පළමුවන විමලධර්මසූරිය රජතුමා


 

හා කොහාමද තව දවස් පහයි නේ ඇවිල්ල බලල යන්න.සියල්ල සූදානම් කරල තියෙන්නේ.

අද මං කියන්න යන රජතුමා මාර රජතුමෙක්නේ.හරියට ගුරුතුමාගෙන් ඉගෙනගෙන ගුරුතුමාව මැරුව ශිෂ්‍යයෙක් වගේ.මොහු ඒ අයුරින් සිහසුනට පත්වීම මුළු ලංකාවේම දේශපාලන ක්‍රියාදාමයේ බලවත් සන්ධිස්තානයක් සනිටුහන් කරන්නක් බව කිව යුතුය.ඔහුගේ රජවීම හේතුවෙන් උඩරට රාජ්‍යය පෘතුගීසි මෙන්ම සීතාවක බලපෑම්වලින් ද මිදී ස්වාධීන රාජ්‍යයක් බවට පත් වූවා පමණක් නොව එතැන් සිට තවත් දශක දෙකක් පමණ පුරා විවිධ වූ හැලහැප්පීම් මධ්‍යයෙහි වුව ලංකාවේ ප්‍රමුඛ රාජ්‍යය බවටද පත් වූයේය.

මෙම රජවීම සීතාවක රාජසිංහ රජුට ඉවසිය නොහැකි කරුණක් විය.ඒ මන්ද තමන් විසින් මරා දම්මවන ලද වීරසුන්දර බණ්ඩාරගේ පුතු උඩරට රාජ්‍යයේ බලවතා වීම රාජසිංහ රජුට ඉවසුම් දෙන්නක් නොවීය.තමන්ට අහිමි වූ උඩරට රාජ්‍යය යළි ලබාගෙන විමලධර්මසූරිය රජුගෙන් පළිගැනීම ඔහුගේ ඒකායන පරමාර්ථය විය.අනෙක තමයි තමන් විසින් අමාරුවෙන් ගොඩනැගූ රාජ්‍යය දෙකඩ වීම පිළිබඳව රජු පසුතැවෙමින් සිටියේය.

මේ හේතුවෙන් සීතාවක රාජසිංහ රජතුමා විමලධර්මසූරිය රජු රජවූ ක්‍රි.ව.1591 වසරේදීම සීතාවක රාජසිංහ රජු උඩරට ආක්‍රමණය කිරීම සඳහා සේනා මෙහෙයවීය.එසේ වුව ඒ වන විට ඔහු සිටියේ ශාරීරික වශයෙන් මෙන්ම මානසිකව ද ඒ තරම් යහපත් තත්ත්වයක නොවේ.මහලු වයසට පත්ව සිටි රජු තමන්ගේ අදූරදර්ශී ක්‍රියා හේතුවෙන් රටවැසියාගේ අප්‍රසාදයට ද ලක්ව සිටියේය.තමාගේ පියා මැරූ පළිය ගැනීමේ අදහසින් මෙන්ම තරුණ එඩියෙන් ද සවිමත්ව සිටි විමලධර්මසූරිය රජුට රාජසිංහ රජු පරාජය කිරීම ඒ හැටි අපහසු දෙයක් නොවීය.මේ අයුරින් පරාජය වී ආපසු පසුබසිනා සීතාවක රාජසිංහ රජු පෙතන්ගොඩ උයනේදී උයනේදී උණ කටවක් ඇනි එය විෂ වීමෙන් මරණයට පත් වූයේය.

මේ වන විට පෘතුගීසීන්ද සිටියේ විමලධර්මසූරිය රජු හා බලවත් වෛරයනි.තමන් යටතේ බලවත් වූ කොනප්පු බණ්ඩාර තමන්ගේ සේනාව එළවා දමා උඩරට සිහසුන අත්කර ගැනීම ඔවුන්ට කිසිසේත් ඉවසා දරා සිටිය හැක්කක් නොවීය.විමලධර්මසූරිය රජුට උඩරට රාජ්‍යයේ නීත්‍යනුකූල අයිතියක් නොතිබීම බලවත් ගැටලුවත් විය.ඔහුගේ පියා ප්‍රභූ පවුලකට අයත් කෙනෙකු වුවද ඒ වන විට උඩරට රාජ්‍යයේ නීත්‍යනුකූල අයිතියක් කිව හැකිව සිටි කුසුමාසන දේවිය සිටියේ පෘතුගීසීන් සමීපයේය.

