ලක්දිව රජකළ විජය රජතුමා


ගියපාර ලිපියෙ කතාකළේ රාවණා රජතුමා ගැනනේ.ඔන්න පොරොන්දු වුණු විදියට විරජ රජතුමා ගැන ලිපිය පළ කළා. හරියටම මේ විජය කුමරු කළ නොහොබිනා වැඩට දඬුවමක් වශයෙන් ඔහුගේ පියා වූ සිංහබාහු රජතුමා වංග දේශයෙන් මොහු පිටුවහල් කළ දවසෙ තමයි අප මහා ගෞතම බුදරජාණන් වහන්සේ පිරිණිවන් පෑමේ අදහසින් කුසිනාරාවේ වීදි දිගේ ශ්‍රාවකයන් පිරිවරාගෙන වැඩම කළේ.ඒ කියන්නෙ අපි කියන විදියට ප්‍රාග් ඓතිහාසික යුගය අවසන් වෙන්නේ ඔය දවසින් තමයි.ඔන්න දැන් විජයාගමනය ගැන කතා කරමුකෝ. මේ විජය කුමරුගේ නෑදෑයින් පිළිබඳ සොයා බැලුවොත් හමුවෙන්නේ”කලෙකදී වංග දේශයේ රජු කාලිංග දේශයේ කුමරියක් සරණපාවා ගත් පසු ඔවුන්ට ලැබුන දියණිය “සුප්පා දේවි” නම් විය. සුප්පා දේවිය ඉතා රූප සම්පත්තියක් ඇති ගැහැණියක් විය.මැය ඇදුමක් ඇන්ද විට එම ඇදුම රත්‍රං වැනි ඇදුම් බවට පත් වන බවට සඳහන් වෙයි.ඇය වනයේ සිංහයෙකු හා ආලෙන් වෙලී ඔහු සමඟ තම දෙමාපියන්ට හොරෙන් විවාහ වූ බවත්, සිංහයාගෙන් සහ සුප්පා දේවියගෙන් ලත් දරුවන් දෙදෙනා සිංහබාහු සහ සිංහ සීවලී නම් වේ (සින්හයෙකුගෙන් දරුවන් ලද බව අතිශයෝක්තියක් බව ඇතැමෙකුගේ අදහස වන අතර මේ සිංහයා සැබවින්ම සිංහයෙකු නොව “සිංහ” නම් වූ පෙරළි කරුවෙකු බව කියති). මේ සිංහයාගේ කතාව නිසා තමයි මොවුන් සිංහ වංශිකයින් ලෙස හඳුන්වන්නේ. සිංහයා විසින් මොවුන් රාජ පාලකයින්ගෙන් ආරක්ෂා කරගැනීමට හා එපිට ලෝකය දකිමින් වළකා ගැනීමට ගල් ලෙනක රඳවා සුප්පා දේවිය, සිංහබාහු සහ සිංහ සීවලී රැකවල් තැබූ බවත්.සිංහබාහු තරුණ වියට පත් වූ පසු සිංහයා වනයට ගිය විටෙකදී ගල් ලෙන බිඳ ගෙන සිංහයා ගෙන් පලා ගියා ලු. (හුටා)

“ගල් ලෙන බිඳලා….ලෙන් දොර ඇරලා…..සිංහ බා……….”

