තුන්වන සේන රජුගෙන් පසු රජ පැමිණි සිව්වන උදය රජතුමා දක්ෂ හා කාර්යක්ෂම පාලකයෙකු නොවීය උදාසීන ගති වලින් යුත්,මත්පැනට ගිජු වූ අලස පාලකයෙකු වූ සිව්වන උදය රජ,පදවියට අදාල වගකීම් හා කාර්යයන්ද අතපසු කර බේබද්දෙකු මෙන් ක්‍රියා කළේය මේ නිසා රටේ අභ්‍යන්තර පාලනය දුබල වී සාමය ක්‍රියා කළේය මේ නිසා රටේ අභ්‍යන්තර පාලනය දුබල වී සාමය හා සංවරය පිරිහී යන්නට පටන් ගත්තේය
මේ තත්ත්වය දකුණු ඉන්දියානුවන්ගේ අවධානයට යොමු විය පඬි රට අල්ලා ගෙන සිටි සොළීහු ලංකාවේ පවත්නා මේ අවුල් සහගත තත්ත්වයෙන් පල නෙළන්ට උත්සාහ දැරූහ ඒ අනුව පඬි රට රජවරු අභිෂේක කිරීම පිණිස යොදා ගනු ලබන රාජ්‍ය කකුධ භාණ්ඩ පෙර ලිපියේ සදහන් කළ පරිදි මේ වන විට තිබුණේ ලංකා රාජ්‍යය සතුවය ඒ නිසා එකී භාණ්ඩ තමන්ට භාර දෙන මෙන් පරාන්තක නම් සොළී රජ උදය රජු වෙත දූතයන් යවමින් දන්වා සිටියේය මේ ඉල්ලීම් උදය රජු එක එල්ලේම ප්‍රතික්ෂේක කළේය මේ නිසා පරාන්තක රජු ලංකාව ආක්‍රමණය කිරීමට සොළී හමුදාවක් එවීය මෙම හමුදාව අනුරාධපුරය නගරය වෙත ගමන් කරත් ම උදය රජුගේ සිංහල හමුදා ඔවුනට හරස් වූහ
මෙහිදී සිංහල සේනා භාර මහ සෙනෙවි සොළීන් අතින් මරුමුවට පත් විය උදය රජ ඒ අතර රුහුණු ප්‍රදේශයට පලා ගියේය ඔහු අල්ලා ගැනීම පිණිස සොළී සේනාව රුහුණු පෙදෙසට යාමට උත්සාහ ගත්තද වන දුර්ග,ගිරි දුර්ග, මඟ හරවා ඒ ගමන යාමට උත්සාහ ගත්තද ඔවුනට නොහැකි විය අවසානයේ අනුරාධපුරය නගරය හා ප්‍රදේශයේ පූජනීය ස්ථාන කොල්ලකා ගත් සොළී හමුදාව වටිනා වස්තු රැගෙන ආපසු සිය රටට ගියහ මේ අවධියේ පල්ලව හා කේරළ යන සතුරු රාජ්‍යය සොළීන් සමග යුධ වැද සිටි හෙයින් මේ හමුදාවලට ආපසු යාමට අත්‍යවශ්‍ය විය ඒ සමග ඔවුන් පසුපස ලුහුබැද ගිය සිංහල සේනාව සොළීන් විසින් පැහැර ගත් වස්තුවෙන් කොටසක් ආපසු ලබා ගත් බව ඇතැම් ස්ථානයක සදහන් වේ
ස්ව්වන උදය රජුගෙන් පසු බිහිවූයේ දර්වල පාලකයෙකි ඒ සිව්වැනි සේන රජතුමාය
බස් රේඩියෝහි කප් එක ගහන්න කමෙන්ට් එකක් දාල යන්න හොදේ