දෙවැනි මිහිදු රජුට වෛර බැදි දප්පුල ආදිපාදවරයා


මේකනම් පෝයට හොද නැති ලිපියක් සිල්වතුනි කමක් නැහැයි කියලා හිතුනා රටේ දෙයක් ඔබගේ දෑස මානයට ගේන එක කියලා

දප්පුල මිහිදු රජු විසින් පරාජය කළද හෙතෙම එයින් පසුබට නොවීය හේ රුහුණට පලා ගොස් සිය සොහොයුරියගේ පුත් කුමරුවන් දෙදෙනා හා ඔහුගේ සහචරයින් සහ සේනාවද ගෙන අනුරාධපුරයට ළගා වූහ.මිහිදු රජු වහාම සිය පුත්‍රයාගේ ද ආධාරයෙන් එම රාත්‍රියේම ආක්‍රමණිකයන් පළවා හැර පසුදා යළිත් ඔවුන් සමග සටනට පිවිසියේය මෙහිදී දප්පුල පරාජයට පත් විය අනතුරුව ඔහු මිහිදු රජු සමඟ සමාදානයට කැමති විය

මෙසේ අභ්‍යන්තර කැරළි කෝලාහල තත්ත්වයට හේතුව කුමක් දැයි විමසන රජුට කරුණු තේරුම් ගත හැකි විය එනම් මෙම අරගලවලට මිය ගිය රජුගේ මෙහෙසිය සම්බන්ධ බවයි මිහිදු රජු බල කාමයෙන් සිටි මෙම කාන්තාව සිය මෙහෙසිය බවට පත් කර ගත්තේය

එහෙත් ඥාතීත්වය අනුව මේ සම්බන්ධය ගැලපීමක් නොවීය ඒ නෑදෑකම අතින් ඇය පියාගේ බිරිද වීමයි එහෙත් ඇගේ සිතැගියාවන් තේරුම් ගෙන සිටි රජුට ඇය මරා දැමීම ද කළ නොහැකි දෙයක් විය කෙසේ හෝ මේ විවාහයෙන් පසුව මෙහෙසියගේ කුමන්ත්‍රණය අවසාන වූ බැව් පෙනී තිබේ

කෙසේ වුවත් රජකම පිළිබඳ ආශාවෙන් සිටි දප්පුල ආදිපාද තෙමේ නැවතත් යුද්ධයකට එළඹුණි රජු හා කෙරුණ මේ යුද්ධයෙන් ඔහුගේ සොහොයුරන් දෙදෙනා මිය ගියේය එවිට දප්පුල සටනින් පැන ගියේය එසේ පැන ගිය ඔහු රුහුණට වී නැවත වරක් සටනට සූදානම් විය

දප්පුල සමග සටනකට යාම මිහිදු රජුගේ අරමුණ වූ අතර ඒ සදහා රුහුණු හා මලය රට සටනකට යාම පිණිස මහා සංඝයා රටවාසීන් ඇතුළු ප්‍රභූවරුන්ගෙන් ඒ සදහා අනුමැතිය ලබා ගැනීම අපේක්ෂා කළේය ඒ සදහා මහා සංඝයා ප්‍රමුඛ ඇමතිවරු හා සෙසු ජනයා ථූපාරාමයට රැස්කොට සිය යුද අරමුණ පැහැදිලි කර ඔවුන්ගේ අනුමැතිය ලබා ගත්තේය අනතුරුව රුහුණ බලා යුද්ධයට ගියේය

මිහිදු රජු කඳුරට ගිරි දුර්ග හරහා යමින් කරන ලද යුද්ධයේදී දප්පුල යළි පරජයට පත් විය මෙහිදී රජුට විශාල වන්දියක් ගෙවා සමාදානයකට කැමැත්ත පළ කළ දප්පුල මහවැලි ගග හා ගල් ඔය අතර පිහිටි නැගෙනහිර භූමි ප්‍රදේශයද වන්දි වශයෙන් රජුට පවරා ඇත

කෙසේ වුවත් දෙවැනි මිහිදු රජු ප්‍රබල යුද සෙනෙවියෙකු මෙන්ම දක්ෂ පාලකයෙකු වශයෙන්ද සමත්කම් දක්වා ඇත අභයගිරි විහාරයට අයත් පොහොය ගෙය නම් වූ රත්න ප්‍රසාදය මේ රජුගේ නිර්මාණයකි හෙතෙම ථූපාරාම දාගැබට විශේෂ සැළකිල්ලක් දැක්වීය එසේම පොළොන්නරුවේ ද විහාර දෙකක් ඉදි කරන ලද බව සදහන් වේ

මේ අවධිය වන විට ලංකාවේ උතුරු දිග සැලකිය යුතු දෙමළ ජනතාවක් වාසය කළ බවට සාක්ෂි ඇත ඔවුන්ගේ සිත් දිනා ගැනීමටද මේ රජු උත්සුක විය ද්‍රවිඩයන්ගේ ආගමික ස්ථානද අලුත්වැඩියා කර දීමෙන් ඔවුන්ගේ සිත් ගැනීමට රජු පෙළඹී ඇත එසේම පොදුවේ අංග විකල ජනතාව නැතිනම් ආබාධිතයන් සදහාත් අහිංසක ජනතාව උදෙසාත් දන් දුන් මේ රජු බ්‍රාහ්මණයන්ට ද සැළකිලි දැක්වූ බව සදහන්ය මේ රජු ක්‍රි.ව.797 දී අභාවප්‍රාප්ත වූ බැව් දැක්වේ

About these ads

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s