ඉතින් වනයෙන් එලියට ආපු සිංහබාහු,සිංහ සීවලී. හා සුප්පා දේවිය ළඟම තියන මිනිසුන් වෙසෙන පෙදෙසකට ගියාලු.එහිදී තමන්ට ඇදීමට ඇදුම් ඉල්ලූ ඔව්හු එම ඇදුම් ඇදගත් පසු රන් වැනි රාජ ඇදුම් බවට පත් වුනාලු.මේ ගැන එහි වෙසපු වැසියන් රජතුමාට දැන්වුවාලු.ඉන්පසුව මොවුන් කැඳවා විස්තර දැනගත් පසු රාජ උරුමය හිමි සුප්පා දේවිය ගැන පැහැද එහි වෙසීමට ඉඩ දුන්හ.ඉන්පසුව ඔවුන්ට සෑම රාජ සම්පත් ලැබුණි.ඉන්පසුව සිංහබාහු තම නැගණිය වූ සිංහ සීවලී සමඟ විවාහ වූ බව කියයි.වියරු වැටී සිටි සිංහයා තම බිරිය සහ දරුවන් දෙනා සොයා එම දේශයට පැන මිනිසුන්ට හිරිහැර කිරීමට පටන් ගත්තාලු.එවකට සිටි සියලුම පාහේ දක්ෂ රණශූරයන් මෙම සිංහයාගෙන් මැරුම් කෑවලු.අවසානයේදී සිංහබාහු තම රට බේරාගැනීමට රජුගෙන් අවසර ඉල්ලාගෙන සිංහයා මැරීමට පිටත් විය.මෙසේ තම පියා වූ සිංහයා නපුරු නොවන බැවින් වෙනත් සිංහයකු වෙතැයි සිතා මොහු පිටත් විය.අවසානයේදී තම පියා බව දැනගත් මොහුට වූ පොරොන්දුව කඩ කිරීමට නොහැකි බැවින් තම පියා මරා දැමීමට සිදු විය.ඉන්පසුව ඔහු එම ප්‍රෙද්ශයේ රජ වී සිංහපුර නම් රාජධාණියක් තනා ගෙන එය පාලනය කළ බව සඳහන් වෙයි.

. මේ සිංහබාහු ට සහ සිංහ සීවලී ට ලැබුන දරුවන්ගෙන් වැඩිමලා තමයි විජය. විජයගේ නිවුන් සොහොයුරා සුමිත්ත (මොහු පසු අවස්ථාවකදී අපේ ලිපියට වැදගත් වන අයෙක්). මේ විජය කියන්නේ කොටින්ම දාමරික වැඩ කරපු කෙනෙක් කියලා තමයි සඳහන් වෙන්නේ. මං පැහැරීම්, ස්ත්‍රී දුෂණ, මිනී මැරුම් කරන්න ඔහුටම හරියන අනුගාමිකයෝ ටිකකුත් ඉඳල තියනවා. මේවා දරා ගන්න බැරි උන සිංහපුර වැසියෝ සිංහබාහු ගෙන් ඉල්ලුවලු විජය මරා දමන්න කියලා. ඒත්, තමන්ගේ පියා මරපු සිංහබාහු තමන්ගේ පුතා මරන්න කැමති උනේ නැහැ. ඒ වෙනුවට විජය සහ සත් සියක් අනුගාමිකයින්ගේ හිස මුඩු කරලා වංග දේශයෙන් පිටුවහල් කරා ලු.

මේ විදිහට රටින් පිටුවහල් කරපු විජය ඇතුළු පිරිස රැගත් නෞකාව ලක් වෙරළට සැපත් උනෙත් බුදුන් වහන්සේ පිරිණිවන් පෑවෙත් එකම දවසේ කියලයි සඳහන් වෙන්නේ. මෙදා ඉඳල තමයි අපේ ඉතිහාසඥයෝ බුද්ධ වර්ෂ ගණනය කිරීම ආරම්භ කරල තියෙන්නෙත් (එනම් බුද්ධ වර්ෂ 1 (ක්‍රි, පු. 543) එදවසින් ඇරඹිණි). මොවුන් ලංකාවේ වයඹ දිග වෙරළට ගොඩ බැහැපු පිරිස අත්ල බිම තබා වෙරළේ හිඳ ගෙන අත්ල දිහා බලද්දී ඒවා තඹ පාට වී තිබූ නිසා ඒ ප්‍රදේශය තම්බපන්නිය (තම්මැන්නාව) කියා නම් තැබුවා ලු. ටිකක් විපරම් කිරීමේදී මොවුන්ට බැල්ලියක් හමුවූ අතර මිනිස් වාසයක් ඇති බවට ඔවුන්ට ඉඟියක් ඇති විය.ඉන්පසුව මිනිසුන් ගැවසෙන පිරිසක් ඒ කිට්ටුවම ඇතැයි සිතා ඔවුන්ගේම කිහිප දෙනෙක් ඒ ගැන සොයා බැලීමට යැවීය.එසේ ගිය කිසිවකු ආපසු නොපැමිණි බැවින් අවසානයේ විජය කුමරු ඔවුන් සොයා ගියේය.එහිදී ඔහුට දකින්නට ලැබුණේ කපු කටිමින් සිටින කාන්තාවකි.ඇය කුවේණියයි.රෙදිපිළි සකසා ගැනීම ලක්දිව එවකට පැවති දියුණු ශිෂ්ඨාචාරයක ලක්ෂණ කියා පායි.කපු කටිමින් සිටි කුවේණිය යක්ෂ ගෝත්‍රික කාන්තාවකි.විජය කුමරුට තම බලය ශ්‍රී ලංකාවේ පිහිටුවාගැනීමට සහය වූයේ ඇයයි.

