හෙළයේ කාවන්තිස්ස


අසේල රජුගෙන් ලක්දිව බලය අල්ලා ගත් එළාර නම් දමිළ රජු සතළිස් අවුරුද්දක් රජකම් කළේය.ඔහු අනුරාධපුර රාජධානිය පාලනය කරන අවධියේ රුහුණේ මාගම රාජධානිය කරගෙන සිටියේ ගෝඨාබය පුත් කාවන්තිස්ස රජුය ඔහුගේ අගමෙහෙසිය වූයේ කැලණිතිස්ස රජුය.ඔහුගේ අගමෙහෙසිය වූයේ කැලණිතිස්ස රජුගේ දුවණිය වූ විහාර මහාදේවියයි.මේ දෙපළගේ වැඩිමහලු පුත්‍රයා වූයේ ගැමුණු කුමරුය.කාවන්තිස්ස රජතුමා දූරදර්ශී පාලකයෙකු වූ බැවින් එකවරම එළාර රජු සමඟ සටනට ගියේ නැත.ඔහු කලක පටන් මේ සඳහා සූදානම් වූ බව පෙනේ.තම දරුවන් තරුණ වියට පත් වූ පසු දමිළයන්ගේන් කිසියම් උවදුරක් වුවහොත් ඊට ශක්තිමත්ව ඔවුන්ට මුහුණ දීම සඳහා අවශ්‍ය හැම පියවරක්ම ඔහු ගත්තේය.ඔහු විසින් සංවිධානය කරන ලද යුද බලඇණිය එවකට රෝහණ දේශයේ සිටි ප්‍රවල පුද්ගලයන්ගෙන් සැදුම් ලද්දක්.පළමුවෙන්ම ඔහු කළේ දස මහයෝධයන් ලවා එක් අයකුට දසදෙනා වැගින් යෝධයන් සොයා ගත්හ.මේ අයුරින් අවසානයේ එකළොස් දහස් එකසිය දසදෙනකුගේන් සමන්විත යෝධ බැලඇණියක් නිරිමාණය කළේය.ගැමුණු කුමරාද හස්ති ශිල්පය.අශ්ව ශිල්පය ආදී රජකුමාරයකුට අවශ්‍ය සියලු ශිල්ප ශාස්ත්‍ර අධ්‍යනය කරමින් ඒවා පිළිබඳ ප්‍රවීණත්වයට පත් වූයේය.කාවන්තිස්ස රජු ගැමුණු කුමරා තමා ඇසුරෙහි තබා ගත්තේය.ඒ වන විටත් රජතුමා සතුරු ආක්‍රමණ වළක්වනු පිණිස මහවැලි ග‍ඟෙහි සෑම තොටකම බලඇණි යොදවා තිබිණ.රජුගේ අන් බිසවකගේ පුත්‍රයකු වූ දීඝගාමිණී කුමරා ලවා මහවැලි ගඟහි කසාතොට ආරක්ෂා කිරීම සඳහා තිස්ස කුමරා දිගාවැවට යවා තිබිණ.ඔහු එම ප්‍රදේශය සංවර්ධනය කරමින් රාජකාරී කටයුතු කළේය.මේ අමතරව කාවන්තිස්ස රජතුමා මහානාගහුල නැමැති ස්ථානයේ චෛත්‍යක් ඉදි කිරීමට ආරම්භ කළේය.එහි වැඩ නිම වූ පසු එය මහාසංඝයාට පුජා කිරීමේ උළෙලක් පැවැත්විණි.ඒ සඳහා භික්ෂුන් වහන්සේලා විසිහතර දහසක් වැඩැයහ.රජතුමා උන්වහන්සේලාට ඉදිරියට සියලු යෝධයන් රැස් කරවීය.ගැමුණු කුමාරයාත් තිස්ස කුමාරයාත් අතර යම් කලෙක සටනක් ඇති වුවහොත් ඊට සම්බන්ධ නොවීමට එහිදී ඔවුන් සපථ කරවා ගත්තේය.මේ අයුරින් කාවන්තිස්ස රජතුමා එතැන් පටන් විහාර සැටසතරක් කරවීය.එතුමාගේ අභාවය සැලවූ තිස්ස කුමරා අවුත් පියාණන්ගේ ආදාහනෝත්සවය නිමවා මව වූ විහාර මහාදේවියත් කඩොල් ඇතාත් රැගෙන ගැමුණු කුමරාට භයින් යළිත් දිගාවැවට ගියේය තවත් ලිපියක් ලිවීමේ බලාපොරොත්තුවෙන් සමුගනිමි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s