හෙළයේ දේවානම්පියතිස්ස


දේවානම් පියතිස්ස රජුගේ පාලන සමය ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් සන්ධිස්ටානයක් සනිටුවන් කරන අවධියකි. මෙතුමාගේ පාලන අවධියේදී ලක්දිව බුදුසසුන පිහිටු වීමත් සමඟ උපත ලැබූ සිංහල ‍ බෞද්ධ ශිෂිටාචාරය ලෝකයේ අනෙකුත් සමකාලීන ශිෂ්ටාචාරවලට නොදෙවෙනි වන පරිද්දෙන් ශ්‍රී සෞභාග්‍යවත් හා සමෘද්ධියෙන් ආඩ්‍ය විය. මුටසීව රජුගේ දෙවෙනි පුත්‍රයා වූද තිස්ස යන නමින් හඳුන්වනු ලැබුවා. හෙතෙම ලක් සිහසුන හෙබවීමටත් පෙර සිටම ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යයා සමඟ මිත්‍ර සන්ථවය පැවැත්විය. ඔහු ආජාභිෂේකය ලබා නොබෝ කලකින්ම සිය මිතුරා වූ අශෝක අධිරාජයාට මාහැඟි පඩුරුද සමඟ දූත කණ්ඩායමක් යැවූ බව වංසකථාවල සඳහන් වේ.මේ දූත කණ්ඩායමේ නායකත්වය දරන ලද්දේ තිස්ස රජුගේ බෑණනුවන් වූ මහාඅරිට්ඨ කුමරුන් විසිනි. ලක්දිව මිතුරාගේ මාහගි පඩුරු ලැදි අශෝක අධිරාජයා අපමණ සතුටට පත්ව දූත පිරිසටද තනතුරු පිරිනමා තිස්ස රජුට යළිත් අභිශේක කිරීමට අවශ්‍ය උපකරණ එවීය.මේ අනුව භාරතයේ පැවති සිරිතට අනුව අභිෂේ ලත් තිස්ස රජු රජ්‍යත්වය තහවුරු කරගෙන අශෝක පෙළපතේ උපාධි නාමය වන දේවානම්පිය යන නාමය නමෙහි මුලට යොදා ගත්තේය. දේ දෙදෙන අතර පැවති මිතුත්වයේ මල්ඵල ගැනීමක් ලෙස දැක්විය හැක්කේ ලක්දිවට බුදුදහම ලැබීමයි. අශෝක අධිරාජයාගේ ප්‍රධාන දායකත්වයෙන් පැවති තෙවන ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් වශයෙන් දියත් කළ ධර්ම ප්‍රචාරක ව්‍යාපාරය අනුව එතුමාගේ පුත් මහින්ද මහරහතන් වහන්සේ සමඟ ඉට්ඨිය,උත්තිය,සම්බල,භද්දසාල යන තෙරුන් වහන්සේලා සතර නමක් වැඩම කළ අතර සුමන සාමණේර භික්ෂවන් භණ්ඩුක උපාසක තැනත් එම ධර්මදූත පිරිසට අයත් විය.මිහිදු හිමියන්ට දේවානම්පියතිස්ස රජතුමා හමු වූයේ මිහින්තලාවේදීම.දඩකෙළියේ ගිය රජු හී බිම දමා තුනුරුවන් සරණ ගියේ එහිදීය.එදින පොසොන් පුර පසළොස්වක දිනයක් විය.මහාවංසය දක්වන පරිදි එහිදී මිහිඳු හිමියෝ ජුල්ල හත්ති පදෝපම සූත්‍රය දේශනා කොට ඇත.