එදා ශ්‍රී ලංකාවේ වාසය කළ ජනතාව යක්ෂ හා නාග ගෝත්‍රවලට අයත් වූහ.ඒ අතර ප්‍රධාන වූයේ යක්ෂ ගෝත්‍රයයි.ඔවුන්ගේ ප්‍රධාන රාජධානිය තිබුණේ ලංකාපුර ලෙස හැදින්වුණු මහියංගන ප්‍රෙද්ශය මධ්‍යස්ථානය කොට ගෙනය.ලග්ගල හා සිරසවත්ථු හෙවත් තම්මැන්නා යන ප්‍රෙද්ශ වලටද එය පැතිර තිබුණි. නාග ගෝත්‍රිකයෝ නාගදීපයේ(යාපනයේ) සහ කැලණියේ වාසය කළහ.

විජය ඇතුළු පිරිස තම්මැන්නාවට ගොඩබට දිනයේ ලංකාපුරයේ ප්‍රධාන පාලකයා වූයේ මහා කාලසේන කියන රජතුමාය.මොහු රාවණා පෙළපතට අයත් කෙනෙක්.එම දිනයේ ලංකාපුරයේ මෙම මහා කාලසේන රජුගේ දියණියක සිරසවත්ථු පුරයේ පාලකයාට ආවාස කර දෙන මංගල උත්සවයක් පැවැත්වුණි.ඒ නිසා යක්ෂ ගෝත්‍රික නායකයන් ,එදා එම පුරයට රැස්වීමට නියමිත වී තිබුණි.අතිශය උත්කර්ෂවත් විවාහ මංගල උත්සවයක් වූ එම දසත පැතිර ගිය සංගීත රාවයෙන් මෙන්ම නැටුමෙන් ගැයුමෙන්ද අලංකාර විය. විජය කුමාරයා හා කුවේණිය හා වූ කතා බහෙන් පසුව විජය කුමරු සමඟ ආවාහ වීමටත් මේ රාජ්‍යය ඔහුට ලබාගැනීමට ඔහුට උදව්කිරීමටත් කුවේණිය කැමති විය.ඒ අනුව එදි උත්සවයට සහභාගීවූ සියලුම ප්‍රභූ පිරිස්වලට සහ ගෝත්‍ර නායකයන්ට එරෙහි වූ කුවේණිය ඔවුන් මරවා විජයට ලක් රජය ලබා දීමට විධි විධාන යෙදුවාය.මැදියම් රැයේ උත්සවයේ උත්කර්ෂවත් අවස්ථාවේ සියලුදෙනා අපමණ සතුටෙන්,විනෝදයෙන් සිටියදී එතැනට කඩා පනින ලද විජය ඇතුළු පිරිස එම යක්ෂ ගෝත්‍රික නායකයන් සමූල ඝාතනය කළහ.

