අභයනාග රජුගෙන් පසු සිහසුන උරුම කර ගනු ලබන්නේ වොහාරික තිස්ස රජුගේ පුත්‍රයා වූ සිරිනාග කුමරුය සිරිනාග නමින් රජ පත් දෙවැන්නා මොහු නිසා වංශ කථාකරුවන් දෙවැනි සිරිනාග යනුවෙන් මේ රජු හදුන්වනු ලැබේ කෙසේ වුවත් මොහු රාජ්‍ය බලය ලබා ගන්නට ඇත්තේ වයස්ගත වීමෙන් පසුව විය හැකිය
වංශ කථාකරුවන් දෙවැනි සිරිනාග ගැන තබා ඇත්තේ ඉතාම සුළු සදහනකි මහා බෝධියේ වට ප්‍රකාරය ප්‍රතිසංස්කරණ කිරීම මහ බෝ ගෙයි වැලි මළුවේ මණ්ඩපයක් තැනවීම වැනි පුණ්‍ය කටයුතුවල ඔහු නිරත වූ ඇත මොහුගේ රාජ්‍ය සමය දෙවසරක් පමණක් විය බු.ව.785 දී ඔහුට සිහසුන අතහැරීමට සිදුවිය
ඔන්න ඊළඟට එන්නේ 150 වෙනි ලිපිය කවුරුත් කමෙන්ට් එකක් දාන්න ලෑස්ති වෙන්න හොදේ මට ඒක ලොකු සතුටක්