිත් දිගාවැවට ගියේය ඇමතියන් හසුන් ලද දුටුගැමුණු කුමරා මාගමට විත් රාජ්‍යයෙහි අභිෂේක ලැබීය මවත් කඩොලැතැත් ඉල්ලා තිස්ස කුමාරයාට හසුන් යැවූ නමුත් එය නෂ්පල වෑයමක් විය. මේ හේතුවෙන් ඔවුන් දෙදෙනා අතර යුද දෙකක් ඇති විය. භික්ෂූන් වහන්සේලාගේ මැදිහත්වීම නිසා පසු ඔවුන් දෙදෙනා සමගි වූහ.කලක් තිස්සේ දුටුගැමුණු රජුගේ සිතට වදදුන් මනදොල සංසිදවා ගැනීමට අවස්ථාවක් උදා වූයේ ඉන් පසුවය.ආශිර්වාදය හා ආරක්ෂාව වෙනුවෙන් භික්ෂුන් වහන්සේලා පන්සිය නමක්ද පෙරටු කොටගත් යාන වාහන හා බලසෙන් සහිතව කඩොලැතු පිට නැගුනු දුටුගැමුණු රජතුමා රුහුණෙන් පිටත්ව අනුරාධපුරය බලා ගමන් කළේය.ඒ කාලවකවානුව තුළ මහවැලි ග‍ඟෙන් මෙතෙර දමිළ වලකොටු කීපයක්ම අල්ලාගන්නා ලද්දේ උපාය මාර්ගයෙනි.මහියංගණය,අඹතොට,සැත්බෑ කෝට්ටේ,අතුරුහෙබ,ද්‍රෝණ,හල්කොල,නැලිහෙව,දික්අබාගල,කස්තොට,කෝට නුවර,වහිට්ඨ,ගැමුණුගම,කුඹගම,නන්දිගම,ඛානුගම,තඹගම ආදී ස්ථානවල පිහිටි දෙමළ බලකොටු බිඳ ඒවායෙහි සිටි දමිළ සේනාපතියන් අල්ලා ගැනීමට ඔහුට හැකිය.මෙහිදී යුදවලින් පැරදුණු බොහෝ දමිළයන් පලාගොස් විජිතපුර බලකොටුවට වන්හ.මේ සටන්වලදී දුටුගැමුණු රජතුමාගේ ප්‍රධාන සේනාධිපති වූයේ නන්දිමිත්‍රයෝදයාය.මහවැලි ගහෙන් එතෙර වූ දුටුගැමුණු රජුගේ ඉලක්කය වූයේ විජිතපුර බලකොටුවට පහර දීමය මේ බලකොටුව පවුර,අට්ටාල ආදියෙන් සමන්විත වූ උස් වූ ගල් පවුරකින් වට කොට තිබූණි.ඊට තිබුණේ අයෝමය දොරවල්ය දුටුගැමුණු රජුගේ සේනාව කඩොල් ඇතාත් යොදාගෙන මේ දොරටු අසල දමිළ සේනා සමඟ සටන් කළහ.අන්තිමේදී දමිළයෝ බලකොටුවෙහි දොරවල් වසාගෙන ඇතුළට වන්හ.කඩොල් ඇතා ලවා දකුණුපස යදොර බිදිලීමට තැත් කරද්දී නොයෙක් ආයුධවලින් පහර දෙමින්ද රත් කළ යකඩ ගැලි හා ලෝදිය දමමින්ද එම උත්සාහය මැඩලීමට දමිළයෝ උත්සාහ දැරූහ.මෙයින් වේදනාවට පත් හස්තියා එතැනින් පලා ගියේය එහෙත් පසුවට නොවුණු සිංහල හමුදා කඩොල් ඇතාට නිසි පිළියම් යොදා ඒ තෙල් සම් යොදා යළිත් දොරටුව බිඳීමට මෙහෙය වූහ.එම අවස්ථාවේදී ඔවුන්ගේ බලාපොරොත්තුව සඵල කරගැනීමට හැකි වීය.බලකොටුව තුළට පැනගත් සිංහල හමුදා සතුරන් නසමින් එය විනාශ කර දැමුහ.මේ සඳහා ඔවුන්ට මාස හතරක් ගත විය.ඉන්පසු ගිරිල නුවර බලකොටුව අල්ලාගත්හ.එහෙත් පහසුවෙන් අල්ලා ගත නොහැකි තවත් බලකොටුවක් තිබිණ.එය පිහිටා තිබුණේ මහෙල නම් ස්ථානයේය.එය දිග අගල් තුනකින් හා කටු වැටකින් ආරක්ෂා වූවකි.