තුන්වන මුගලන් මහ රජතුමා


දෙවන අග්බෝ රජුගේ සේනාධිපතිව සිටි මුගලන් සෙනෙවි සංඝතිස්ස පලවා හැර ජයග්‍රාහීව තුන්වන මුගලන් නමින් සංහාරූඪ විය මේ අතර සංඝතිස්ස රජුගේ පුත් කුමරුවන්ගෙන් දෙදෙනෙක් අනුරාධපුරයේ රැදී සිටි අතර එයින් එක් අයෙක් පලා ගියේය අනිත් කුමරුවාගේ අත පය කපා දමනු ලැබීය භික්ෂුවක් මෙන් වෙස් වලාගෙන සිටි රජු සහ පුත් කුමරුවාත් , ඇමතිවරයාත් මුගලන් රජුගේ ආරක්ෂකයන් විසින් අල්ලා ගත්හ මුගලන් රජුගේ නියමය පරිදි සීගිරියට ගෙනෙන ලැබූ ඔව්හු මරා දමනු ලැබීය කෙසේ හෝ මලය රටට පළා ගිය පුත් කුමරා එනම් ජෙට්ඨතිස්ස සිය පවුලට කරන ලද අපරාධය වෙනුවෙන් පළි ගැනීමට අවස්ථාවක් ලැබෙන තුරු බලා සිටියේය

මුගලන් රජු සංඝතිස්ස රජුට ද්‍රෝහි කම් කළ ඔහුගේ සේනාධිපතියාට මලය රට රාජ පදවිය ලබා දෙන ලදී මලය රට රජ පදවිය දුන්නත් ද්‍රෝහි සෙනෙවියා තමාටද කිසියම් දිනක ද්‍රෝහි වේයයි සිතූ මුගලන් රජු උපායෙන් ඔහු තමා වෙත කැදවා අත් පා කපා දැමවීය මෙයින් කෝපයට පත් අසිග්ගාහක පදවිය ලැබූ ඔහුගේ පුත්‍රයා මලය රටට පැන ගියේය

මේ වන විට සංඝතිස්ස රජුගේ ඉතිරිව සිටි පුත් ජෙට්ඨතිස්ස මලය රටට වී මුගලන්ගෙන් පළි ගැනීමට බලා සිටින අතර අසිග්ගාහක තනතුර ලබා සිටි සෙනෙවි පුත්‍රයා ගොස් ඔහු හා එක් විය අනතුරුව දෙදෙනාම සේතා රැස් කරගෙන මුගලන් රජු හා සටනට පිවිසීය මේ වන විට එක්තරා ජනපද රෝගයක් පැතිර ගොස් තිබූ නිසා රජුගේ සේනාවේ හේවාකම් කළ වැඩි දෙනෙක් රෝගාතුරව සිටියහ අසිග්ගාහක මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගැනිමට කල්පනා කළේ රජුගේ සේනාවට පහරදී එය පළවා හැරියේය එයින් පසු ඔවුන් ලුහුබදිමින් සටන් කළ අසිග්ගාහකගේ සේනා රජු හා පිරිස මරා දමා අනුරාධපුරයට පැමිණ ජෙට්ඨතිස්ස කුමාරයාට දැන්වීය තමා රජකමට කැදවීම තමාගේ දිවි තොර කිරීමට කළ උපක්‍රමයක් යැයි සැක කළ කුමාරයා මලය රටට වී සැඟ වුණේය

ඔයගොල්ලො හිතන්නෙ ඊට පස්සෙ මොකක්ද වුණේ කියලද කමක් නෑ ඒක ඊළඟ ලිපියෙදී බලමුකෝ කමෙන්ට් එකක් මතකයිනේ අයිබෝ මම ගියා

About these ads

2 thoughts on “තුන්වන මුගලන් මහ රජතුමා

  1. පුතා බ්ලොග් එක සුපිරි ,
    ටික දවසකට සැහෙන ලිපී ප්‍රමාණයක් ලියලත් තියනවා.
    අපේ බ්ලොග් කඩමාළු වගේ නෙමෙයි ලියන දේවල් හරිම වටිනවා.
    බ්ලොග් එකත් ලස්සනට පිළිවෙලට තියනවා
    ඔක්කොම ලස්සනට තියනවා,
    දිගටම ඔහොමයන්.
    මහත්තයෝ ඉස්කෝලේ වැඩටික හරියට කරගන්ඩ ඕන හරිද
    නැත්නම් ඔයාටත්වෙන්නේ මම වාගේ බාසුන්නැහෙ කෙනෙක් වෙන්ඩ

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s