ඔන්න ගොඩාක් කාලෙකින් නේ .මේ දවස්වල ස්කෝලේ විභහගේනේ පාඩම් කරා.තව ටික දවසයි නේ රාජාවලිය පිටුව එළිදක්වන්න. ඔයගොල්ලො දන්නවද එදාට තමයි මගේ උපන්දිනේ කවුරුත් ඇවිල්ල යන්න හොදේ.ආ කතාවෙන් කතාවට කියන්න ගිය දේත් අමතක වුණා. වැඩේට බහිමු මම අද කියන්න යන්නේ අනුරාධපුර රාජධානියේ අන්තිම රජුට ඉස්සෙල්ලා ඉන්න රජතුමා ඒ තමයි පස්වන සේන
මොහු රාජාභිෂේකය ලබන විට වයස අවුරුදු 12 වූ මොහු සිව්වන මිහිදු රජුට ඔහුගේ කාලිංග බිරිදගේ ලැබුණු පුත් කුමරාය.ඔහු සිව්වන මිහිදු රජුගේ සෙනෙවියා වූ සේන සෙනෙවියාව තව දුරටත් එම තනතුරේ තබා ගත්තේය. එසේ වුව මෙම සෙනෙවියා පසල් දනව්වක ඇති වූ කැරැල්ලක් මැඬ පැවැත්වීමට ගොස් සිටි අවස්ථාවේ රජුගේ හිතවත් උදය නම් වූ වෙනත් අයෙකු එම තනතුරට පත් කිරීම නිසා රජු හා එම සෙනෙවියා අතර ගැටුමක් ඇති විය. මේ සිද්ධියේදී සේන රජුගේ මවද තම පුතුට විරුද්ධව සේන සෙනෙවියාගේ පක්ෂය ගත් බව කියැවේ. සේන රජු රුහුණට පලා ගිය අතර අනුරාධපුර නගරය තමාගේ ද්‍රවිඩ කුලී හමුදාවට පැවරූ සේන සෙනෙවියා පොළොන්නරුවට ගොස් වාසය කළේය
රජු රුහුණෙන් හමුදාවක් එවුවද මුළුමනින්ම පරාජය වී පැන යන්නට සිදු වූ අතර ද්‍රවිඩ කුලී හමුදාව රකුසන් සේ මිනිසුන් පෙළා වස්තුව කොල්ල කන්නට විය ඇමතියන් හා මන්ත්‍රණය කළ රජු සේන සෙනෙවියා හා සමගි වී ඔහුට යළිත් සේනාධිපති තනතුර පිරිනැමුවේය. එපමණක් නොම සමගිය තහවුරු කරනු වස් සෙනෙවියාගේ දියණියක්ද විවාහ කර ගත්තේය. මෙයින් පසු සේන රජු,සේන සෙනෙවියාගේ බැලපෑම්වලට යට වූ බව පෙනේ.
මතකයිනේ buzz radio එකේ කප් එක ගහන්න කමෙන්ට් එකක් දාල යන්න හොදේ
best…
thanks madu