මේ බලකොටුව අල්ලාගැනීමට සාරමසක් සටන් කිරීමට සිංහලයන්ට සිදු විය එයින් නිසි ලෙස ඵල නෙළා ගැනීමට නොහැකි බව දැනගත් දුටුගැමුණු රජතුමා එය අල්ලා ගත්තේ උපාය මාර්ගයෙනි.එතැන් පටන් කිසිම බාධාවකින් තොරව සිංහල සේනාවට අනුරධපුරය දක්වා ගමන් කිරිමට හැකි විය එහෙත් දුටුගැමුණු රජතුමා එකවරම එළාර රජු සමඟ සටනට යාමට තීරණය කළේ නැත ඒ වන විටත් බලකොටු තිස් දෙකක් විනාශ කිරීමට උරදුන් සිංහල සෙබළු පීඩාවට පත්වී සිටින්නට ඇත.මෙතෙක් ඔව්න් සටන් කර තිවුණේ අනුරාධපුරයට අයත් පසල් දනව්වල සේනාධිපතීන් සමඟ පමණි.නමුත් ප්‍රධාන දමිළ සේනාව තව තවත් ශක්තිමත් වෙමින් සිටියා මිස සටනට සම්වන්ධ වුයේ නැත එබැවින් තම යුද ශක්තිය තරකරගැනීමටත් ඊට අවශ්‍ය ආහාර පාන බේත්හේත් ආදිය එක්රැස් කර ගැනීමටත් දුටුගැමුණු අදහස් කරන්නට ඇත එබැවින් ඔහු අනුරාධපුරයට සැතපුමු දහ අටක් තරම් දුරින් තිබුණු කසාගල කඳවුරු බැඳගෙන වැවක්ද තනවා පොසොන් මස්හි දිය කෙළියෙහි යෙදෙමින් කල්ගත කළේය මෙසේ ටික කාලයක් ගත වී ගිය පසු එළාර රජුද ප්‍රධාන කොට වූ යෝධයන් හා මන්ත්‍රණය කොට පර්වත නම් ඇතුපිට නැගී විශාල සේනාවක් රැගෙන දුටුගැමුණු රජු හා සටන් කිරීම සඳහා කසාගල දෙසට ගමන් ගත්තේය.එකල ඉන්දියාවේ මෙන්ම ලක්දිව පැවති යුද්දෝපක්‍රම නම් දෙපිළක් අතර සටනක් දියත් කළ විට විරුද්ධ පැත්තේ සෙන්පතියන් ජීවග්‍රහනයෙන් අල්ලා ගැනිම හෝ මරා දැමීම පහර දෙන පැත්තේ බලාපොරොත්තුව වීමයි ඔවුන්ට එසේ කිරීමට ඉඩ නොදීම අනික් පැත්තේ උපක්‍රමය විය එළාර රජු සතුව පඅවති යුද ශක්තිය චරපුරුෂ සේවය මගින් දුටුගැමුණ් රජ අවවෝධ කරගෙන සිටින්නට ඇති බවටද සැක නැත එබැවින් ඔහු සිය මෑණියන්ගේද උපදෙස් ලබාගෙන සතුරු පක්ෂයේ වීරයා පීඩාවට පත් තිරීමට උපායක් යෙදීය.ඒ අනුව බලකොටු තිස්දෙකක් එම ස්ථානයේ ඉදිකොට දටුගැමුණු රජතුමාට සමාන රජ රූපද කරවා රජු එහි සේසත යට සිටින බවක් ඇඟවෙන සේ එම රෑ දෙතිස බලකොටුවල තැබුවේය ඉන්පසු දුටුගැමුණු රජතුමා අභ්‍යන්තර බලකොටුවල සිටි අතර ප්‍රධාන සේනාධිපති නන්දිමිත්‍ර යෝධයා ඔහුගේ ආරක්ෂාව සඳහා සූදානම්ව සිටියේය.යුද්ධය ඇරඹීමත් සමඟ එළාර රජුගේ භයංකාර වූ මහත් බල ඇති දීඝජන්තු යෝධයා සටන් කරමින් දුටුගැමුණු රජු සිටින ස්ථානයයි සිතා බලකොටු දෙසට ඇවිත් ඒවාට පහර දීමට පටන් ගත්තේය ඔහු අසිපත හා පළිහද රැගෙන අටළොස් රියනක් පමණ අහසට පැන පළමු බලකොවෙහි තබා තිබුණු රුවට පහර දී එය බිම දැම්මේය මෙසේ බලකොටු සියල්ල බිඳදමා දුටුගැමුණු