අනතුරුව ප්‍රධාන යක්ෂ නායකයාගේ ඇදුම විජය ඇදුගත් අතර,සෙසු පිරිස යක්ෂ ප්‍රභූන්ගේ ඇඳුම ඇදගත්හ.එපරිද්දෙන් යක්ෂ ගෝත්‍රිකයන් මරා දැමූ විජය සහ පිරිස ඔවුන්ගේ අවි ආයුධ සහ රාජකීය ඇදුම් පැලදුම්ද අත්පත් කරගෙන එම බල ප්‍රෙද්ශයේ රාජ්‍ය බලය ලබා ගත්හ. විජයගේ ආධිපත්‍ය ප්‍රධාන වශයෙන් සිංහල සංස්කෟතියට බලපෑමක් විය. ශ්‍රී ලංකාවේ අසල්වැසි රාජධානියක් වන ඉන්දියාවෙන් වෙනස් වූ ආධිපත්‍යක්මොහු ගෙන ගියේය. ආර්යය රාජ්‍යය ප්‍රධාන වශයෙන් හින්දු, ද්‍රවිඩ ප්‍රදේශයන් වූ අතර මොහුගේ රාජධානිය බුදු දහම මත පදනම් වූ රාජධානියක් විය.මොහුගේ රාජධානිය බුදු දහම පදනම් වුවද මොහු බෞද්ධයෙක් නොවීය.ශ්‍රී ලංකාව බෞද්ධ රටක් ලෙසට පැහැදිලිව වෙනස්වන්නේ දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේය.විජයගේ සහ කුවේණියගේ සම්බන්ධය වැදි ජනයාගේ ආරම්භය වූයේය.

~~~~~~~~~~~~~~ තම්මැන්නා රාජධාණිය – ක්‍රි. පූ. 543 – 505 (බු. ව. 1 – 39) ~~~~~~~~~~~

විජය කුමරු මල්වතු ඔය අසබඩ තම්බපණ්ණියේ බලය තහවුරු කර ගත් අතර ඔහු සමඟ පැමිණි පරිස් තම නම් වලින් එක් එක් ප්‍රෙද්ශවල ගම් පිහිටවූහ. අනුරාධ ඇමති විසින් මල්වතු ඕය ඉවුරේ අනුරාධගාමයද,උපතිස්ස ඇමති විසින් මල්වතු ඔය ඉවුරේ අනුරාධගාමයට උතුරින් ඛනදරා ඔය අසල උපතිස්සගාමයද,විජිත ඇමති විසින් මල්වතු ඔය ඉවුරේ විජිතගාමයද,උරුවේල ඇමති විසින් කලා ඕයේ මෝය අසල උරුවේලාගාමයද පිහිටුවන ලදී. මුල සිටම අනුරාධගාමය ප්‍රධාන තැනක් ඉසුලූ අතර පසුකලෙක මෙය වසර දහසක පමණ කාලයක් රජරට අගනුවර වී තිබුණි ඉන්පසු විජය කුවේණිය විවාහ කර ගත්තත් මේ පාවා දීම නිසා ඇගේ ගෝත්‍රයේ ජනතාව නම් කුවේණි ගැන අප්‍රසාදයෙන් තමයි ඉඳල තියෙන්නෙ. කුවේණි ට විජයගෙන් ලැබුණු දරුවෝ දෙන්නා තමයි “ජීවහත්ත” සහ “දිසාලා”.

ටික කලක් ගත වෙද්දී විජයගේ පිරිසට ඕන වෙලා විජය සාම්ප්‍රදායික විදියට අභිෂේක කරන්න. සම්ප්‍රදායේ හැටියට අභිෂේක කරන්න නම් අග බිසව සම කුල කෙනෙක් වෙන්න ඕනලු. මේ නිසා ඉන්දියාවෙන් කුමාරිකාවක් ගෙන්න ගතිපු විජය කුවේණි ත් ළමයි දෙන්නත් එළවලා දැම්මලු.විජය දෙවනුව විවාහ වූ කුමරිය විජායි හා පණ්ඩු වශයෙන් හැදින්වේ.මෙහි මොන නමද හරි යන්න මම පසුව කියන්නම්.ඔයාල දන්නවනම් කමෙන්ට් එකෙන් දාන්න.විජායි කුමරිය පැමිණ ඇත්තේ දහසක පිරිසක් පමණ.ඔවුන් ලක්දිව මාන්තෙයි හෙවත් මන්නාරාමට ගොඩ බැස ඇත.

