පොඩ්ඩක් මේ දවස්වල ලක්දිව රාජාවලිය පිටුව පොඩ්ඩක් ප්‍රතිසංස්කරණයකට ලක්කරල දෝෂ ටිකක් මඟ හැරියා. දැන් ඔයගොල්ලන්ට කිසිම දෝෂයක් නැතුව පොතක් කියවනෝ වගේ රාජාවලිය පිටුව කියවන්න පුලුවන්.මම අද කියන්න යන්නේ අපේ රට යටත් කරගෙන පාලනය ගෙන ගිය දකුණු ඉන්දියානු ආක්‍රමණිකයෙක් වන හත්ථදාථ රජතුමා.මේ රජතුමා ගැන හොයාගන්න ඔයාලට ගොඩාක් අමාරු වෙයි.ඉතිහාසයේ අගමුල සොයා යන ඔය ගොල්ලන්ට අපේ බ්ලොග් කියෙව්වොත් මොනවද ඉතිං.දැන් පුරසාරම් දෙඩෙව්ව ඇති වගේ.කතාවට බහිමු.
දනපිටි දත්ත රජුගෙන් පසු හත්ථදාඨ නම් අයකු රජකමට පත් විය.ඔහු හුනන්තරු රියන් දළ නමින් ඇතැම් ග්‍රහන්ථවල දැක්වේ.හුනන්තරු යනු මහාවංසයෙහි උණහනාගර යනු වෙන් දැක්වෙන ගමකි.එහි උපන් නාවු හෙතෙම ප්‍රසිද්ධ විය.හත්ථදාඨ රජකමට පත්කරන ලද්දේ ද පොත්ථකුට්ඨ සෙනෙවියා විසිනි.මේ වන විට දෙමළ සෙන්පතියන් රජුන් තනන්නන් බවට පත්වී බව පෙනේ.
ඉහත සඳහන් රූකඩ රජවරුන්ගේ කාලය තුළ රටේ යහපත් තත්ත්වයක් පැවැත්තේ යැයි තිය නොහැකිය.කිසියම් පිංකමක් හැරෙන විට ඔවුන් විසින් කරන ලද විශේෂ කාර්යයක් ගැන සඳහන් වී නැත.සිංහල රාජවංශයෙහි එක්තරා කඩයිමක් මෙහිලා පෙන්නුම් කරයි.ශීලාකාල රජුගෙන් පසු මානවම්ම කුමරුගේ රජවීම දක්වා අතරතුර කාලය රජපෙළපත් අස්ථීරව පැවති යුගයක් හැටියට සැළකේතමේ යුගය තුළ රජවරුන් කීප දෙනෙකු ප්‍රබලව සිටියදී අරගලවලින් ග්‍රහණ විය.ශීලාකාල රජුගෙන් ආරම්භ වූ රාජ පෙළපතත් මහානාගගේ රජපෙළපතත් යන පෙළපත් දෙක අතර රාජ්‍ය උරුමය සඳහා එකිනෙකා පරයා අරගල හට ගත්තේය.මේ නිසා වරක් එක් පෙළපතක් බලයට පත්වූ පසු අන්‍ය පෙළපතේ කුමාරවරුන් නැගී සිටීම සිරිත විය.මේ නිසා බල අරගල සඳහා කුලී හමුදා සැපයීමේ කොන්ත්‍රාත්තුව කරගෙන යන බලධාරීහු බිහිවිය.මේ තත්ත්වය මත දිවයිනේ සංවර්ධනයට වඩා සිදුවූයේ පරිහානියකි.ඔවුන් නිසා මහජනතාවද පීඩනයට පත්විය.රටේ ධනය කොල්ල කෑමට භාජනය විය.රටේ පැවති අර්ථ ක්‍රමයද විනාශ වී ගියේය.මේ තත්ත්වය අවසන් වී යහපත් කාලයක් උදා වූයේ මාණවම්ම නම් කුමාරයකු සිහසුනට පැමිණීමෙනි.එරියට අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පැමිණීම වගේ නේ.කොච්චර දියුණුවක්ද සිදුවුණේ.හත්දාඨ රජුගේ කාලය මාස හයකට සීමා විය.
තාම බස්රේඩියෝ ප්‍රතිඵල නැහැනේ.අපිනම් ඕන දෙයකට මුහුණ දීමට බලාගෙන තමයි ඉන්නේ.අපි අපේ වැඩේ කරගෙන යමු.අපි ගියා.බුදු සරණයි!