කුමාර ධාතුසේන රජතුමා සහ ඔහු පුත් කීර්තිසේන රජතුමා


මුගලන් රජ දහතුන් වසරක් රජකම් කළ අතර ඔහුගේ ඇවෑමෙන් ඔහු පුත් කුමාරදාස ක්‍රි.ව.512 සිහසුන හිමි කර ගත්තේය ඔහු කුමාර ධාතුසේන යනුවෙන්ද ප්‍රකටය මොහු ද කලාකාමී හදවතකින් හෙබි පාලකයෙක් විය

මේ කාලය වන විට ඉන්දියාවේ බොහෝ පෙදෙස් සමග මෙරට පාලකයන්ගේ සලදතා තිබුණි රාජ්‍ය පාලනය පමණක් නොව සංස්කෘතික හා ලලිත කලා පිළිබඳව මේ සබදතා පැවතුණි ඒ අනුව භාරත දේශයේ මහා කවියෙක් වූ කාලිදාස මේ රජුගේ කුළුපඟ මිත්‍රයෙක් විය ඔහු කුමාරදාස රජු හමුවීමට මෙරටට පැමිණි බවද කියවේ

මෙරට ජනප්‍රවාදයක් අනුව ාලිදාස පිඬිවරයා හා රජු අතර මිත්‍රත්වය කොතෙක්ද යත් සිය මිත්‍රයා අකල් මරණයට පත් වූ විට රජු ඔහුගේ දර සෑයට පැන දිවි නසා ගත්තේ යයි කියනු ලැබේ පසු කාලයන්හිදි රචිත පැරකුම්බා සිරිත වැනි කාව්‍යයන්හි ද මෙය සදහන්ය එහෙත් ‍ඓතිහාසික අංශයෙන් මේ පුවත සනාථ කිරීමට සාක්ෂි නොමැති බැව් ඉතිහාසඥයන්ගේ අදහසයි කෙසේ හෝ කුමාරදාස රජුගේ පාලන කාලය වසර නවයක් බැව් පෙනී යන අතර මේ කාලයේ කලා කටයුතු අතින් කිසියම් දියුණුවක් දක්නට ලැබුණ බව සමහරුන්ගේ අදහසයි

කුමාරදාස රජුගේ අභාවයෙන් පසු ලක් රජය සිහසුන හිමි කර ගෙන ඇත්තේ කුමාරදාස රජුගේ පුතණුවන් වූ කීර්තිසේන කුමාරයාය එහෙත් කීර්තිසේන රජුගේ රාජ්‍ය කාලය පිළිබඳව මූලාශ්‍රවල සඳහන් තොරතුරු විරලය

තවත් ලිපියකින් හමුවෙමු හොදේ මතකයිනේ කමෙන්ට් එකක් දාල යන්න හොදේ ඔන්න මම ගියා

About these ads

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s