වැරදිලා වටහාගන්න එපා මේ පොළොන්නරුවෙ පරාක්‍රම රජතුමා නෙමෙයි රුහුණෙ සොළී පාලන කාලයේ රජකරපු රජකරපු රජකෙනෙක්.ඔන්න අද හන්තර් වැඩ දාන්නෙ නැතුව වැඩේට බහිමු.
ජගත්පාල රජු සොළීන් විසින් මරණයට පත් කරන ලද අරාජික වූ රෝහණයේ රජ බවට පත්වූයේ මුලින් දක්වන ලද වික්‍රමපාණ්ඩ්‍ය රජුගේ පුත්‍රයා වූ පරාක්‍රම කුමාරයයා.සිය පියා ජගත්පාල රජු සමඟ පැවති සටනේදී දිවි පුදද්දී සිය දිවි රැකගැනීම සඳහා ඔහු සැඟවී යන්නට ඇත.ඔහු විදේශ රටකට ගිය බවක් සඳහන් නොවේ.ජගත්පාල රජුගෙන් පසු රජකමට පත්වූ පරාක්‍රම දේවර්ෂයක් රෝහණය පාලනය කළ පසු සොලීහු ඔහුද අල්ලා මැරූහ.
මුලින් අවස්ථාවක පෙන්වා දුන් අන්දමට මණිමංගලම් ලිපියෙහි සොළීන්ගෙන් විනාශ වුණු ශ්‍රී වල්ලභ මදන රාජ නම් අයකු ගැන කියවෙයි.සිංහල පොත්වල එබදු නමක් නොදැක්වේ.එහෙත් මහාවංසය දක්වන පරාක්‍රම පාණ්ඩ්‍ය රජු මෙයින් අදහස් කරතැයි පැහැදිලි කර ඇත.
වික්‍රමපාණ්ඩ්‍ය හා පරාක්‍රම පාණ්ඩ්‍ය,පාණ්ඩ්‍ය වංශිකයන් බවට සැක නැත.සොළින්ගෙන් පහර වැදුණු පාණ්ඩ්‍ය කුමාරවරුන් සිංහලයන් සමඟ මිත්‍රව සිටින්නට ඇති බවත් ලංකාවේ සොලීන් මැඩීමට ඔවුන් ක්‍රියා කරන්නට ඇති බව පෙනේ.
ඔන්න අපි ගියා.බුදු සරණයි!
මල්ලී ඔයාගෙ බ්ලොග් එක අපි කියෙව්වා. ඒක හරිම ලස්සනයි. ඉතිහාසරය ගැන තොරතුරු ලියන්න මහන්සි වීම ගැන අපිට සතුටුයි. අපි ඔබට සුබ පතනවා. අපි සිප්නි පන්තියේ අක්කලා අයියලා
thanks for your comment