සිංහල භටයෝ බොහෝ දෙනෙක් මෙම රෝගයට ගොදුරු වූහ මේ නිසා ඔවුනට ආපසු ලංකාවට පැමිණීමට සිදුව තිබේ කාශ්‍යප රජ රජ පදවියට එක් වූයේ මැදි වියද ඉක්මවා යන අවස්ථාවේදීය මේ නිසා ඔහුට දස වසරකට වඩා රාජ්‍ය ගෙන යාමට නොහැකි විය මේ රජුගේ ඇවෑමෙන් තුන්වෙනි දප්පුල සිහසුනට පත් විය වසරකට සීමා තුන්වෙනි දප්පුලගේ රාජ්‍ය කාලය නොදැනීම ගෙවී ගියේය ඊළගට ස්ව්වැනි දප්පුලට සිහසුන හිමි විය මේ රාජ්‍ය සමය පිළිබඳ වැඩිදුර විස්තර වංශ කථාවල නොදැක්වේ
සිව්වැනි දප්පුල රජ සමයේදී විශේෂ සිද්ධියක් වංශ කථාවල සදහන්ය එනම් සොළී ආක්‍රමණයකට ගොදුරු වූ පාණ්ඩ්‍ය දේශයේ පඩි රජු දෙවැනි රාජසිංහ නැමැත්තා ආධාර සොයා ලක්දිවට පැමිණියහ මොහුට සිහසුන ලබා ගැනීම සදහා ආධාර කිරීමට දප්පුල රජු කැමති වුවද ඇමතිවරු එයට ඉදුරාම විරුද්ධ වූහ
පඩි රජ සිය වටිනා වස්තුව හා රාජ්‍ය කකුධ භාණ්ඩයන් ලක්දිව සිංහල රජු භාරයේ තබා පෙරළා කේරළ දේශය බලා පිටත්ව ගියේය දෙවන සේන රජ සමයේ ඇති වූ පාණ්ඩ්‍ය හා සිංහල මිත්‍රත්ව අඛණ්ඩව පැවති බවට මෙය කදිම සාක්ෂියකි
බස් රෙඩියෝහි කප් එකක් ගහන්න කමෙන්ට් එකක් දාල යන්න හොදේ අපි ගියා
commentදැම්මෙ නැතුවට, මම මේ blog එක නිතර කියවනවා, බොහොම ස්තුතියි මේ රසවත් ඉතිහාසවිස්තර වලට
thanks mier