මේ රජතුමා දුර්වල රජතුමෙක් හැබැයි වාසනාවට තමාගේ පුතාගේ රණශූරකම නිසා තමාගේ රජකම රැකගැනීමට හැකි වුණා.කලක් මහණව සිටි සෙනරත් රජු සාමය ප්‍රිය කළ අයෙක් විය. ඔහුගේ පාලනයේ මුල් කාලය අභ්‍යන්තර වියවුල්වලින් ගහන එකක් විය. විමලධර්මසූරිය රජුගෙන් පසු උඩරට රාජ්‍යය කෙරෙහි කිහිප දෙනෙකුම ඇස ගසා සිටීම එයට හේතුව විය.ඔවුන් අතර ඌවේ මායාදුන්නේ අයෙකුද සිටි බව කියවේ.කෙසේ වුව පසු කාලීනව ඔවුන් හැම අභිබවා ජය ගැනීමට සෙනෙරත් රජු සමත් වූයේය.විමලධර්මසූරිය රජුගේ වැන්දඹු බිසව වූ කුසුමාසන දේවියම සෙනෙරත් රජු ද තම බිසව වශයෙන් තබා ගනිමින් ඔහු තමාගේ රාජ්‍යය උරුමය තහවුරු කර ගත්තේය.
උඩරට යටත් කර ගැනීමේ අරමුණින් පෘතුගීසීහු වරින්වර උඩරටට පහර දුන්හ.ක්‍රි.ව.1617 දී සෙනෙරත් රජු පෘතුගීසීන් හා ගිවිසුමක් ඇති කර ගත්තේය.රජු එයින් බලාපොරොත්තු වූයේ තමාගේ රාජ්‍යය වෙත එල්ලවන පෘතුගීසි ප්‍රහාර නවත්වා ගැනීමය.එසේ වුව මඳ කාලයක සාමකාමීත්වයෙන් පසුව ක්‍රි.ව.1620 සිට පෘතුගීසීහු යළිත් උඩරට ප්‍රදේශවලට පහර දුන්හ.
කෙසේ වුව මේ වන විට අභ්‍යන්තර වියවුල් සමහන්ව සෙනරත් රජුට වෙනත් දේ කෙරෙහි සිත යොමු කිරීමට අවස්ථාව උදාවී තිබුණි.උඩරට සිහසුනේ නියම උරුමක්කාරීය වූ කුසුමාසන දේවිය විමලධර්මසූරිය රජුට දාව පුතුන් දෙදෙනෙකු (කුමාරසිංහ හා විජයපාල)සෙනෙරත් රජුට දාව උපන් එක් පුතෙකු ද (මහා අස්ථාන හෙවත් දේවරාජසිංහ) බිහි කොට තිබුණාය.මහා අස්ථාන කුමරු කුඩා අවධියේ සිටම අන් දෙදෙනාට වඩා කැපී පෙනෙන අයුරින් කටයුතු කළ අයෙකි.රජු තමාගෙන් පසුව පුත් කුමරුවන් අතර ගැටුම් ඇතිවීම වළක්වනු පිණිස රාජ්‍යය කොටස් දෙකකට බෙදා කුසපත් ඇදීමේ මාර්ගයකින් පුතුන් තිදෙනා අතර බෙදා දුන්නේය.ඒ අනුව ඌව කොටස වැඩිමහලු පුත් කුමාරසිංහටද,මාතලේ කොටස දෙවන පුත් විජයපාලද රජු බලාපොරොත්තු වූ අයුරින්ම රාජ්‍යයේ වැදගත්ම කොටස වූ සෙංකඩගල ප්‍රදේශය බාලම පුත් මහා අස්ථාන හෙවත් දේවරාජසිංහට ලැබුණි.