ඔන්න අන්ත අසරණ උන කුවේණි ළමයිනුත් අරන් තමන්ගේ නෑයින් ළඟට යන්න හැදුවත් ඔවුන් හැතිරියක් හැටියට සළකපු කුවේණිව බාර ගන්න කැමති වෙලා නැහැ. ඔවුන් කුවේණි ට ගල් ගසා මැරුව ලු. ළමයි දෙන්නා කැලයේ ජීවත් වන ජන කොට්ටාශයක් වූ “පුලින්දයන්” ළඟට ගියා කියල තමයි සඳහන් වෙන්නේ. විජය කුමරු ඇතැම් විට කෲර, අනුකම්පා විරහිත පාලකයෙකු වශයෙන් හැඳින්වූ පොත්පත්ද ඇත. මොහු දේවානම්පියතිස්ස, දුටුගැමුණු හෝ මහා පරාක්‍රමබාහු ආදී රජවරුන් තරම් ප්‍රසිද්ධියට ලක් නොවූයේ ඵ් නිසාවෙනි. විජයගේ සහ පාණ්ඩු කුමරියගේ විවාහයේදී විජයගේ සෑම අමාත්‍යවරයෙකුටම බිරින්දෑවරු ලැබුණු අතර ඹවුන්ගේ මුහුදු ගමනේදී පළමු බිදින්දෑවරුන් ඹවුන්ගෙන් වෙන්විය. පුරාණ කථාවලට අනුව බිරින්දෑවරුන් මාලදිවයිනට යැවෙන්නට ඇත. අපිට අදත් දකින්න ලැබෙන වැදි ජනයා පැවතෙන්නේ පුලින්දයින්ගෙන් කියල විශ්වාස කරනවා.

එහෙම බලද්දී විජය සිංහලේ මුත්තා නෙමෙයි, වැදි ජනයාගේ නෑයෙක් 🙂 මොකද ඔය ඉන්දියාවෙන් ගෙනා කුමාරි ටයි විජය ටයි ළමයි හිටියේ නැහැලු නේ. තවත් දෙයක්, වැදි ජනතාව අපේ ආදි වාසීන් ලෙස හඳුන්වන එක කොයි තරම් වැරදිද කියල මේකෙන් තේරෙනවා ඇති. ඉතින් ක්‍රි. පූ. 505 වෙන තුරු අවු. 38 ක් රජ කම් කරපු විජය ට ඔහුගේ මරණින් පස්සේ රජ කම බාර දෙන්න දරුවෙක් ඉඳල නැහැ. මේ නිසා විජය මිය යන්න කලින් මේ බව ඔහුගේ සොහොයුරා සුමිත්ත ට දැනුම් දුන්න ලු. සුමිත්ත මේ ගැන ක්‍රියා මාර්ගයක් ගන්න කලින් විජය රජු මිය ගිහින්. ඉන් පස්සේ අවුරුද්දක් (ක්‍රි. පූ. 504 වන තෙක්) රට පාලනය කරල තියෙන්නෙ “උපතිස්ස” නම් විජයගේ අනුගාමිකයෙක්. ලක් දිව අග නුවර, තම්මැන්නාවෙන් උපතිස්ස ගම ට ගෙන ගියා ලු. ක්‍රි. පූ. 504 දී ලංකාවේ රජ කම බාර ගන්න තවත් කෙනෙක් එනවා. ඒ ගැන මම ඊ ළඟ ලිපියෙන් කියන්නයි හිතා ගෙන ඉන්නේ. ඉතින් අදත් අපි ආඩම්බරයෙන් කතා කරන භාෂාව, සිරිත් විරිත්, මේ හැම දේකම උපත සිදු උනේ විජයාගමනයෙන් . හරියට කියනවනම් “සිංහලේ උපත”. අපි අද කතා කරන භාෂාව පිරිසුදු හෙළ භාෂාව වත් සිංහ වංශිකයින්ගේ වංග භාෂාව වත් නොවෙයි. ඒ තමයි “සිංහල” භාෂාව. සිංහල සිරිත් විරිත් උනත් ඒ විදියට මිශ්‍ර වී අනුගත උන ඒවා විය යුතුයි.

