ඔන්න පෝස්ට් 150 වෙනි එක ඔභලටම තිළිණ කළා මම ප්‍රේක්ෂකයෙක් කියල තිබුණා ඉක්මණින්ම 500 ට යමු කියලා මටත් හිතුණා ඉක්මණින්ම එයටත් යන්න ඔන්න 151 වෙනි පෝස්ටුව මම කියන්න යන්නේ දෙවන විජය රජතුමා ගැන
දෙවන සිරිනාග රජුගෙන් පසු සිහසුන හිමි කර ගත්තේ සිරිනාග රජුගේ පුත්‍රයෙක් වූ විජය කුමාරයාය බු.ව.785 දී රාජ්‍ය පාලනය ලබා ගත් ඔහුව වංශ කථාකරුවන් විසින් හදුන්වනු ලබන්නේ දෙවන විජය යන නමිනි රාජාවලිය හා නිකාය සංග්‍රහය යන කෘතිවල විජයිදු යනුවෙන් දක්වා ඇත්තේද මේ රජතුමාය
මේ රජුට රාජ්‍ය ගෙන යාමට හැකි වූයේ වසරක් පමණි මේ වන විට අනුරාධපුරය බලා මහියංගණයේ සිට පැමිණ සිට ලම්බකර්ණ වංශික සංඝ තිස්ස කුමරු රජ වාසල සේනාපති පදවිය සිටියදී දෙවන විජය රජු මරා සිහසුන අත්කරගෙන ඇත මේ නිසා විජය කුමරා හෙවත් විජයිදු රජ කම් කරන්නට ලැබුණේ එක් වසරකි
තවත් ලිපියකින් හමුවෙමු