සීතාවක රාජසිංහ රජුගේ මරණයත් සමඟ සීතාවක රාජ්‍යය තුළ රාජ්‍ය උරුමය පිළිබඳව බලවත් ගැටලු මතුවී තිබුණි.මෙම වියවුල් සහගත තත්ත්වයෙන් ප්‍රයෝජන ගැනීමට සිතූ පෘතුගීසීහු ක්‍රි.ව.1594 දී එම රාජ්‍යයට අයත් ප්‍රදේශ තමන් සතු කර ගත්හ.අනතුරුව වැඩිකල් නොයා සියලු ශක්තිය යොදා උඩරට ආක්‍රමණය කළහ.ක්‍රි.ව.1594 දී පේරෝ ලෝපේස්ද සූසා යටතේ එසේ ආක්‍රමණයක යෙදීමේ මූලික පරමාර්ථය වූයේ ඔවුන් භාරයේ සිටි කුසුමාසන දේවිය උඩරට රජ කරවීමය.එසේ වුව සිදුවූයේ ඔවුන් අපේක්ෂා කළ දෙයක් නොවේ.දන්තුරේ සිදු වූ සටනින් පෘතුගීසීහු සමූලඝාතනය විය.

මෙම ආක්‍රමණය සඳහා ඒ වන විට පෘතුගීසීන් හා එක්ව සිටි අරිට්ඨ වෙණ්ඩු පෙරුමාල් හා ඔහුගේ සහායකයින්ද සහභාගී වූ බව කියැවේ.උපායශීලී අයුරින් ක්‍රියා කළ විමලධර්මසූරිය රජු පළමුව අගනුවර අතහැර ගියේය.නගරයට ප්‍රවිශ්ට වූ පෘතුගීසි හමුදාව නගරය පාළු කොට ආපසු යන්නට විය.දන්තුරේ අසල රැක සිටි සිංහල හමුදාව පෘතුගීසි හමුදාව වටකොට පහර දී දරුණු විනාශයකට පත් කළහ.600 ක් පමණ වූ පරංගි සේනාවෙන් දිවි රැක ගත්තේ 93 දෙනෙකු පමණි.සේනාපත් සූසා ද මැරුම් කෑවේය.විමලධර්මසූරිය රජුද එවකට පහළොස් හැවරිදි වියේ සිටි දෝන කතරිනා කුමරිය තමාගේ බිසව කර ගත්තේය.මෙම විවාහය නිසා සිදු වූ වැදගත්ම දෙය නම් විමලධර්මසූරිය රජුට නීත්‍යානුකූල රාජ්‍යය අයිතිය හිමි විය.

කතෝලික ආගම අතහැර බෞද්ධ ආගම වැළද ගත් රජුට ජනතාවගේ ප්‍රසාදයද දෙගුණ තෙගුණ වී ලැබෙන්නට විය.මේ අයුරින් විමලධර්මසූරිය රජු උඩරට රාජ්‍යය තුළ අලුත් රාජ වංශයක් බිහි කළ අතර එම පරපුරේ අය ක්‍රි.ව.1739 දක්වාම රාජ්‍යය පාලනයෙහි නිරත වීම කැපී පෙනෙන්නකි.

දන්තුරේ සටනින් පසුව වුවද විමලධර්මසූරිය රජුට පෘතුගීසීන්ගේ ආක්‍රමණයන්හි කෙළවරක් දැකිය හැකි නොවීය.තමාගේ රාජ්‍යය ශක්තිමත් කිරීමට හිතූ හෙතෙම දකුණු ඉන්දියාවේ මදුරාසි වැනි ප්‍රාදේශීය රාජ්‍යයවල නායකයන්ගෙන් පිහිට ලබා වඩිග හමුදාවක් ගෙන්වාගත්තේය.ඉදිරියේදී පෘතුගීසීන් හා සිදුවිය හැකි සටන් ගැන කල්පනා කළ හෙතෙම ආයුධ තනා ගැනීමේ අරමුණින් මාතර,කොත්මලේ හා වල්පනේ යන ස්ථානවල ලෝහ කර්මාන්තය නගා සිටුවීමට පියවර ගත්තේය.එසේම ආර්ථික ශක්තිය වර්ධනය කර ගැනීම සඳහමා පුරන් කුඹුරු අස්වද්දා කෘෂිකර්මාන්තය දියුණු කළ පමණක් නොව කපු වැනි වගාවන්ද ව්‍යාප්ත කරවූයේය.