රජතුමා සිටින බලකොටුව දෙසට ගියේය ඔහුගේ ගමන වැළකි ගිය රජුගේ ආරක්ෂාව සඳහා සූදානමින් සිටි නන්දිමිත්‍ර යෝධයා පරුෂ වජනයෙන් බැනීමය ඔහුගේ ඒ උපක්‍රමය සාර්ථක විය පරුෂ වචනයෙන් බැණ වචනයෙන් බැණ වැදීමෙන් කිපුණු දීඝජන්තු රජු වෙත යාම නවතා නන්දිමිත්‍ර මරා දැමෙන අදහසින් අහසට පැන්නේය නන්දිමිත්‍ර එවිට කළේ තමාට පහර දීමට පහලට එන දීඝජන්තු වෙත පළිහ ඇල්ලීමය එවිට පළිහත් සමඟ නන්දිමිත්‍ර කපමෙයි සිතා දීඝජන්තු වැරෙන් කඩුපහරක් දන්නේය ඒ පහර පළිහෙන් වළක්වා කඩුව පළිහ විනිවිද ගෙනෙත්ම එය අතහැරියේය.එබැවින් කඩුවද ගිල්හී දීඝජන්තු බිම ඇද වැටිණ එහෙත් ඔහුට කඩුව අතට ගැනීමට නන්දිමිත්‍ර ඉඩ තැබුවේ නැත ක්ක්ෂණිකයෙන් නැගිට තම අසිපතින් දීඝජන්තු මරණයට පත් කළේය එළාර රජුගේ ජයග්‍රහණය සඳහා ප්‍රධාන තුරුම්බුව වූ දීඝජන්තුගේ මරණයත් සමඟම එහුගේ හමුදාව මානසික වශයෙන් කිසියම් පසුබැස්මකට ලක්වූ බව නිසැකය දුටුගැමුණු රජුගේ ඵුස්සදේව යෝධයා සක පිඹීමක් සමඟම එයින් බැයපත් වුණු ඔවුහු සීසීකඩ පලා ගියේ එහෙයිනි එබැවින් සිංහල හමුදාවට ලෙහෙසියෙන්ම ඔවුන් මර්ධනය කිරීමට හැකිවිය විජිතපුරයේ බල බිදී යත්ම සිංහල හමුදාව සමඟ කරන සටනේදී ලක්දිව සිටි තම හමුදාව ගැන එළාර රජු සැහීමකට පත් වී නොසිටි බවද පෙනේ එබැවින් ඔහු දකුණු ඉන්දියානුවෙන්ද ආධාර ඉල්ලා තිබිණ අන්තිමේදී යුදයෙන් පැරදී එළාර රජ පලා ගියේය එහු ලුහුබැද ගිය දුටුගැමුණු රජු ද්වන්ද සටනකින් ඔහු දකුණු වාසලේ දොරදී මරණයට පත් කළේය පුරාණ ක්ෂතීය ධර්මය අනුව රජුගේ දේහය ආදාහනය කරවා එතැන චෛත්‍යක් ඉදිකරවන ලදී දීඝජන්තුගේ බෑණා වූ භල්ලුක යෝධයා එළාර රජුගේ හස්න ලැබ සැටදහසක් සෙනඟ පිරිවරා ආධාර පිණිස ලක්දිවට ගොඩ වැස්සේය එළාර රජු ආදාහනය කොට සත්දිනක් ගත වීමෙන් පසුය ඒ දුක්මුසු පුවත ඇසූ භල්ලුක මහාතිත්ථ‍යේ සිට අනුරාධපුරය බලා ගමන්ගත්තේය දුටුගැමුණු රජතුමාද යුදසෙනඟ පිරිවරා ඔහ් එන පෙරමගට ගොස් යුද කොට භල්ලුකද මරා දැමුවේය යුද්ධයේදී කරන ලද ප්‍රාණඝාත සිහිපත් වූ දුටුගැමුණු රජතුමා බොහෝ සෙයින් පශ්චාත්තාප විය එය සමනය කරන ලද්දේ භික්ෂූන්වහන්සේලා විසිනි එයින් සිත සාදාගත් ඔහු එතැන් පටන් මහාසංඝයාගේ ආශිර්වාදය ලබමින්ද  බුදුසසුනට අපිරිමිත සේවයක් කරමින්ද වසර විසිහතරක් රජකම් කළේය .හෙළයේ ඉතිහාසයෙන් නැවතත් හමුවෙමු

2 thoughts on “හෙළයේ දුටුගැමුණු

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s