පළමුවන උදය රජතුමා


දෙවන මිහිදු රජුගෙන් පසු උදය කුමාරයා රජු බවට පත්විය ඒ ක්‍රී.ව.797 දීය ඔහු රජ පදවිය භාර ගැනීමට පෙර සිටම පිය රජුගේ සටන්කාමී ක්‍රියා මාර්ගවලට සහය දෙමින් හැඩි දැඩි දිවියක් ගත කළේය ළමා වියේදීම යුද්ධයෙහි දක්ෂයෙක් වූ බැව් කියනු ලැබේ එහෙත් රජ පවුලේ වූ අවාසනාවන්ත ගැටුම් නිසා ඉතා ඛේදජනක සිදුවීම්වලට මුහුණ දීමට ඔහුට සිදු විය

එයට හේතුව උදය රජුගේ කාලයේ අභ්‍යන්තර කැරළි ඇති වීමය රජ පැමිණ ටික දිනකින් රුහුණේ කැරැල්ලක් පැන නැගී අතර එය මැඩ පැවැත්වීමට යුව රජ තනතුරේ සිටි තම පුතා හා ප්‍රධාන සෙන්පති පිටත් කළේය එහෙත් මේ දෙදෙනා රුහුණට නොගියහ ඔව්හු මලය රට කදුකරයට ගොස් රාජ්‍ය අත්පත් කර ගැනීම සදහා කුමන්ත්‍රණයක නිරත විය මේ ද්‍රෝහි ක්‍රියාව උදය රජුට දැනගන්නට ලැබුණි ඔහු සේනා පිරිවරා ගොස් තම පුත්‍රයා හා සේනාපතියා යන දෙදෙනාම මරා දමන ලදී

දාඨශිව නැමැති ආදිපාදවරයා මේ වන විට රුහුණේ පාලනය ගෙන යමින් සිටියේය ඔහුගේ පුත් මහින්ද නම් කුමරු පියා සමඟ අමනාප වී උදය රජු හා පැමිණි ඔහුගේ පිහිට ආරක්ෂාව පැතීය සිය දියණිය මහින්ද කුමරුට ආවාහ කර දුන් උදය රජු රුහුණ ජය ගැනීම සදහා අනුග්‍රහ සලසමින් රජුගේ සේනාවක්ද ලබා දෙන ලදී ඒ සමග පියා හා සටනට ගිය මහින්ද පියාගේ යුද සේනාව පරාජය කර රුහුණු ප්‍රදේශය අත්පත් කර ගත්තේය සිය පුත්‍රයා අතින් පරාජයට පත් වූ දාඨශිව පලා ගියේද ඉන්දියාවටය

උදය රජුගේ කාලය තුළ ද වෙහෙර විහාර කරවීම ඇතුළු ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිදු විය එසේම වෙනත් රජවරු නොකළ වැඩ පිළිවෙළක් ඔහු අනුගමනය කර තිබේ ඒ පසු කාලීන පර්ම්පරාවල ප්‍රයෝජනය පිණිස නඩු තීන්දු සටහන් කර තැබීමය කෙසේ වුවත් උදය රජුට වර්ෂ පහකට වඩා රජකම් කිරීමට නොලැබුණි ක්‍රි.ව.802 දී ඔහු පරලෝ සැපත් විය ඉක්බිති ඔහුගේ පුතුන් තිදෙනෙක් පිළිවෙළින් තිස් වසක් රජකම් කළ බව ඉතිහාසය කියයි මේ අය අතරින් වැඩිමහල් කුමර තෙමේ මහින්ද නම් විය දෙවැනි කුමරු අටවෙනි අග්බෝ නම් විය තුන්වෙනියා දෙවැනි දප්පුල කුමාරයාය

රුහුණේ මේ වන විට රජකම් කළ මිහිදු ඈපාණන්ය ඔහුගේ පුතුන් දෙදෙනා පියා සමග භේද ඇති කරගෙන අනුරාධපුරයට පලා ගොස් ඇත අනතුරුව සිය අභිමතාර්ථය මුදුන් පත් කර ගැනීම පිණිස ඔහු දප්පුල රජුගේ ආධාර පැතීය මෙයින් වැඩිමහළු කුමාරයා කිස් අග්බෝට දප්පුල රජුගේ දියණිය ආවාහ කර දෙන ලදී එහි අවසාන ප්‍රතිඵලය වූයේ ඔහු රජ කුමරිය පාවා ගත් පසු පියාගේ අකල් මරණයෙන් පසුව රුහුණේ රාජ්‍යය භාර ගැනීමය

ගොඩාක් කාලෙකින් නේ කමෙන්ට් එ6කක් දාල යන්න හොදේ

About these ads

One thought on “පළමුවන උදය රජතුමා

  1. බස් රේඩියෝ බ්ලොග් සම්මා උළෙලට සමගාමීව බ්ලොග් සතියක් 07/07/2012 සිට 14/07/2012 දක්වා සංවිධානය කර ඇත. ඒ සඳහා ඔබගේ දායකත්වය සුහදව අපේකෂා කර සිටිමු,

    බ්ලොග් සතිය වැඩසටහනේ දී ඔබ විසින් දෛනිකව ජුලි 07 වෙනිදා සිට ජුලි 14 දක්වා පෝස්ට් පල කල යුතුවේ. (මුල් දින දෙක මඟ හැරුනු බ්ලොග් කරුවන්ට තෙවැනි දින සිට දායක වීමේ හැකියාව ඇත)

    එම සෑම පොස්ට් එකකම අපගේ බ්ලොග් සතිය රුපය syndi.buzzradio.lk යන සබැඳිය සහිතව පල කරීම හෝ අපගේ සබැඳිය බ්ලොග් සටහනට පහතින් එක් කිරීම ප්‍රමාණවත් වේ.

    තවද පහත ගැජට්ටුව ඔබේ අඩවියේ පල කොට අපගේ සම්මාන උළෙලට දායකත්වය දක්වන මෙන් ආරාධනා කර සිටිමු…

    ස්තූතියි

    මෙයට සංවිධායක කමිටුව

    අන්තර්ජාල වින්දනීය නිදහසේ පෙරගමන් කරුවෝ අපම වෙන්නෙමු..
    අපි බස් රේඩියෝ ශ්‍රී ලංකා.


    අහන්න නවතම තොරතුරු – http://www.buzzradio.lk

    බ්ලොග් සම්මාන මිතුරු පිටුව http://www.facebook.com/syndi.buzzradio

    බ්ලොග් සම්මාන සින්ඩිකේටරය http://syndi.buzzradio.lk

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s