මෙම කාල පරාසය තුළ සිදුවූ වැදගත් සිදුවීම් දෙකක් වූයේ ක්‍රි.ව.1597 දී ධර්මපාල රජු මිය යාම හා කෝට්ටේ රාජ්‍යය පෘතුගීසීන් සමත් වූ අතර එය උඩරට රාජ්‍යය කෙරෙහි බලපෑම් ඇති කිරීමට ප්‍රබල සාධකයක් විය.

ක්‍රි.ව.1602 දී නැවත ද උඩරට වෙත පෘතුගීසි ආක්‍රමණයක් එල්ල විය.එසේ කිරීමට මුල් වූ හේතුවක් වූයේ උඩරටින් ආ සාම යෝජනා උඩරට රාජ්‍යයේ දුබලකමක් සේ සැලකීමය.උඩරට ආක්‍රමණය කිරීමට යා යුතු වූයේ සත් කෝරළය හා සතර කෝරළය හරහාය.ආක්‍රමණික හමුදාවට අවශ්‍ය අතිරේක සේනා,යුද්ධ උපකරණ හා ආහාර ආදිය සැපයීම සදහා මඟ විවරකොට තබා ගැනීම සඳහා ද පළමුව එම ප්‍රදේශ යටත් කරගත් පෘතුගීසීහු අලව්ව,මැණික් කඩවර,දිය සුන්නත,දමුණුගස් ඉන්න ආදී තැන්වල බළකොටු තනවා උඩරට ආක්‍රමණය ඇරඹූහ.

බලනේ කොටුවද පෘතුගීසීන් අතට පත්වුණි.එහිදී සිංහල හමුදා සමඟ දරුණු සටන් ඇවිළුණ අතර පෘතුගීසීන් මහත් අසීරුවකට ඇද දමමින් ඔවුන්ගේ සහායට ආ කාන්ගරආරච්චි ප්‍රමුඛ සිංහල ලස්කිරිඥ්ඥ හමුදාවද උඩරට සිංහල සේනාවට එක්වූහ.පෘතුගීසි හමුදාව මෙහෙය වූයේ අසවේදු නම් වූ කෲර එහෙත් දක්ෂ සෙනෙවියෙකි.එසේ වුවද ඔහුට පවා සිංහලයින්ගේ දක්ෂ වනගත සටන් ක්‍රම හේතුවෙන් දරුණු විපත්වලට මුහුණ දෙමින් පසු බසින්නට සිදුවිය.ඉතිරි වූ හෙවායින් කිහිපදෙනා ද සමගින් ආපසු මල්වානට ආ අසවේදු පහතරට සිංහලයින් විසින් තමාගේ ආරක්ෂක භටයින් මරා මාලිගාවද ගිනි තබා තිබෙනු දැක බලවත් කෝපයටද පසුතැවිල්ලටද පත් වූයේය.

පෘතුගීසීන් තමන්ගේ ආගම ව්‍යාප්ත කරන්නට වූයේ බලහත්කාරයෙනි.මේ ආදී කාරණා හේතුවෙන් ලංකාවේ මුහුදු බඩ පළාත්වල ජනතාව මහත් අසහනයට පත්ව සිටි අතර ඔවුහු ඒ වන විට ලංකාවේ සිටි එකම බෞද්ධ රජතුමා වූ විමලධර්මසූරිය රජු කෙරෙහි තමන්ගේ භක්තියද,විශ්වාසයද තැබූහ.එසේම තමන්ගේ බෞද්ධාගම රැක ගැනීම සඳහා ද විශ්වාසය තැබිය හැකි වූයේ උඩරට රජු කෙරෙහි පමණය.ඒ අයුරින් සමස්ත ලංකා වාසීන්ගේම පක්ෂපාතීත්වය ලද කල්හි විමලධර්මසූරිය රජු ද තමාගේ රාජ්‍යයේ බලය තහවුරු කර ගැනීම සඳහා හැකි සෑම පියවරක්ම ගත්තේය.ඔහු රාජ්‍ය උරුමයෙහි සංකේතය වූ දළදා වහන්සේ,සීතාවක රජවරුන් විසින් තැන්පත් කොට තිබූ දෙල්ගමු විහාරයේ සිටි සෙංකඩගල නුවරට වඩම්මවා එහි දළදා මැදුරක් ඉදිකරවා ඒ තුළ තැන්පත් කර වූයේය.විමලධර්මසූරිය රජතුමා මුළු දිවයිනේම පාලකයා සේ පිළිගැනීමට ලක්වූයේ ඔය අයුරිනි.