Visit Our New Website – http://sinhapedia.blogspot.com

7 thoughts on “ලක්දිව රජකළ විජය රජතුමා

  1. අදමයි මේ පැත්තට ආවෙ. ඉතිහාසය ගැන මට තියන පිස්සුවට බේතක් මේකෙනුත් හොයා ගන්න පුළුවන් කියලා හිතෙනවා. තව දුරටත්, මූලාශ්‍ර සහිතව කරුණු ඔප්පු කරමින් ලිවුවා නම් වඩාත් රසවත් වෙයි. ප්‍රශංසනාත්මක උත්සාහයට මගෙන් සුබ පැතුම්

  2. Mata me davas vala Derana tv eke yana Hela wanshaya BRAHASPATHINDA RE 9.45 ta balanna lebuna. E vedasatahanata anuwa Vijaya rajata pera loku ithihasayakata api urumakam kiyanava Obage igeneem katayuthu walata bhadawak kara nogena e genath hoyala thorathuru hoyala danna. Obe uthsahaya kadimai .

  3. අතිශයින්ම තරැණ පරපුරට මෙී දේ වැදගත්. කිසිදු දෙයක් දන්නේ නැති හරසුන් මිනිසුන් සලස දිවිගෙවන අපේ කමිමැලි අයට මෙීක නියම වැඩක්

  4. “ දුම් රත්ගල වැසි යක්ෂයන්ට අධිපති වුයේ ජුනින්දර නම් යක්ෂයෙකි.හේ විජය හා යකුන් අතර ඇතිවූ සිරසවස්ථුපුර යුද්ධයේදී මැරුම් කෑවේය. ඔහුගේ චේතියා නම් යකින්න පණ්ඩුකාභය කුමරුට සහාය වූවා. විජය පරපුර ලංකාවෙන් ඉවත් කොට යම පුරයෙහි අභිෂේක කළාය. කුවේනිය (කුවන්නාව) විජයට සහායවී ස්වකියයන් විනාශ කළාක් මෙනි. උත්තර වංසට්ඨ කතා නම් ලද අභයගිරික යන්ගේ මහා වංශයෙහි ජුනින්ධරාදීන් පිළිබඳ වැඩි තොරතුරු ප්රෙකාශ වන බව මහාවංශ ටීකාවෙහි කියන ලදී.”
    (උපුටා ගැනීම – ඉරිදා සිළුමිණ “ ලංකා ඉතිහාසය 1 ලිපිය 1936 නොවැ17)
    මෙසේ විජය හා පරපුර සමූලඝාතනය වූවානම් සිංහලයා විජයගෙන් පැවත එනවාද?ලංකාවේ සැබෑ ඉතිහාසය විකෘති කර ඇති බව‍ පෙනේ.මේ ගැන ඔබත් හොයන්න

  5. ඇත්තටම මල්ලි මේක අගය කළ යුතුයි.රාවන යුගය ගැනත් තාරක පද්ම හාමහා බලි රජු ගැනත් තොරතුරු දානවා නම් ඉතා හොඳයි.

  6. ඉතිහාසය කියල දෙන එක හොදයි ඒත් සමහර කරුනු වරද්දල මහාවංශය කියවල නියම සිංහලේ ඉතිහාසය දැන ගන්න ස්තුතියි

Leave a reply to H.M.D.තරංග. Cancel reply