ඒ වන විට ත්‍රිකුණාමලය හා මඩකලපුව වැනි නැගෙනහිර වරායන් අයත්ව තිබුණේ උඩරට රාජ්‍යත්වයටය.ක්‍රි.ව.1597 න් පසු පෘතුගීසීන් උඩරට රාජ්‍යයට අයත්ව තිබූ කල්පිටිය,මන්නාරම වැනි වරායන්ට වරන් වර පහරදී අස්ථීර තත්ත්වයකට පත් කළේය. රජුට ඉතිරිවී තිබූ වරායන් දෙක වූයේ ත්‍රිකුණාමල වරායත්,මඩකලපුව වරායත්ය.නමුත් ක්‍රි.ව.1623 දී ත්‍රිකුණාමලයටද, ක්‍රි.ව.1628 දී මඩකලපුව ද පහරදී අල්ලා ගත් පෘතුගීසීහු ඒවායෙහි බළකොටු ඉදි කළෙන් උඩරට රාජ්‍යයට නැගෙනහිර වෙරළේ ප්‍රධානතම වරායන් දෙක අහිමි විය.ඉන් නොනැවතුණු පෘතුගීසීහු මන්නාරම කේන්ද්‍රස්ථානය කර ගත් නැව් කණ්ඩායමක් යොදවා උඩරට රජු ඉන්දියාව සමග පවත්වාගෙන ගිය වෙළද කටයුතුවලට ද වෙනත් විදේශීය බලවේගයක් සමග සම්බන්ධතා පැවැත්වීමටද අවහිර පැමිණ වූහ.
එසේ වුව ඉන් අධෛර්යයට පත් නොවූ උඩරට රජු ක්‍රි.ව.1628 දී ත්‍රිකුණාමලය,මඩකලපුව හා යාපනය වැනි පෘතුගීසි බල ප්‍රදේශයන්ට පහර දුන්නේය.පෘතුගීසීන් විසින් පහතරට ප්‍රදේශවලින් එළවා දමනු ලැබූ මුස්ලිම් ජාතිකයන් මඩකලපුව අවට පදිංචි කරවන ලද්දේ ද එම අවධියේදිමය.ක්‍රි.ව.1629 දී දෙපක්ෂය අතර සටන් ඇවිළුණි.උඩරට ප්‍රදේශවලිට පහරදුන් පෘතුගීසීහු බලන කොටුව ද අල්ලාගෙන සෙංකඩගල නුවරද ගිනිලෑහ.
ක්‍රි.ව.1630 දී කොන්ස්තන්තීහුද සා යටතේ ආ පෘතුගීසි හමුදා බදුල්ලට කඩා වැදුණහ.පහතරට ප්‍රධෘනීන් කිහිපදෙනෙකු යටතේ වූ සිංහල බලඇණියද උඩරට සේනා හා එක්වනු දුටු පෘතුගීසී කපිතාන් තත්ත්වය නරක අතට හැරෙණු දැක පසුබසින්නට විය.සිංහල හමුදා මෙහෙයවන ලද්දේ මහාඅස්ථාන කුමරා විසිනි.ඔහු පෘතුගීසීන් දරුණු විනාශයකට ඇද දැමුවේය.ඒ දිනවල වට මෝසම් වැසි හේතුවෙන් වෙඩි බෙහෙත් තෙමී පෘතුගීසි තුවක්කු නිෂ්ක්‍රීය වී රන්දෙනිවලදී සිංහල සේනාවේ පරංගි සේනාව වටකොට පහරදී සමූලඝාතනය කර දැමූහ.සිංහල හේවායෙකුගේ ඊ පහරක් වැදී ඇද වැටුණු කොන්ස්තන්තීහුද සා සෙනෙවියාව සිංහල භටයන් අල්ලා ගැනීමට තැත් කරද්දී පරංගි හේවායෙකුගේම වෙඩි පහරක් වැදී මිය ගියේය.
වසර 31 ක් රාජ්‍ය කළ සෙනරත් රජු ක්‍රි.ව.1635 දී මිය ගියේය.මොහුගෙන් පසු අවධින ඉගුරු දී මිරිස් ගත්ත අවධිය ලෙස නම් කළ හැකිය.ඒක ගැන ඊළඟ සතියේ බලමුකෝ.කවුරුත් බැලුවද රාජාවලිය පිටුව.දැන් ඉතින් ඔයාලට මට කොල් කරල අහන්න වැඩක් නෑ ඒඑ රජතුමාගේ ලින්ක් එක තත්පරෙන් හොයාගන්න පුලුවන්නේ.අපි ගියා.