ඔහුගේ ඊළඟ ප්‍රයන්තය වූයේ පෘතුගීසීන් මුහුදුබඩ ප්‍රදේශවලින් පලවා හැරීමය.ක්‍රි.ව.1602 දී එම ප්‍රදේශවල කැරලි ඇති වූ අවස්ථාවකදී රජු කැරලිකරුවන්ට උපකාර කිරීමට පවා ඉදිරිපත් වූයේය.එම කැරැල්ලේ නායකත්වය දැරුවේ තෙන්නකෝන් ආධාර ලබා ගත් අසවේදු කැරැල්ල මැඩ පවත්වා සත් කෝරළයේ ගම් බිම් හා මුන්නේශ්වරම් කෝවිලද ගිනිතබා විනාශ කොට උඩරට දක්වා වැටී තිබූ මාර්ගයේ වැදගත් ස්ථාන දෙකක් වූ දිවෙල හා අට්ටාපිටියේ බළකොටු දෙකක්ද ඉදි කළේය.

ක්‍රි.ව.1602 දී ලන්දේසි,නැව් කණ්ඩායමක් මඩකලපුවට ළඟවූ අතර එහි කපිතාන්වරයා වූ ජෝර්ජ් ෆන් ස්පිල්බර්ජන් විමලධර්මසූරිය රජු මුණගැසීම සඳහා රජ වාසලට පැමිණියේය.ඔහු තමා පෙරදිග ඉන්දියා වෙළද සමාගම විසින් පෙරදිග වෙළද කටයුතු සොයා බැලීම සඳහා එවන ලද බව රජු හා කීය.ඔහු එහිදී,පෙරදිග රටවල් හා සබදතා පවත්වා ගැනීම සඳහා ලන්දේසීන් ඒ සෑම රටකදීම අනුගමනය කළ උපක්‍රමයක් මෙහිදීද ක්‍රියාවට නැංවීය.එනම් පෘතුගීසීන්ට එරෙහිව යුද ආධාර දීමට කැමති බවට ඔරේන්ජ්හි විලියම් රජු විසින් එවන ලද ලිපියක් උඩරට රජු වෙත ඉදිරිපත් කිරීමය.

ඒ සඳහා රජුගේ සතුට පළ වුවද කිසිදු ගිවිසුමකට එළඹීමට නොහැකි වීමෙන් රජුගේ අදහස් සඵල වූයේ නැත.එසේ වුව තවත් තෙමසක් ඉක්ම යාමට පෙර තවත් ලන්දේසි දූත පිරිසක් මෙහි ආ අතර එහි නායකත්වය දැරුවේ සීබෝල්ඩ්ද චාර්ට් නැමැත්තාය.ඔහු බොහෝ සාදරයෙන් පිළිගැනුණු අතර පෘතුගීසීන් පලවා හැරීම සඳහා එකඟත්වයක් ද ඇති කර ගැනුණි.සීබෝල්ඩ්ද චාර්ට් මඩකලපුවේ නැවතී සිටි පෘතුගීසීන්ගේ නැව් අල්ලා ගැනීමේ නිරත වුවද රජුට ලන්දේසීන්ගේ ක්‍රියාමාර්ග කෙරෙහි සැක පහළ වුණි.සීබෝල්ඩුද චාර්ට් බීමත්ව සිටි අවස්ථාවක රජුට අගෞරව වන පරිද්දෙන් කතා කිරීම හේතුවෙන් රාජ පුරුෂයන් විසින් ඔහු ඇතුළු සඟයින් 50 දෙනෙකු මරා දමන ලදී.

විමලධර්මසූරිය රජු මහලු වියට එළඹෙන විට ඔහුගේ පුත් කුමාරවරු දෙදෙන ළදරු වියේ වූහ.එසේ හෙයින් රජු උඩරට රාජ්‍යය ද,පුත් කුමාරවරුද ඔහුගේ සුළු මවකගේ පුතෙකු වූ සෙනරත් කුමරාට භාර කළේය.ක්‍රි.ව.1604 දී දරුණු උණ රෝගයකට ගොදුරු වී විමලධර්මසූරිය රජු මියගිය අතර සෙනරත් කුමරු උඩරට රජ බවට පැමිණියේය.

ඔන්න මම ගියා.කමෙහන්ට් එකක් දාල යන්නකෝ

About these ads

7 thoughts on “පළමුවන විමලධර්මසූරිය රජතුමා

    • ස්තූතියි දුන්න ලින්ක් එකට මම අදයි දන්නෙ ඔයාගෙ බ්ලොග් එක ගැන කොහෙද ඔයා වෙබ් එක දාන්නෙ නැහැනේ ඔයා ලියන්නෙත් ඉතිහාසය නේ මගෙන් සුභ පැතුම්

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s