ධර්ම දේශනයට පළමුව රජු බුද්ධි පරීක්ෂණයට ලක් කළහ. එයින් බලාපොරොත්තු වන්නට ඇත්තේ බුදුදහම තේරුම් තරම් නුවණක් මෙරට පාලකයාට තිවේදැයි පරීක්ෂා කිරීමට විය හැකිය. එහෙත් රජතුමා නිවැරදිව ප්‍රශ්නවලට පිළිතුරු දීමෙන් බුදුදහම අවබෝධ කරගෙන එය මෙරට ප්‍රචලිත කිරීමට හැකියාවක් ඔහුට අතිබව උන්වහන්සේට පැහැදිලි වන්නට ඇත. ඇත්ත වශයෙන්ම උන්වහන්සෙගේ එම අභිමතාර්තය ඉතා සාර්ථක විය. පසුදින අනුරාධපුර රාජධානියට වැඩම කළ මිහිඳු හිමියන් ධර්ම දේශනා තුනක් පැවැත්වූහ. රජගෙදර කාන්තාවන් ඇතුළු විශාල පිරිසක් මෙහිදී හේතුකොට ගෙන ලක්දිව වුදුදහම ප්‍රචලිත වීම සාර්ථකව සිදු විය. දේවානම්පියතිස්ස රජුගේ ශාසනික සේවයේ ප්‍රතම කාර්යය ලෙස දැක්විය හැක්කේ මහමෙවුනා උයන සඟසතු කොට පූජා කොට මහාසීමා බැඳවීමය. එය ලක්දිව බුදුසසුන පිහිටුවීමේ සංකේතයක් බඳු විය. වුද්සසුනට ලක්දිව අයිතිය ලැබුනේ මහමෙවුනා උයන සඟසතු වීමෙන්. පසු කාලීනම ජාත්‍යන්තර වහයෙන් ථෙරවාදී වුදුදහාම් වුදුදහමේ කේනුද්‍ර ස්ථානය වූ මහාවිහාරය ඉදිකරවීම දේවානම්පියතිස්ස රජු බුදුසසුනේ දියුණුවට කරන ලඳ මහඟු සේවාවකි. මිහිදු මහරහතන් වහන්සේ ලක්දිවදී ප්‍රථමයෙන්ම වස් වැසීමට තෝරා ගත්තේ මිහින්තලා පර්වනයයි.දඹදිවදී ශ්‍රී මහාබෝදීන් වහන්සේ දකුණු ශාඛාවක් රැගෙන සඝමිත් තෙරණිය වැඩම කිරීමත් සමඟ මෙහි භික්ෂුණි ශාසනය ස්ථාපිත විය. දේවානම් පියතිස්ස රජුගේ බාල සොහොයුරු මහානාගගේ දේවිය වන අනුලා බිසව ඇතුළු පන්සියයක් දෙනා කාන්තාවෝ පැවදි වූහ. බෝධිරෝපණයද පුද සැලකිලි මැද ඉතා උ්කර්ෂවත් ලෙස පැවත්වූහ.බෝදීන් වහන්සේ වැඩම කළ නැවේ කුඹ ගහ සඝමිත් තෙරණිය වැඩ සිටි මෙහෙවරෙහි එක් ගෙයකද පලුපත තවත් ගෙයක කෙනිපාතය තවත් ගෙයකද මහජනයාට දැකබලා ගැනීමට තැන්පත් කරන ලදී.බුදුසසුන ලක්දිව මුල්වැස ගැනීමේ අරමුණ ඇතිව දේවානම්පියතිස්ස රජුගේ දායකත්වයෙන් සිදු වූ විනය සංඝායනාවට භික්ෂූන් වහන්සේලා සැට අට දහසක් රැස් වූ බවද ඓතිහාසික මූලාශ්‍රයවල සදහන් වෙයි.මීට අමතරව ඔහු වසරක් තුළදී කරන ලද වෙහෙර විහාර හා වෙනත් ආගමික ගොඩනැගිලි අතර ඉසුරුමුණිය විහිරය,ශත්ථාල්හක මෙහෙණවර,මහාපාලී දන්හැල,නාගදීපයේ දඹකොළ වෙහෙර හා තිස්ස මහාවිහාරය,ප්‍රාචීනාරාමය ආදිය දැක්විය හැකිය.ලේඛන කලාව,ගෘහ නිරිමාණ ශිල්පය,මූර්ති ශිල්පය,කැටයම් කලාව,චිත්‍ර ශිල්පය ආදී ගලා ශිල්පවලින් ශ්‍රී ලංකා ශිෂ්ටාචාරය ඔපවත් වූයේ මහින්දාගමනයෙන් පසුවය.