තෙවැනි උදය රජු සිව්වැනි දප්පුලගෙන් පසුව ක්‍රි.ව.949 දී සිංහාසනයට පත් වූ බැව් සදහන් ය ඉතිහාසගත තොරතුරු අනුව මෙම රජු සමයේ ඇති වූ විශේෂ සිද්ධියක් විය රාජද්‍රෝහී වීම හේතු කර ගෙන එක්තරා ඇමතියකු පංශකූලික නිකායට අයත් තපෝවනයක සැඟවී සිටියදී රාජ පුරුෂයන් විසින් අල්ලා ගන්නා ලදී එසේ අල්ලා ගත් ඇමතියා එම තපෝවනය තුළදී මරා දැමීම හේතු කර ගෙන රජු කෙරෙහි අමනාප වූ පංශකූලික නිකායික භික්ෂූන් වහන්සේලා අනුරාධපුරය හැර දමා රුහුණු ප්‍රදේශයට ගියහ මේ නිසා රටවැසියා රජු කෙරෙහි කළකිරීමට පත් වූහ
මෙහිදී රජුට හා බිසවට එරෙහිව ආ ජනතා කෝපය සංසිදවා ගැනීම පිණිස රජු හා බිසව රුහුණට ගොස් භික්ෂූන් සමා කරවාගෙන ආපසු අනුරාධපුරයට කැදවා ගනු ලැබූහ
මෙයින් පසු ලක් රජය හිමි කර ගන්නා ලද්දේ තුන්වෙනි සේන රජතුමාය මෙරට කෘෂිකර්ම සංවර්ධනය හා වාරි කර්මාන්ත දියුණුව උදෙසා ක්‍රියාකළ හෙතෙම බුදු සසුන වෙනුවෙන්ද සැළකිය යුතු සේවාවක් ඉටු කළ බව චූල වංශය සදහන් කරයි මෙතැන් සිට ලංකා ඉතිහාසයේ අනුරාධපුර යුගයේ පරිහානිය ආරම්භ වූ බැව් සංවේගයෙන් සදහන් කළ යුතුය
ඔන්න ෆලෝවර්ස්ලා 43 ටත් නැග්ගා 15 වේනේ හිටියේ ෆේස්බුක් එකෙන් තමයි විසි ගාණක්ම ෆලෝවර්ස්ලා බස් රේඩජියෝහි කප් එකක් ගහන්න කමෙන්ට් එකක් දාල යන්න