දැනට මෙහි නොයෙක් ස්ථානවලින් හමුවී ඇති පූර්ව බ්‍රාහ්මී ශිලා ලේඛනවලින් පැරණිම ඒවා අයත් වන්නේ ක්‍රි.පූ.තුන්වන සියවසටය.මේවායෙහි ඇති අක්ෂර ඉන්දියාවේ අශෝක ශිලා ලේඛනවල අක්ෂරවලට සමානය. එවැබින් මහින්දාගමනයෙන් පසුව කුමවත් ලේඛන කලාව ඇති වීමත් සමග සිංහල සාහිත්‍යයේ උපත සිදු වූ බව ඵෙතිහාසික මූලාශ්‍රවල සදහන් තොරතුරු අනුව පැහැදිලි ිව්. මිහිදු මහරහතන් වහන්සේ ලක්දිවදී හෙළ අටුවා ග්‍රන්ථ රචනා කළ බව මහාවන්සයේ දැක්වේ.දේවානම් පියතිස්ස රජුගේ කාලයට පෙර තිබූ රාජධානිවල නටඹුන් ඉතිරි වී නැත ඒට හේතුව වන්නට ඇත්තේ මැටි ආදී ගල් නොපවතින ද්‍රව්‍ය යොදි සක්ස් කළ බැවිනි.ශ්‍රී ලංකාවේ ගෘහ නිරිමාණ ශිල්පය උසස් මට්ටමකට පත් වූයේ මහින්දාගමනයෙන් පසුව බවට අවිවාදයෙන් පිළිගත හැකිය.ඒ අවධිය වනවිට ඉන්දියාවේ මෞර්ය අධිරාජ්‍ය තුළ අලංකාර වූත් විසිතුරු වූත් වෙහෙර විහාර,රජමාලිගා,ප්‍රභූ නිවාස ඉදිකර තිබිණි.ඉතා උසස් මට්ටමේ කලාත්මක ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමයක් එහි පැවතිණි. මේවායෙහි ආභාසය බුදුසසුන පිහිටුවීමත් සමග මෙරටට ලැබිණි,මහාවිහාරය සැලසුම් කරයි.එසේම සගමිත් තෙරණිය සමග පැමිණි අටලොස් කුලයක ශිල්පීන් අතරද මේ විෂයය පිළිබද නිපුණත්වයක් ඇති අය සිටින්නට ඇත.ගඩොල්,ගල් ආදිය යොදා ගනිමින් එතැන් පටන් ලක්දිව අලංකාර ගෘහ නිරිමාණ ඉදිකිරීම ආරම්භ විය.පසු කාලීනව දේශීය ගෘහ නිර්මාණ ගැළපෙන අයුරින් ඔවුන්ගේ විහි වූ අතර දේශයට පරිසරයට ගැළපෙන අයුරින් ඔවුන්ගෙන් විහිවූ උසස් නිරිමාණ ශ්‍රී ලංකා ඉතිහාසය පුරි දක්නට ඇත

බෞද්ධ වෙහෙර විහාර මෙන්ම වෙනත් ලෞතික නිවාස ඉදි කිරීමේදී ඒවා අලංකාර කිරීමට යොදාගත් කලාත්මක අංග නිරිමාණ රාශියක් දක්නට ඇත. විශේෂයෙන් ආගමික ගොඩනැගිලි මකර තොරණ,සදකඩ පහණ,දේශීය කලාකරුවන් කළ අසිරිමත් නිර්මාණය.මහින්දාගමනයට පෙර අවධිවලට අයත් සිතුවම් ගලාවක් ඇති වින මෙම තොරතුරු සපයා ගනු ලැබුවේ ඇකිරියගල ඒකනායක රචනා කළ අපේ ශිෂ්ටාචාරය1 අනුරාධපුර යුගය පොතෙනි.තවත් ලිපියක් ලිවීමේ බලාපොරොත්තුවෙන් සමුගනිමි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s